
Hana Korean Academy
10.9K subscribers
About Hana Korean Academy
*ඔබට අවශ්‍ය සියලුම තොරතුරු දැන ගැනීම සඳහා සහ ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා පහත සඳහන් දුරකථන අංක භාවිතා කරන්න.*👇 ⭕️ +94 74 167 4040 (ගුරුතුමා) ⭕️ +94 74 114 4040 (පියුමන්ත සේමසිංහ - Admin) ⭕️ +94 76 803 1043 - බිල්පත්(Payment slips) යොමු කිරීම් සහ සියලුම පන්ති පිළිබඳව විස්තර දැන ගැනීම සඳහා... ⭕️ +94 77 764 9776- ප්‍රශ්න පත්‍ර පන්ති ගෙවීම් බිල්පත්(Paper class payment slips) යොමු කිරීම්... 🔸 𝒀𝒐𝒖𝑻𝒖𝒃𝒆 𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍 𝑳𝒊𝒏𝒌 https://youtube.com/@hanakoreanofficial 🔸 𝑭𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝑷𝒂𝒈𝒆 𝑳𝒊𝒏𝒌 https://web.facebook.com/hanakoreanacademy/ 🔸 𝑾𝒉𝒂𝒕𝒔𝑨𝒑𝒑 𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍 𝑳𝒊𝒏𝒌 https://whatsapp.com/channel/0029Va75KGrChq6E9avtiT1b 🔸 𝑻𝒊𝒌𝑻𝒐𝒌 𝑨𝒄𝒄𝒐𝒖𝒏𝒕 https://www.tiktok.com/@hana.kofficial ᴴᴬᴺᴬ ᴷᵒʳᵉᵃⁿ ᴬᶜᵃᵈᵉᵐʸ ⁻ ᴺⁱᵏᵃʷᵉʳᵃᵗⁱʸᵃ
Similar Channels
Swipe to see more
Posts

තව දින 𝟎𝟔 😍 මැයි 𝟐𝟒 වැනි සෙනසුරාදා දින රාත්‍රී 𝟎𝟖.𝟑𝟎 සිට 𝟵.𝟯𝟬 දක්වා ඔබේ ආදරණීය මනාප පල කලහැක . ඔබගේ 🆂🅼🆂 මනාපය ඕනෑම ජාලයකින් 𝐀𝐤𝐡𝐢𝐥𝐚 𝐃𝐢𝐬𝐬𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐞 හට ලබාදීමට නම්, 𝐓𝐕𝐒 (හිස්තැනක්) 𝟏𝟑 යොදා 𝟕𝟕𝟖𝟖 ට 𝐔𝐧𝐥𝐢𝐦𝐢𝐭𝐞𝐝 🆂🅼🆂 කරන්න. 𝐓𝐕𝐒 𝟏𝟑 --->Send 𝟕𝟕𝟖𝟖 ✅ නොමැති නම්, 𝐐𝐑 𝐂𝐨𝐝𝐞 එක 𝐒𝐜𝐚𝐧 කර හෝ පහත 𝐋𝐢𝐧𝐤 එක හරහා ඔබගේ 𝐕𝐨𝐭𝐞 එක පල කළ හැකිය. 👇 voice.sirasatv.lk ✅ ඒවගේම, පහත Facebook පිටුව, Youtube චැනලය සහ TikTok ගිණුම Follow කරල, Share කරල තබා ගන්න. 👇 Follow and Share Facebook Page: https://www.facebook.com/profile.php?id=61574607458255&mibextid=JRoKGi Youtube: https://youtube.com/@akhila_dissanayake?si=Hi_ZAx3JB-RsHi7g TikTok: www.tiktok.com/@akhila_dissanayake Whatsapp channel : https://whatsapp.com/channel/0029Vb61DZAKAwEsIrFPim41

