BOSA's World__🕊️ᥫ᭡ "
BOSA's World__🕊️ᥫ᭡ "
February 14, 2025 at 05:06 PM
🌈 *එක සඳයි - තරු තුනයි*🌈 - එක සඳකට තරු තුනක් පෙම්බඳි. - 🄴🄿🄸🅂🄾🄳🄴 4️⃣6️⃣ ." හරි දැන් කියන්නකෝ දෙවියෝ කොහොමද ඔයාගෙ සංදේශ් ඔයාගෙන් උදුර ගත්තේ...." සඳුන් ඇසුවේ කෙල්ල අඬනවා බලාගෙන ඉඳ බැරිම තැන ය. මේ කතාවට ඉක්මනට ම නැවතීමක් තබන්න සඳුන්ට අවශ්‍ය වුනා. සඳුන් ඒකයි මිනෝලිගෙන් එහෙම ඇහුවේ. " එද සංදේශ් යාළුවෝ කට්ටියක් එක්ක අනුරාධපුරේ යන්නද කියලා මගෙන් අහද්දි මොන හේතුවකටද මන්දා මට සංදේශ්ව යවන්න හිතුනේ නෑ ඒ ගමන....මම එදා සංදේශ්ට ඒක කිව්වත් එක්ක.....ඒත් සංදේශ් මං කියන ඒ කිසි දෙයක් අහන්නැතුව යාළුවොත් එක්ක ඒ ගමන ගියා..." " හරි ඉතින් ඊට පස්සේ...." " එයාලා ට්‍රිප් එක ගිහින් හොඳට ම බීලා.....එයාලා එක්ක ගිහිපු ඩ්‍රයිවරුත් බීලා.....ආපහු ට්‍රිප් එක ගිහින් එන දවසේ බීලා තියෙන්නේ....ඒ වෑන් එක ඇක්සිඩන්ට් වෙලා....ඒ වෑන් එකේ හිටපු ඔක්කො ම නැති වුනා....මගෙ සංදේශ් අයියාත් නැති වුනේ එතනදි තමයි....." යුවතිය කිව්වේ නො නවත්වා දෙනෙතින් ඇද හැලෙන කඳුළින් යුතුව ය. ඇතැම් විට ආදරය හදවතට ගෙන දෙන්නේ ගින්දරකි. ඒ ආදරේ නිසා හදවතේ ඇතිවන ගිණි පුපුරු එළියට එන්නේ කඳුළු බවට පරිවර්ථනය වී ය. " මගේ සංදේශ් මටත් නො කියා ම මාව දාලම යන්න ගියාම මට දැනුනේ කාත් කවුරුවත් නැති කාන්තාරයක තනියම මං අතරමං වුනා වගේ හැඟීමක්....ඒක නිසා මම හිට්යේ දවසෙම අඬ අඬා...තාත්තා මාව මගේ මැනේජ්මන්ට් ඩිග්‍රි එක කරන්න ජපන් යැව්වේ මට මේ දේවල් අමතක වේවි කියලා හිතලා.....ඒත් මට අදටත් බෑ ඒ දේවල් මගේ ජීවිතෙන් අමතක කරලා දාන්න.....සංදේශ් අයියාගෙයි මගෙයි මතකයන් සමහර වෙලාවට හදවත පාරනවා ගොඩක් වැඩියි..ඒ වෙලාවට මං කරන්නේ රෙඩ් වයින් එකක් බොන එක......" මොනෝලි එහෙම කියනවාත් සමග සඳුන් මිනෝලිගේ අත දැඩිව අල්ලා ගත්තේ ය.. " මොනවා....ඒ කියන්නේ ඔයා බොනවද නංගී...?" "හ්ම්....චුට්ටක් විතර....." " බොරු කියන්න එපා නංගී....දුකට බොන මනුස්සයෙක් කවදාවත් චුට්ටක් බීලා නතරකරන්නේ නෑ....." " පුදුමයිනේ, ඔයා කොහොමද ඒක හරියට ම දන්නේ.....?" යුවතිය දෑස් අයාගෙන සඳුන් කියන දේවල්.අසාගෙන සිටියේ එසේ සිතමින් " හ්ම්...ඇත්ත අයියේ.....මාත් මාව ම පාළනය කර ගන්න බැරි තරමට බිව්වා....." " ඒකනෙ ඉතින්...