BOSA's World__🕊️ᥫ᭡ "
BOSA's World__🕊️ᥫ᭡ "
February 13, 2025 at 05:05 PM
🌈 *එක සඳයි - තරු තුනයි*🌈 - එක සඳකට තරු තුනක් පෙම්බඳි. - 🄴🄿🄸🅂🄾🄳🄴 4️⃣5️⃣ සඳුන්ගේ තුරුලේ මිනෝලිට දැනුනේ පුදුමාකාර සැහැල්ලු බවක්. නිදහස් බවක් සහ සැනසීමක්. සඳුන්ගේ තුරුලේ දැනුනු සුව පහසු බව නිසාම කෙල්ලට නින්දත් ගියා. මිනෝලි නැවත දෑස් ඇරියේ විනාඩි පහළවකට විතර පස්සේ. *" අනේ ඔයාට ගොඩක් පිං සඳුන් අයියේ පොඩි වෙලාවක් හරි මේ සැනසීම මට දුන්නට...." මිනෝලි එහෙම කිව්වත් සඳුන් ඒ මිනෝලි කියපු දේට මොකුත් ම කියන්න ගියේ නෑ. සඳුන් මේ වෙලාවේ ඉන්නේ හොඳට ම ගොළුවෙලා. සඳුන්ට හිතෙන්නේ මේ ඉන්නේ මිනෝලි කියලා නෙමෙයි. මේ ඉන්නේ තමා අදටත් පෙම් බඳින අසෙලි වගේ හැඟීමක්. " ඔයා දන්නවද සඳුන් අයියේ....මම මගේ ජීවිතේ ගත කරපු ලස්සන ම කාළේ ගත කළේ මායි සංදේශුයි ආදරේ කරන්න ගත්තට පස්සේ..ඒක මට තාමත් හීනයක් වගේ....ඉස්සර අපි දෙන්නා නො ගිහිපු තැනක් නෑ...යන්න පුලුවන් හැම තැන ම ගියා.....ඇයි ඒ විතරක්ද...කන්න පුලුවන් හැම කෑමක් ම කෑවා...." " ඒ කියන්නේ ඒ දවස් හරි ම ලස්සනට තියෙන්න ඇති නේද නංගී...." සඳුන් එසේ අසන්නේ ලෝභ සිතිනි. තමාත් එක් අවධියක් මලක් වන් ලස්සන යුවතියක් සමග මේ ආකාරයෙන් ගතකිරීමට සිහින දැක්කේ ය. ඒත් ඒ සිහින සිහිනයක් ම පමණක් විය. ඒ තමා ප්‍රේම කළ හදවත තමාගේ ප්‍රේමය හඳුනා ගැනීමට අපොහොසත් වීම නිසා ය. " ඔව් අයියේ...සත්තකින් ම ඔව්....ඒ කාළේ තමයි මම මගේ ජීවිතේ ගත කරපු ලස්සන ම දවස්....ඔයාට කියන්න සඳුන් අයියේ, ඉස්සර සංදේශ්ලාගේ තාත්තාට තිබුනා පොඩි කාර් එකක්....ඉතින් නිවාඩු දවසට සංදේශ් තාත්තාට බොරුවක් කියලා කෝම හරි කාර් එක අරන් එනවා....ඉතින් අපි එදා දවසෙ ම කරන්නෙ ඇවිදින එක.....ඔයා දන්නවද සඳුන් අයියේ, සංදේශ් තමයි මට ඩ්‍රයිවිනුත් ඉගැන්නුවේ......" " බබා, අපේ තාත්තාගේ බිස්නස් ඉස්සරහට ඔක්කො ම බලාගන්න වෙන්නේ මට....එතකොට අපිට ගොඩක් පාටිවලටත් යන්න වේවි....ඔයාව මම මැරි කරාට පස්සේ අපි දෙන්නම තමයි එකට පාටිවලට යන්නේ.....