Edu Sri Lanka 🇱🇰
Edu Sri Lanka 🇱🇰
February 12, 2025 at 03:56 AM
*සියලුම සාහිත්‍ය පාඩම්වලට පිළිතුරු ලිවීමේ දී ආරම්භ කළ යුතු හැඳින්වීම්.🐥🌱🦦* *🌷සතර කන් මන්ත්‍රණය* > 14 වන සියවසේ කුරුණෑගල යුගයේදී පාලි ජාතකට්ඨ කතාව ඇසුරින් සිංහලයට නගන ලද පන්සිය පනස් ජාතක පොතේ එන දීර්ඝතම ජාතක කතාව උම්මග්ග ජාතකයයි.මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ මහෝෂධ පඬිතුමාගේ බුද්ධි මහිමය ප්‍රකට කිරීමයි. *🌷ගුත්තිල වෙණ නද* > සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙසින් සැලකෙන කෝට්ටේ යුගයේ දී වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යය සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ රසවත් ම ජාතක කථා කාව්‍යය ලෙස පිළිගැනේ. *🌷බැද්දේගම* > ඉංග්‍රීසි ජාතික ලෙනාඩ් වුල්ෆ් විසින් 1913 දී ඉංග්‍රීසි බසින් රචිත " විලේජ් ඉන් ද ජංගල්" කෘතියේ සිංහල අනුවාදනය බැද්දේගම යි. > ඒ.පී.ගුණරත්න මහතා විසින් රචිත බැද්දේගම දකුණු පළාතේ කැලෑබද නොදියුණු ගමක ජීවත් වූ සිළිඳු සහ ඔහුගේ පවුලට සිදුවූ අවාසනාවන්ත ඉරණම පිළිබඳ අනුවේදනීය ලෙස දිගහැරේ. *🌷 මුනි සිරිපා සිඹින්නේ.* > සිංහල බසින් කවියෙකු විසින් ලියන ලද දිගම දරු නැළවිල්ල ටිබෙට් ජාතික එස්.මහින්ද හිමිගේ දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල පද්‍ය පන්තිය යි. ළමයින් අරමුණු කරගෙන මුළු මහත් ජාතිය ම ආමන්ත්‍රණය කරන පද්‍ය කෘතියක් වන මෙහි දරුවන් තුළ දේශාභිමානී හැඟීම් ජාතිකාභිමානී හැඟීම් ජනිත කරවීම මූලික අපේක්ෂාව වී තිබේ. *🌷ගංගාවේ සංගීතය* > කොළඹ යුගයේ දෙවන අවධියේ සිටි ප්‍රකට කවියකු වන එච්.එම් .කුඩලිගම මහතා විසින් රචිත ගංගාවේ සංගීතය පැදි පෙළ ඉතා රසවත් නිර්මාණයකි. සොබාදහම හා එක් වූ සරල ,සුලබ සිදුවීම් මාලාවක් වුවද අපූර්වත්වයකින් යුතුව උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා කර තිබෙන්නේ මනරම් බස්වහරක් ද යොදා ගනිමිනි. *🌷ලෙන අතහැර යාම* > "අමරණීය නාට්‍යවේදියා" යන අන්වර්ථ නාමයෙන් පිදුම්ලත් මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචිත සිංහලයේ දෙවන ශෛලීගත නාට්‍යය 'සිංහබාහු' ය. මෙය වේදිකා නාට්‍ය ඉතිහාසයේ ස්වර්ණමය අකුරින් ලියැවුණු විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකේ. *🌷 අඟුල්මල් දමනය.* > පොළොන්නරු යුගයේ විසූ ගුරුළුගෝමී පඬිවරයා විසින් බුදුන් වහන්සේගේ 'පුරිස ධම්ම සාරථි' ගුණය මුල් කොටගෙන රචනා කරන ලද 'අමාවතුර' සිංහල කතා කලාවේ සංක්ෂිප්ත රීතිය නිරූපණය කරන කෘතිය ලෙස සැලකේ. අමාවතුර ග්‍රන්ථයේ හත්වන පරිච්ඡේදයේ ඇතුළත් අඟුල් මල් දමනය අංගුලිමාලගේ උපතේ සිට බුදුන් සරණ යාම දක්වා අනුවේදනීය කතාන්තරයක් ලෙසින් නිරූපිතය. *🌷 උග්ගසේන සිටුපුත්හුගේ වස්තුව.* > දඹදෙණි රාජධානි සමයේ රජ කළ දෙවැනි පැරකුම්බා රජු දවස වැඩසිටි ධර්මසේන හිමියන් අතින් රචනා වූ අගනා කෘතියක් ලෙස සද්ධර්මරත්නාවලිය හඳුන්වාදිය හැකිය. බුද්ධඝෝෂ හිමියන්ගේ "ධම්මපදට්ඨ කථාව" ඇසුරෙන් ලිය වී ඇති මෙය බණ කතා රීතියෙන් රචනා කර තිබීම විශේෂත්වයකි. ©
❤️ 👍 5

Comments