සල්ලි තිබ්බත් නැතත් ක්ලාස් එක තියෙන මනුස්සයෙක් වෙන්නේ මෙහෙමයි. ක්ලාස් එක කිව්වහම ඉස්කෝලෙ යන කාලේ නම් අපේ ඔලුවට ආවේ අපි ඉගෙන ගන්න පංතිය. කැම්පස් ගියපු කාලේ ක්ලාස් එක කිව්වේ ලැබෙන පංති සාමාර්ථයට. හැබැයි ඊට පස්සේ ක්ලාස් එක කියලා හැමවෙලේම හඳුන්වන්නේ සමාජ පංතිය ගැන. මේ සමාජ පංතිය නිර්වචනය කරන විවිධ ආකාර තියෙනවා. හැබැයි අපි පොදුවේ හඳුන්වන පංතිය, ක්ලාස් එක නැතිනම් ක්ලාසිනස් කියලා කියන්නේ මනුස්සයෙක්ගේ කොලිටිය ගැන. ඕන නම් නිර්ධන පංතියේ මනුස්සයෙක්ට වුනත් හොඳ ක්ලාසි මනුස්සයෙක් වෙන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. ඔය ක්ලාසි කියන එක බොහොම අමුතු, අපූරු දෙයක්. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි ක්ලාසි ගතිය සල්ලි වලට ගන්න බැරි වීම. සමහරු සල්ලි තියෙන නිසා ඉතාම හොඳට ඇඳලා පැළඳලා හිටියත්, සමහර වෙලාවට කට ඇරපු ගමන් ක්ලාස් එක බිම. එතකොට තව සමහරු ඉන්නවා කොයි තරම් දැනඋගත් වුනත් පෙනුමෙන් කිසිම ප්‍රියතාවයක් ඇතිවෙන්නේ නැහැ. එහෙම අයගෙත් ක්ලාස් එකක් බැලූ බැල්මට පෙනෙන්නේ නෑ. හැබැයි ක්ලාසි වෙන්න කරන්න ඕන දේවල් ඔතනින් අවසන් වෙන්නෙත් නෑ. තව තියෙනවා. එතකොට මේ ක්ලාස් එකේ එහෙම නැතිනම් ක්ලාසිනස් එකේ තියෙන විශේෂම දේ තමයි, ඕනම කෙනෙක්ට උත්සාහයෙන් ක්ලාසි වෙන්න පුළුවන් වීම. එහෙම ක්ලාසි වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ කියන්න යන්නේ. 1. පෙනුමේ කොලිටිය අපි කලිනුත් කියලා තියෙනවා පෙනුමෙන් මනුස්සයෙක්ගේ ක්ලාස් එක පවත්වගන්නේ කොහොමද කියන එක ගැන. ඒ කියන්නේ මුදල් හදල් තත්ත්වය කොහොම වුනත්, කෙනෙක්ට තැනට ගැලපෙන විදියට, පිළිවෙලට අඳින්න පළඳින්න බැරි නැහැනේ. තමන්ට තියෙන්නේ එක ඇඳුමක් වුනත්, ඒක ඇඟට ගැලපෙන විදියට, පිළිවෙලට, පිරිසිදුවට අඳිනවා නම් අන්න ඒක ක්ලාසි. විශේෂයෙන්ම තමන්ගේ ඇඟට ෆිට් වෙන විදියේ, අනවශ්‍ය විදියට ඇඟට වඩා ලොකු නැති විදියේ ඇඳුම් තමයි කෙනෙක්ට ගැලපෙන්නේ. සපත්තු දෙක කොයි තරම් පරණ වුනත් පොලිෂ් කරලා, හොඳ තත්ත්වයෙන් පළඳිනවා නම් ඒකෙන් ක්ලාස් එක ඔප්නැංවෙනවා. එතකොට තමන්ගේ ඇඳුම් ආයිත්තම් වලට ඕන බෙල්ට්, පර්ස් වගේ අමතර උපාංග ගෑණු ළමයෙක්ට නම් පර්ස්, හෑන්ඩ්බෑග් වගේ උපාංග වගේම පළඳින ආභරණ ආයිත්තම් වුනත් සරල වෙන තරමට කෙනෙක්ගේ ක්ලාස් එක ඉස්මතු වෙනවා. 2. පර්සනල් ගෘමින් වැදගත් මේ පර්සනල් ගෘමින් කියන්නේ රොකට් සයන්ස් නෙවෙයි. කෙනෙක්ට තමන්ගේ පෙනුම මනාව පවත්වාගන්න, රැවුල හොඳින් කපලා හෝ ගාණට ට්‍රිම් කරලා, පීරලා, කොණ්ඩය හොඳට පීරලා, පෞද්ගලික පිරිසිදුකම මනාව පවත්වා ගෙන, නියපොතු කපලා, දත් මැදලා පිරිසිදු කරගෙන ඉන්න බැරි කමක් නෑනේ. මෙන්න මේ දෛනිකව තමන්ගේ ශරීර සෞඛ්‍යය හා පිරිසිදුකම පවත්වා ගන්න චර්යා රටාවන් නිසා කෙනෙක්ට ඉබේම හොඳ ක්ලාසි පෙනුමක් ලැබෙනවා. තමන්ට ශරීර යෝග්‍යතාවයත් හොඳින් පවත්වා ගන්න පුළුවන් නම් මේ ක්ලාසිනස් එක තවත් ඔප් නැංවෙනවා. 