Ruka Status 🇱🇰
Ruka Status 🇱🇰
February 16, 2025 at 04:26 AM
හිත රිදුනම දුක හිතුනම. 💔 Fb, whatsapp status දාගෙන අවධානය හොයන්නැති මිනිස්සු, තනිකමක් දැනුනම 'අනේ මට තනියි' නොකියා සින්දුවක් අහගෙන පාඩුවෙ ඉන්න මිනිස්සු, තමන් කවුද කියලා ඔප්පු කරන්න ඕනි තරම් සාක්ශි තිබිලත් 'කවුරු මොනා හිතුවම මට මොකද' කියලා පැත්තකට වුන මිනිස්සු, ලෝකෙ හැල්මෙ දුවද්දි තමන්ගෙ ගමන තනියම හෙමීට යන මිනිස්සු, කාලයත් එක්ක වෙනස් වුන මිනිස්සු අතරෙ කාලයට වෙනස් වෙන්න දීලා ඒ වෙනසට හැඩ ගැහුනු මිනිස්සු, අනුන්ගෙ සතුට වෙනුවෙන් පුලුවන් තරම් මහන්සි වෙලා ස්තූතියක්වත් නැතුව පිට වුන මිනිස්සු, ඕන තරම් අවස්තාවන් තිබිලත් 'කමක් නෑ මේ ඇති' කියලා හිත හදාගත්ත මිනිස්සු, අඬන්න හේතු දාහක් අතරෙත් හේතුවක් නැතිවම හිනා වෙන මිනිස්සු, ලෝකෙට ම කෑගහලා කියන්නෝනි දේවල් වතුර කරාමයක් ඉස්සරහා ඉකි ගගහා පිට කරපු මිනිස්සු, පුලුවන් තරමක් අසාධාරනකම්වලට මූණ දීලා 'සාධාරනය' කියන්නෙ වචනයක් විතරයි කියන යථාර්ථය පිළිගත්ත මිනිස්සු, කොච්චර අඩුපාඩු තිබුනත්, ලෝකයා මොන දේ කිව්වත් 'තමන්ව' හරි ලස්සනට භාර ගන්න මිනිස්සු, නිදහසට කරුණු එකට සීයක් කියන්න තරම් අවස්තාව තිබිලත් වැරදිකාරයා වෙලා නිහඬ වුන මිනිස්සු, කවි, කතන්දර ලියන මිනිස්සු අතරෙ ලියවුනු කවි කතන්දර ඇතුලෙ තමන්ගෙ කතාව හොයන මිනිස්සු, තනුවට වඩා පද පෙලට ආදරේ කරන මිනිස්සු, බලාපොරොත්තුවක් හෝ නැතුව ම මග බලන මිනිස්සු, අතහැරෙන්න ඉඩ දීලාත් දුරින් ඉදන් පරිස්සම් කරන මිනිස්සු, මහ හයියෙන් හිනාවෙන අතරෙ දහස් වාරයක් අත්‍යන්තරයෙන් හඬා වැටෙන මිනිස්සු, දන්නවද... ගතින් මැරෙන්නත් කලින් ම හිතින් මැරුන ඒ මිනිස්සු දිනෙක පොළොවට පස් වෙනවා.. 🤍✨
❤️ 🥺 🥹 😢 ❤‍🩹 👍 😟 🩵 🩷 52

Comments