❝ හීන ɯιƚԋ ᴛᴀʟᴋ ᴛᴏ ʜᴇᴀʀᴛ🤍🪄🇱🇰 ❞
❝ හීන ɯιƚԋ ᴛᴀʟᴋ ᴛᴏ ʜᴇᴀʀᴛ🤍🪄🇱🇰 ❞
February 15, 2025 at 01:56 PM
*"කැම්පස් යන්නනම් ලොකු දක්ෂතාවයක් තියෙන්න ඕනි. ඒත් පේරාදෙණියට යන්න දක්ෂතාවේ විතරක් මදි.දන්නවද ඒකට ලොකු පිනකුත් තියෙන්න ඕනි" උසස් පෙළ කරන කාලේ අපෙ සර් කෙනෙක් ඔහොම කතාවක් කිව්වා.* *ලේක්ච හෝල් එකෙන් එළියට එද්දී මගේ මුණේ සරදම් හිනාවක් ඇදුනේ ඒ කතාව මතක් වෙලා."අහවල් පින දැම් 5යි යන්තම් ලේක්චස් ඉවරයි,කියාපු මෙලෝ අලයක් තේරුනෙත් නැ. දැන් ඉතිං රැ වෙනකම් නොට් හදන්,නිදි මරන් අසයින්මන්ට් තොගෙයි,ලැබ් රිපොටුයි ලියාපන්කෝ. යන්තම් 1ස්ට් ඉයර් එක තව. පුදුම කරුමයක් තමයි මේක....."* *ඔහොම හිත හිත අක්බාර් පාලම දිහාට ඇවිදන් ගියේ පුරුද්දට වගේ.ආ මහවැලි ගඟ හැමදාම වගේ කිසි කලබලයක් නැතුව ඔහෙ ගලාගෙන යනවා. හන්තාන දිහාවෙන් ආපු සීීතල හුළඟ මගේ කේස් ටික තවත් අවුල් කරනවා.හැමදාම වගේ හිතට දැනෙන අමුතු හැඟීම අදත් මට සැනසීම අරන් ඇවිත්.විනාඩියක් ඇස් දෙක පියාගෙන මන් ඒ මොහොත උපරිමෙන්ම වින්දා.* *ඉක්මනට යන්න ඕනෙ.කොළ පාට විසාල හිච් ගහ මගේ දිහා බලලා අත වනනවා වගේ...මෙච්චර ලොකු ගහක්, පළාතක් වහගෙන හරියටම ගස් රජෙක්...මන් පහලට බැහැලා මල් පාර දිගේ යන්න ඕනි. ඉර බහිනවා බලාගෙන යන්න පුළුවන්.මන් අහස දිහා බලද්දී තමයි දැක්කේ හන්තාන කන්ද වහගෙන කලු වළාකුළු. වහියි වගේ, ලාවට පොදක් ගියොත් හොදයි. ම්ම්ම් එක එක විදියේ මල් පිපිලා මල් පාර දිගට.* *මතක බංකුව උඩ අලුතින්ම හිච් උනු කපල් එකක් ඇඹරෙනවා ඇබරිල්ලක්....මගේ හිතත් ලාවට කිතිකැවිලා ගියා ඒ දෙන්න දැකලා.* *ඔන්න ලවූ ලේන් එක ළඟට යන්න බැරි වුණා හිරි පොද වැස්සක්...අද මන් තනියෙන් කවුරුත් නැ පාරෙ වැඩිය, හවස් වෙලා ඒ මදිවට, ඒත් හිතේ පුංචි බයක්වත් නැ.ඔව් කැට් කෝලින් විසිල් ගැහිලි ඔය 2යි 50හෙ සිල්ලර වැඩ නැහැ නේ. පේරාවල මේ ලස්සන උප සංස්කෘතිය අපිව වගේම මේ කැම්පස් එකත් මොන තරම් ආරක්ෂා කරනවද?* *ඔහොම හිත හිතා මන් ඇවිදන් ආව. දැන් නම් නාදන් ඒකත් පේනවා.....දන්නෙම නැතිව ඇවිත්නෙ...තාමත් හිරි පොද වැටෙනවා. එක අතකට මේ හිතල හිරිකඩට කුඩ ඉහලන ඒක මහ අපරාධක්, මන් කූඩේ අකුළගත්තා. චුට්ටක් තෙමුනට මක් වෙනවාද?* *"මොකෝ මිස් කුඩේ තියන් තෙමෙන්නේ" සුපුරුදු හිනාවෙන් සිකුරිටි අංකල් අහනවා....මොන තරම් සැනසීමක් ද ඒ හිනාව. මෙහෙ ඉන්න ගොඩක් අය හිනා වේලාමයි ඉන්නෙ.අහස උසට ප්‍රශ්ණ තිබිලත් සැනසීමේ හිනාවෙලා ඉන්නවා. ඒ මේ ලස්සන පරිසරේ ඒ හිත් වලට සැනසීම අරන් එන නිසා.* *ඔව් ඒ කොළ පාට,පොද වැස්ස,හිතල හුළං, මීදුම් පටල, හන්තාන කන්ද,මහවැලි ගඟ මේක නම් මන් පෙර කරපු පිනක්.ඔව් මොන තරම් වාසනාවක්ද මේ පිංබිමේ ඉගෙන ගන්න ලැබුණු එක.........* *වෙහෙසකර දවසක අවසානයේ අපෙ හිත් නිවලා සනසනවා මේ ආදරණීය පේරාදෙණිය....ආපහු කවදාවත් ගැලවෙන්න බැරි විදියට ඇබ්බැහි වෙලා ඒ සැනසීමට..ඔව් වශී වෙලා ඒ කොළ පාටට......* නියුරි Niyuri Disanayaka > *❛ᴀʟʟ ᴄʀᴇᴅɪᴛ ɢᴏᴇꜱ ᴛᴏ 𝙾𝚁𝙸𝙶𝙸𝙽𝙰𝙻 𝙰𝚄𝚃𝙷𝙾𝚁❜* *❝හීන┃𝙱𝙴𝚂𝚃 𝙼𝙾𝚃𝙸𝚅𝙰𝚃𝙸𝙾𝙽❞ᴬ&ᴺ 🇱🇰🕊️*
❤️ 🥺 ❤‍🩹 💗 ♥️ 💚 😘 💙 💛 😂 187

Comments