3. ට්‍රෙන්ඩ් එක! සාමාන්‍යයෙන් දැන් ඔය ෆැෂන් ලෝකේ විතරක් නෙවෙයි, සෝෂල් මීඩියා වල වුනත්, සාමාන්‍ය සමාජයේ වුනත් නොයෙකුත් ට්‍රෙන්ඩ්ස්, ඒ කියන්නේ රැළි එනවා. සමාජේ ඉන්න ගොඩක් දෙනෙක් ඒ රැළිත් එක්කම යන්නත් උත්සාහ කරනවා. හැබැයි ඔතනදී මෙහෙම දේකුත් තියෙනවා. ඔය හැම රැල්ලක්ම තමන්ට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, අලුතෙන්ම එන බැගී ෆැෂන් රැල්ල ඇත්තටම ගැලපෙන්නේ නවයොවුන් අවදියේ ඉන්න අයට වෙන්න පුළුවන්. එතකොට වයසින් වැඩි මනුස්සයෙක් ඒ ෆැෂන් එක කරන්න ගියහම ඉබේම ඒ මනුස්සයාගේ ක්ලාස් එක බහිනවා. ෆේස්බුක් රැළි සහ වෙනත් රැළි ගත්තත් ඒක එහෙමම තමයි. උදාහරණයක් විදියට ඩක්ෆේස් සෙල්ෆි දාන රැල්ලක් එන්න පුලුවන්. හැබැයි යම් කිසි මනුස්සයෙක්ගේ වයසේ සහ තත්ත්වයේ හැටියට එහෙම එකක් කළහම ක්ලාස් එක නැතිවෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමන්ට ගැලපෙන ට්‍රෙන්ඩ්ස් විතරක් අනුගමනය කරන්න පුරුදු වෙන්න වුවමනායි. 4. කථා බහේ කොලිටිය ඇත්තටම කෙනෙක්ට ක්ලාස් එකක් පවත්වා ගන්න නම් හොඳ අධ්‍යාපනයක් අත්‍යාවශ්‍යයි. මේ කියන්නේ විධිමත් අධ්‍යාපනය ගැනම නෙවෙයි. අවිධිමත් අධ්‍යාපනය වුනත් කමක් නෑ. අධ්‍යාපනයෙන් කෙනෙක්ගේ සිතන පතන විදිය, කතාබහ කරන විදිය, ලෝක දැක්ම වගේ දේවල් වලට ආලෝකයක් ලැබෙනවා. අන්න එතකොට එහෙම මනුස්සයෙක් එක්ක කතාබහ කරනකොට ඒ කතාබහේ ලොකු කොලිටියක් දැනෙනවා. අන්න ඒක තමයි ක්ලාස් එක කියන්නේ. විශේෂයෙන්ම තැන නොතැන නොබලා කුණුහරුප කියන, චාරයක් නැතුව කතා කරන, කෙනෙක්ට නිගරු වෙන විදියට කතා කරන අයට ක්ලාස් එකක් නැහැයි කියන එක අපිට හිතට යන දෙයක්. ඒ වගේම තමයි, තමන් හොඳ ආත්ම විශ්වාසයක් ඇතුව, පැහැදිලිව කතා කරන එකත්, වාචාල කතා නොකියන එකත්, අනවශ්‍ය දේවල් කතා නොකරන එකත් ක්ලාසි වීමේ පැහැදිලි ලක්ෂණ. 5. නිගරු කිරීම් මොනවාද, කොන් කිරීම් මොනවාද කියා දැන සිටීම සමහර මිනිස්සු ඉන්නවා, කොච්චර දැනඋගත් කම් තිබුණත්, මුදල් හදල් තිබුණත් දන්නේ නැති එකම දේ තමයි තවත් කෙනෙක්ට ගරු කරන්නේ කොහොමද, කෙනෙක්ව කොන් නොකරන්නේ කොහොමද, කෙනෙක්ව ඒ ආකාරයෙන්ම පිළිගන්නේ කොහොමද කියන එක. ආන්න ඒ වගේ අයගේ කිසිම ක්ලාස් එකක් පේන්නෙත් නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, “ගෑණුන්ට කොහෙද මොළේ” කියලා උපහාසෙට හිනාවෙන මනුස්සයෙක්ගේ කිසිම ක්ලාස් එකක් නෑ. වෙනත් ජාතියකට, වෙනත් ආගමකට කොන් කිරීමක්, වෙනස් කමක් නොකර සලකන්න දන්නේ නැති මනුස්සයෙක්ගේ කිසිම ක්ලාස් එකක් නෑ. තමන්ට වඩා වැඩිමහලු වේවා, බාල වේවා, තත්ත්වයෙන් උසස් වේවා, තත්වයෙන් පහත් වේවා කෙනෙක්ට ගරු සරු ඇතිව කතා කරන්න දන්නෙ නැති කෙනෙක්ගේ ක්ලාස් එකක් නෑ. ආන්න ඒ නිසා ක්ලාස් එකට මේවා වැදගත්. 