තාමත් බොනවද....?" " ම්...ඔව්..." " අනේ මීට පස්සේ බොන්න එපා ප්ලීස්.....මම මෙහෙම කියන්නේ ඔයාගෙ ම හොඳට නංගී...අනේ ප්ලීස් මීට පස්සේ නම් බොන්න එපා....." " අනේ ඒ ඉල්ලීම නම් මගෙන් කීයටවත් කරන්න එපා අයියා......ඒ පුරුද්ද නම් මට කීයටවත් අතාරින්න බැරි වේවි....මගේ සංදේශ් වගේ මගේ හිතට දැනෙන ආදරයක් මුණගැහෙනකම් රෙඩ් වයින් මගේ ළඟම ඉඳීවි...." " එහෙම හරි ඔයාගේ ඔය රෙඩ් වයින් බොන ජරා පුරුද්ද නවතිනවා නම් මේ ලෝකේ පීරලා හරි සංදේශ් වගේ කෙනෙක් හොයමු.....මම ඒකට ඔයාට අනිවාර්යෙන් ම උදව් කරනවා...." සඳුන්ගේ ඒ වචනවල තිබ්බේ හරි ම අවංක බවක්. ඇත්තම කතාව කිව්වොත් සංදේශ්ට දැනටමත් සංදේශ් වගේ ම කෙනෙක් මුණගැහිලා ඉන්නේ. කෙල්ල මේ මෙවර ම දුක්විඳින්නේ ඒක සඳුන්ට කියාගන්න විදියක් නැතුව. " ලෝකේ පීරලා හොයන්න දෙයක් නෑ අයියා...දැන් එයා මගේ ළඟම ඉන්නවා....." යුවතිය කිව්වේ ඇස් දෙක මදක් පියාගෙන සිට ය. මිනෝලි සඳුන්ට එහෙම කිව්වේ ඇස් දෙක පියාගෙනමයි. " හෑ...ඒ කවුද නංගි ඒ වාසනාවන්තය....." " මම දන්නවා අයියා හොඳට ම මේක හරි ම අසාධාරණ ආත්මාර්ථකාමී ඉල්ලිමක් කියලා.....ඒත් හිතට දැනෙන සමහර ආදර හැඟීම් ගැන හිත් ගොඩක් අසරණ වෙනවා අයියා...මම හිතනවා මම කියන දේ අයියා තේරුම් ගනීවි කියලා....." සමහර හැඟීම් හදවත් අන්තෙට ම අසරණ කර දමයි. " මට තේරෙන්නෙ නෑ නංගි ඔයා කියන කිසිම දෙයක්.....ප්ලීස් මට තේරෙන විදියට කියන්න....." " ඔයත් මගේ සංදේශ් අයියා වගේමයි සඳුන් අයියේ.....ඒක නිසාද කියන්න මං දන්නේ නෑ...මගේ හිත මටත් රහසේ ම ඔයාට ආදරේ කරන්න පටන් අරගෙන....." යුවතිය ඒ වචන කිහිපය බොහොම පැහැදිලිව කියා දැමුවත් ඇය එය කිව්වේ ඉවත බලාගෙන ය. මිනෝලිට හිතෙන්නේ තමා අසාධාරණයි කියලා. " මො...ක...ක්.. ඒ...ඒ කි...ය න්නේ ඔයා මට ආදරේ කරනවද....?" " ඔව් අයියේ....මම ඔයාට ආදරේ කරනවා.....තාමත් ඔය හිතේ පදිංචිවෙන්න කාටවත් අවසර දීලා නැත්නම් විතරක් මට ඒ අවසරය දෙන්න පුලුවන්ද.....?" සඳුන්ට නම් යුවතියගේ මේ වවන හීනයක් වගේ. ඒත් මොන හේතුවකටද දන්නේ නෑ සඳුන්ට යුවතියගේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න හිතුනේ නෑ. " හරි නංගි...ඔයා ඔච්චර ම කියනවා නම් මගේ හිතේ ඔයාට පදිංව් වෙන්න අවසර දෙන්නම්....