එහෙම පාටිවලට ගිහිල්ලා මට ටිකක් වැඩි වුනාට පස්සේ එතකොට බබාට පුලුවන්නේ කාර් එක අරන් එන්න....." සංදේශ් මිනෝලිට ඩ්‍රයිවින් ඉගැන්නුවේ එහෙම කියලා ඒ බලාපොරොත්ත්තුවෙන් ය. තමාගේ ලෝකය රජ දහනක් නම් ඒ රජ දහනේ සිටියේ එක ම රැජිණක් පමණයි. ඒ දවස්වල සිට ම සංදේශ් අහස උසට බලාපොරොත්ත්තු පොදි ගැහුවේ තමාටත් වඩා ඒ රැජිණ ගැන පමණක් ම සිතා ය. සක්දෙවිඳු ගේ පඩුපුල් අසුන උණු වී යන තරමේ ප්‍රේමයක් මිනෝලි ගැන සංදේශ් ගේ සිතේ තිබුනේ. එහෙත් ඒ ප්‍රේමය සක් දෙවිඳු දුටුවේ නැත. දුටුවා නම් සක් දෙවිඳු කීයටවත් මේ පෙම්වතුන් යුවළ වෙන් කරන්නේ ද නැත. " මගේ සංදේශ් අයියා මාව පරිස්සම් කරේ හරියට මැණිකක් පරිස්සම් කරනවා වගේ හරි ම ආදරෙන් පරිස්සමට....එයා මගේ හැම දෙයක් ගැන ම හරි ම අවධානෙන් හිටියේ සඳුන් අයියේ...මගේ සංදේශ් මං ගැන කොච්චර අවධානෙන් හිටියාද කියනවා නම් මගේ පීරියඩ් දවස් ගැනත් සංදේශ් හිටියේ හොඳ අවධානෙන්...." " අනේ සංදේශ් අයියේ....මට අර මාමාගෙන් තෙල් දාපු කඩල ගොට්ටක් අරන් දෙන්නකෝ...." " මොකක්....තෙල් දාපු කඩල ගොට්ටක්....ඔයාට පි ස් සු ද බබා ආහ්...." " අනී...." ' අනේ පනේ ගාන්න එන්න එපා දැන් මෙතන බොරුවට මං ඔයාට අරන් දෙන්නේ නෑ...." " මතක නැද්ද මෝ ඩ ය ට මගෙන් ආදරේ ඉල්ලගනිද්දි මට කියපු දේවල්....." එවිට මිනෝලි සංදේශ්ට කියන්නේ හදවතේ ඇතිවන ඇත්තම දුකිනි. " හා දැන් මොනවද කියපු දේවල්....." " ඇයි කිව්වේ, බබා.....ඔයා කැමති ඕන ම කෑමක් කියන්න.....මම ඔයාට හදලා දෙන්නම්....හදලා දෙන්න බැරි නම් කඩෙන් හරි ගෙනල්ලා දෙන්නම් කියලා....ඇයි දැන් ඒවා අමතකයිද මගේ මහත්තයාට....." " මතකයි මැණික...දෙවියන්ට වෙච්ච භාරයක් වගේ හොඳට මතකයි මට...." " දෙවියන්ට වෙච්ච භාරයක් වගේ හොඳට මතකයි නම් ඇයි ඒ භාර ඔප්පු නො කර මගහරින්න හදන්නේ....?" " භාරයක් වුනත් ඔප්පු කරන්න නියමිත කාළයක් තියෙනවා මැණික...මේ ඔයාට පීරියඩ් දවස් නේද යන්නේ....පීරියඩ් දවස් වලට තෙල් කෑම කන්න හොඳ නෑ...." සංදේශ් එක්වර ම එහෙම කිව්වම මිනෝලිගේ ඇස් දෙක උඩ යයි. කෙල්ල එහෙමම විනාඩියක් විතර යනකම්ම සංදේශ් දෙස ම බලා සිටින්නේ උතුරා යන ආදරයෙනි. " මගේ සුදු මහත්තයා මං ගැන ඒවත් මතක තියාගෙනද ඉන්නේ....." " නැතුව ඉතින්, මම මගේ සුදු නෝනා ගැන හුස්මක් ගානේ මතක තියන් ඉන්නේ....." ඒ දවස්වල මිනෝලිගේත් සංදේශ් ගේත් කතාව ගියේ එහෙමය. මේ කෙ//ල්ල ඒ දවස්වල සිට ම සංදේශ්ට පැලුනේත් සංදේශ් දීපු මේ උතුරා යන ආදරය නිසාම ය. මිනෝලි පැතුවා නම් පැතුවේ එක ම පැතුමක් විතරම ය. ඒ තමාට පුලුවන් ඉක්මනට සංදේශ් සමග එක වහලක් යට තමන්ගේ ම කියා ලස්සන කූඩුවක් තැනීමට ය. එහෙත් ඇයගේ එම බලාපොරොත්ත්තුව ඉටුකර දීමට දෙවියන් ඇයට කාරුණික වූයේ නැත. " එක දවසක් සඳුන් අයියේ...