6. කොලිටි ආකල්ප තියෙන මනුස්සයෙක් වීම ක්ලාසි මනුස්සයෙක් කියන්නේ හොඳ කොලිටීස් තියෙන මනුස්සයෙක් වීම තමයි. අන්න ඒකට පෙනුමේ කොලිටිය, කතාබහේ කොලිටිය වගේම ආකල්ප වල කොලිටියත් වැදගත් වෙනවා. ඇත්තටම උඩ කියලා තියෙන ගරු කටයුතු හැසිරීමටත් මේ ආකල්ප වල කොලිටිය වැදගත් වෙනවා. ආකල්ප වල කොලිටිය කිව්වහම සෑහෙන පුළුල්ව කතා කරන්න ඕන දෙයක්. හැබැයි පොදුවේ කියන්න පුළුවන් තමන්ගේ රැකියාව සම්බන්ධයෙන් වුනත්, සමාජයේ වෙනත් දෙයක් සම්බන්ධයෙන් වුනත් ප්‍රොෆෙෂනල් විදියට කටයුතු කිරීම, හැම දේකදීම තමන්ගේ සීමාවන් හරියාකාරව පවත්වා ගැනීම, තමන් කරන කියන දේවල් සම්බන්ධයෙන් හොඳ අවංක, අකුටිල, අව්‍යාජ භාවයක් පවත්වා ගැනීම වගේ දේවල්. උදාහරණයක් විදියට කිවුවොත්, අනුන්ගේ කුණු හෙවීම, ඕපදූප කතා කිරීම, කේලම් කීම, නැති තැන දොස් කීම වගේ දේවල් කොලිටියක් නැති මනුස්සයෙක්ගේ ගති ලක්ෂණ තමයි. 7. ක්ලාස් එක ගැන කතා නොකිරීම අවසාන වශයෙන් මේකත් කියන්න ඕනමයි. තමන්ගේ ක්ලාස් එක ගැන ලොකු කම් නොකියවීම, තමන් ගැන ලොකුකම් නොකියවීම අනිවාර්යයෙන්ම හොඳ ක්ලාස් එකක් තියෙන මනුස්සයෙක්ගේ ලක්ෂණයක්. “මම හොඳ ක්ලාස් එකක් තියෙන කෙනෙක්”, “අපේ මමී ඩැඩී අහවල්ලු”, “අපි කවුද උන්ව ගණන් ගන්න” වගේ ටෝක්ස් නොදීම වගේම තමන්ට තියෙන දේවල්, තමන් ලඟා කරගත්තු දේවල් ගැන පම්පෝරි නොගහන එකත්, වැදගත් ක්ලාස් එකක් හිමි පුද්ගලයෙක්ගේ ලක්ෂණයක්. ඇත්තටම ක්ලාස් එකක් තියෙන මනුස්සයෙක් වෙන්න තියෙන්න ඕන තවත් දේවල් කියන්න පුළුවන්. හැබැයි ආයෙමත් කෙටියෙන් කිවුවොත්, කොලිටියක් තියෙන මනුස්සයෙක් වෙන එක තමයි ක්ලාස් එකක් තියෙන මනුස්සයෙක් වෙන එක කියන්නේ. දැන් තේරෙනවා නේද ක්ලාස් එකක් තියෙන කෙනෙක් වෙන්න සල්ලි, බලය අවශ්‍ය නෑ කියලා!

https://www.facebook.com/share/p/12MahWYpeRV/?mibextid=wwXIfr ❇️ Like, Comment and Share… ᴴᴬᴺᴬ ᴷᵒʳᵉᵃⁿ ᴬᶜᵃᵈᵉᵐʸ ⁻ ᴺⁱᵏᵃʷᵉʳᵃᵗⁱʸᵃ

UBT Exam System ©️ADEE With South Korea

https://www.facebook.com/share/p/1JYJQjRmeL/?mibextid=wwXIfr ❇️ Like, Comment and Share… ᴴᴬᴺᴬ ᴷᵒʳᵉᵃⁿ ᴬᶜᵃᵈᵉᵐʸ ⁻ ᴺⁱᵏᵃʷᵉʳᵃᵗⁱʸᵃ