ඒත් එක කොන්දේසියක් පිට......" සඳුන් කිව්වේ බොහෝ වෙලාවක් කල්පනා කර ඉඳ ය. මේ ගෙවි යමින් තිබෙන්නේ තමාගේ ජීවිතේ එක් තීරණාත්මක නිමේශයක්. ඒකයි කොල්ලාගේ හදවතේ ගැස්මත් වැඩිවෙලා තියෙන්නේ. " මේ ජීවිතේ ඉතුරු ටික කාළය ඔයා මගේ විතරක් ම වෙලා ඉන්නවා නම් මම ඔයා කියන ඕන කොන්දේසියකට කොන්දේසි විරහිතව එකඟවෙනවා අයියේ....." " මීට පස්සේ ආසාවටවත් රෙඩ් වයින් එක උගුරක් තොළේ තියන්න බෑ...හරිද ළමයෝ....." " හොඳමයි ළමයෝ....ඔය ළමයා මගේ විතරක් ම වෙලා ඉන්නකන් මං ඒ පැත්තවත් බලන්නේ නෑ....." මිනෝලි කිව්වේ සඳුන්ගේ පපුව අස්සේ හිස හොවාගන්නා ගමන්. " මම ඔයාට ගොඩක් ආදරෙයි සුදු මහත්තයෝ....." මිනෝලිගේ ඒ හඬ සඳුන්ට ඇසුනේ කෙඳිරිල්ලක් වගේ. සඳුන් ගැන තම හිතේ ඇති වූ ආදරයේ උණුසුමට ම යුවතියගේ දෙතොල් නලියන්නට වුයේ. යුවතිය ඒ නලියන දොතොල් හීන් සීරුවේ සඳුන්ගේ දෙතොළට ළං කරේ මේ දැනෙන හැඟීම රිසි සේ විඳගැනීමේ අරමුණින්. මුළු ලොවක් නිසොල්මනේ සිටින මේ රාත්‍රියේ නව පෙම්වතුන් යුවළගේ මේ ප්‍රේමයේ සමාරම්භය දුටුවා නම් දුටුවේ දෙව්ලොව සිටින දෙවඟනන් පමණි. ඒ දේවතාවන් පරිසරයේ යාන්තම් හිරිපොද වැස්සක් වැස්සුවේ නව පෙම්වතුන් යුවළට තම ආශිර්වාදය එක් කරමිනි. 💎⃝♡꧂ᘝᘞ *සචී*❤️𝘀𝘁𝗼𝗿𝘆✍️💎⃝♡꧂ᘝᘞ " මේහ් අයියේ...අපේ ගෙදරින් මිස් කෝල් තිහක් විතර ගහලා....." මිනෝලි කිව්වේ හෑන්ඩ් බෑගයේ වූ තම ජංගම දුරකතනය අතට ගෙන එහි ස්ක්‍රීනය දෙස බලා ය. " හපොයි....ඒමද මැණිකේ...ඒනම් ඉක්මනට යමු......බබාගේ අම්මාලා බයවෙලා ඇති හොඳට ම...මම ඔයත් එක්ක...එයාලගෙ දෝණිව අරගෙන මම පැනලා ගිහින් ඇති කියලා..." සඳුන් කිව්වේ විහිලුවට වගේ හිනාවෙලා. " නෑ නෑ අපේ අම්මලා ඒම හිතන්නේ නෑ...ඒක මට විශ්වාසයි..." *හෙට රාත්‍රී 10.30ට නැවත හමුවෙමු....🤍💐* ©©©©©©©©©©©©©©©©©© දැන් සඳුන්වයි අරලියාවයි සෙට් වෙනකන් බලාගෙන හිටපු මගේ ආදරණීය පාඨකයොන්ට අද ගොඩක් දුක හිතේවි නේද...?😪 කාගෙවත් හිතක බලෙන් පදිංචි වෙන්න බෑ. අරලියා හැදුවේ සඳුන්ගේ හිතේ බලෙන් පදිංව් වෙන්න නේද...? ©©©©©©©©©©©©©©©©©© ⭕ *කරුණාකර කතු අයිතිය සුරකින්න.*⭕ ❌❌❌❌❌❌❌❌ Wrriten by - 𝗦𝗮𝗰𝗵𝗶𝘁𝗵 𝗣𝗿𝗮𝗺𝗼𝗱✍️ *කතාව කියවලා රියැක්‍ට් එකක් දා ගෙන යන්න....🥺♥️*
❤️ 🥺 😢 👍 💔 😡 😭 ❤️‍🔥 💕 🔜 102

Comments