❝ හීන ɯιƚԋ ᴛᴀʟᴋ ᴛᴏ ʜᴇᴀʀᴛ🤍🪄🇱🇰 ❞
❝ හීන ɯιƚԋ ᴛᴀʟᴋ ᴛᴏ ʜᴇᴀʀᴛ🤍🪄🇱🇰 ❞
February 15, 2025 at 04:31 PM
*ඔයාටත් මේ වැඩේ වෙනවද කියන්න මම දන්නේ නෑ, ඒත් මං එක දෙයක් කරන්න වාඩි වුණාට පස්සෙ, එච්චර වෙලා අමතක වෙලා තිබුණු, ඒත් කරන්ට ඕනේ කියල මං හිතාගෙන හිටපු තවත් පුංචි පුංචි වැඩ කෝටියක් විතර හිතට එනවා. එතකොට මට ඕනේ මේක කරන්න වගේම ඒ වැඩේ කරන්නත්. ඊටපස්සෙ වෙන්නෙ එක්කො අර කරන්න ගත්තු වැඩේ එහෙමම අතරමඟ දාලා ඒ වැඩේ කරන්න යනවා. එහෙම නැත්තං ඒක පස්සෙ කරනවා කියලා එවලෙට අමතක කරල දානවා. ඒත් පස්සෙ ඒක හුඟක් වෙලාවට ඒක ආයිත් මතක් වෙන්නෙ පහුවදා දවසෙ.* *ඉතින් මෙන්න මේ ගැටලුවට විසඳුමක් විදියට මං තියාගෙන ඉන්නවා distraction list එකක්. මේකට brain dump list කියලත් හුඟක් අය කියනවා. ඒ කියන්නේ එක වැඩක් කරන අතරතුරේ ඔලුවට එන, ඊටපස්සෙ අමතක වෙන පුංචි පුංචි දේවල් එවලෙම ටක් ගාලා පොඩියට සටහනක් දාගන්න පුලුවන් පුංචි note book එකක් ළඟ තියාගෙන ඉන්නවා. ඒක කරදර වෙලාවට note pad එකේ එක folder එකක ඒක note කරගන්නවා. ලොකු විස්තර නෙවෙයි පොඩියට වචනෙකින් දෙකකින් වගේ. ඉතින් මේක to do list එකක් එහෙම නෙවෙයි හොඳද.. මේකට දාන්නෙ දැන් මට මතක් වෙන, පසුව කරන්න මතක තබා ගත යුතු දේවල්.* *ඒවා එහෙම සටහන් කරගෙන පස්සෙ හිමිහිට අපිට පුලුවන් ඒක බලල ඒ දේවල් කරන්න time හොයාගන්නත් priority එක අනුව අපේ to do list වලට ඒවා එකතු කරන්නත්.* *වැදගත්ම දේ වැඩ සහ කරුණු අමතක වෙන්නෙ නෑ. ඉතින් මීටපස්සෙ එහෙම මතක් වෙද්දි මේකෙ පොඩි සටහනක් දාලා ඔයා කරමින් ඉන්නා කාර්යය දිගටම සම්පූර්ණ කරන්න..* *එතකොට වැඩ බාගෙට නවත්තලා තව වැඩක් කරන්න යන්නෙත් නෑ. වැඩ අමතක වෙන්නෙත් නෑ.* *එහෙනම් මේකත් උත්සාහ කරල බලන්ට!* > ✍️ - Madhushika Udagedara | Happy Life *කරුණාකර උපුටාගැනීමේදී කතෘ අයිතිය සුරකින්න.* > *❛ᴀʟʟ ᴄʀᴇᴅɪᴛ ɢᴏᴇꜱ ᴛᴏ 𝙾𝚁𝙸𝙶𝙸𝙽𝙰𝙻 𝙰𝚄𝚃𝙷𝙾𝚁❜* *❝හීන┃𝙱𝙴𝚂𝚃 𝙼𝙾𝚃𝙸𝚅𝙰𝚃𝙸𝙾𝙽❞ᴬ&ᴺ 🇱🇰🕊️*
❤️ 👍 💗 💜 27

Comments