අපේ ඉස්කෝලෙට මට මතක විදියට වෙසක් සතියකදී ද කොහේ හාමුදුරු නමක් ගෙන්නලා ධර්ම දේශ්ණාවක් කරා....ඒ හාමුදුරුවෝ කිව්වා අපි බුදුන්ට පූජා කරන මල්වලට පැන් ගහලා පූජා කරා ම අපේ ආයුෂ වැඩිවෙනවා කියලා....." " ඇත්තටම එහෙම වෙනවද නංගි...?" " හුම්....ඒ හාමුදුරුවො කියපු විදියට එහෙම තමයි....." " හරි ඉතින්....." " ඉතින් එදා ඉදන් මම බුදුන්ට මල් පූජා කරද්දි මල්වලට පැන් ගහලා පැතුවේ එක පැතුමක් විතරයි.....ඒ මට වඩා එක දවසක් හරි මගේ සංදේශ් අයියාව මේ ලෝකේ තියන්න කියලා.....ගන්නවා නම් ඉස්සෙල්ලා ම මාව දෙවියෝ ළඟට ගන්න කියලා....ඒත් දෙවියෝ හරි ම නරකයි අයියා...හරි ම නරකයි.....එයාලා මං කියන කිසිම දෙයක් ඇහුවේ නෑ..." මොනෝලිගේ ඒ වවන වැඩි වෙලාවක් නො ගොස් ම ඉකිබිඳුමක් බවට පරිවර්ථනය විය. යුවතිය සඳුන්ගේ පපුවේ හිස හොවා ගෙන හොඳට ම ඇඬුවා ය. තමා ඉදිරියේ මේ සිටින්නේ කවුද කියාවත් ඒ මොහොතේ යුවතියට හැඟීමක් නො වුවා ය. ඇයට ඇවැසි කර තිබුනේ තමාගේ හදවතට මේ මොහොතේ දැනෙන දුක කඳුළුවලින් සෝදා පා කර හැරීම පමණි. " කමක් නෑ නංගී, ඔයා අද ඇතිවෙනකම්.අඬන්නකෝ කොහොමත් ඔයාට අදින් පස්සෙ මම ඔයාට අඬන්න දෙන්නෙ නෑ..." සඳුන් යුවතියගේ හිස ආදරෙන් අතගෑවේ එසේ සිතමින්. " ඔයා හිතන විදියට ඇයි නංගී ඔයාගෙ සංදේශ් අයියා දෙවියෝ.ඉක්මනට ම ඔයාගෙන් උදුරගන්න ඇත්තේ.....?" " වෙන මොකටද ඉතින් තියෙන තන්හාවටනේ...." මොනෝලි ඒක නම් කිව්වේ කේ න් ති යෙ න් වගේ කියලා සඳුන්ට හිතුනා. " හෑ....තණ්හාවට...." " ඔවු සඳුන් අයියේ....මල් පාත්තියක තියෙන ලස්සන මලක් දැක්කම අපි වුනත් බලන්නේ ඒක ඉක්මන්ට කඩා ගන්න නේද...?" " ඔව් ඉතින්.." " දෙවියෝ වුනත් එහෙම තමයි....හොඳ කෙනෙක් දැක්කම දෙවියෝ වුනත් බලන්නේ ඒ හොඳ කෙනව ඉක්මනට එයාලා ළඟට ගන්න.....' *හෙට රාත්‍රී 10.30ට නැවත හමුවෙමු....🤍💐* ©©©©©©©©©©©©©©©© මිනෝලි ගැන ඔයාලට මොකද හිතෙන්නේ...? ©©©©©©©©©©©©©©©© ⭕ *කරුණාකර කතු අයිතිය සුරකින්න.*⭕ ❌❌❌❌❌❌❌❌ Wrriten by - 𝗦𝗮𝗰𝗵𝗶𝘁𝗵 𝗣𝗿𝗮𝗺𝗼𝗱✍️ *කතාව කියවලා රියැක්ට් එකක් දාගෙන යන්න...🥺♥️*
❤️ 👍 🥺 😢 ☹️ 😡 79

Comments