Edu Sri Lanka 🇱🇰
                                
                            
                            
                    
                                
                                
                                February 12, 2025 at 04:30 PM
                               
                            
                        
                            *සිංහල සාහිත්‍යය හා රසාස්වාදය 📚❤🩹*
*🍀°° නවකතාව හා කෙටිකතාව °°🍀*
`නවකතාව හා කෙටිකතාව පිළිබඳව දෙස් විදෙස් විචාරකයන්ගේ අදහස්`👇🏻👇🏻
🌀ඊඩින් වොර්ට්න්
> කෙටිකතාකරුවා විසින් කිසියම් අවස්ථාවක් නිරූපණය කරන අතර නවකතාකරුවා චරිත නිරූපණයක යෙදේ.
🌀 හෙන්රි ජේම්ස්
> නවකතාව යනු මිනිස් දිවිය විවරණය කරන කල්පිත ගද්‍යමය ආඛ්‍යානයකි.
🌀ඇන්ටන් චෙකොෆ්
> කෙටිකතාව යනු ජීවිතයෙන් පෙත්තක් නිරූපණය කරන්නකි.
🌀මහාචාර්ය විමල් දිසානායක 
> කෙටිකතාවක් තුළින් එක් ප්‍රබල ධාරණාවක් ඉදිරිපත් කෙරෙන අතර නවකතාව තුළින් එබඳු ධාරණා රැසක් ඉදිරිපත් කෙරේ. කෙටිකතාවක ක්‍රියා විකාශනය ඍජු රේඛාවක සිරිය ගන්නා අතර නවකතාවක ක්‍රියාව විකාශනය උස් පහත් වෙමින් යන සරල රේඛාවක සිරිය ගනී.
🌀ඒ වී සුරවීර
> නවකතාවක වැඩි නිදහසකින් වචන භාවිත කිරීමට ඉඩහසර ලැබෙන අතර කෙටිකතාවක සිදුවීම් පිඬුකොට දැක්වීම ද සංක්‍ෂිප්තභාවයද දක්නා ලැබෙන බව
මේ අනුව ,
♦️කෙටිකතාව නම් වන්නේ එක් සිද්ධියක් ,එච්චරිතාන්ගයක් නොඇසේ නම් ජීවිතයෙන් අංශුමාත්‍රයක් පාදක කොටගෙන සීමිත චරිත කිහිපයක් උපයෝගී කොටගෙන ලියනු ලබන ගද්‍යමය  ආඛ්‍යානය යි.
♦️නවකතාව වන්නේ අත්තකින් ගණනාවක් හෝ ධාරණා කිහිපයක් පාදක කොටගෙන චරිත ගණනාවක් උපයෝගී කරගෙන මනුෂ්‍ය ජීවිතය සමග ප්‍රබලව ද සංකීර්ණවද දීර්ඝ කාලීනවද බැඳේ පවතිමින් ජීවිත විවරණයක් කරන ගද්‍යමය ආඛ්‍යානයකි .
*♠️නවකතාවක තිබිය යුතු මූලික ලක්ෂණ*
1. ගද්‍යමය ආඛ්‍යානයක් වීම.
2. කතා ප්‍රවෘත්තියක් තිබීම 
3. කතා වින්‍යාසයක් තිබීම
4. උසස් චරිත නිරූපණය තිබීම
5. යථාරූපයව අවස්ථා හා සිද්ධිය විවරණය කිරීම
6. අවස්ථා හා සිදුවීම්වල ඒකාබද්ධතාව සුරැකීම
7. කලාත්මක හා නිර්මාණාත්මක බස් වහරක් යොදා ගැනීම
♦️සාර්ථකත්වය සදහා 👇🏻
1. මිනිස් සිත හා ගති සොබාව විවරණය
2. පසුබිම් නිරූපණය
3. ඉගි මගින්  සමාජයට පණිවිඩ දීම
4. පරිසර වර්ණනා උචිත ලෙස යොදා ගැනීම
5. පාඨක විශ්වාසනීයත්වය රැක ගැනීම
6. සමාජ යථාර්ථය පිළිබිඹු වීම
7. සංකේත භාවිතය
8. කිසියම් ජීවන දර්ශනයක් මතු කිරීම
9. උචිත දෘෂ්ටිකෝණයක් යොදා ගැනීම
💠වාචාර්ථයට යටින් දිවෙන ව්‍යංගයාර්ථය තුළින් සමාජයට කිසියම් ඉඟියක් දීමට නවකතාකරුවා සමත් විය යුතුයි.
💠මුල සිට අග දක්වාම භාෂාවේ සජීවී ගුණය පවත්වා ගෙන යා යුතු අතර සංකල්ප රූප හෙවත් වාග් චිත්‍ර මගින් අවස්ථා හා සිද්ධි මනා සේ විවරණය කළ යුතුයි.
*♠️කෙටිකතාවක තිබිය යුතු ලක්ෂණ*
1. ගද්‍යමය ආඛ්‍යානයක් වීම
2. සියල්ල අභිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් තිබීම
3. ඉස්මතු වී තිබෙන ප්‍රධාන චරිතයක් තිබීම 
4. කතා වින්‍යාසයක් තිබීම
5. පරිකල්පනයෙන් බිහිවූ නිර්මාණයක් වීම
6. ප්‍රධාන ධාරණාවෙහි හා සිද්ධිමාලාවෙහි ඒකාබද්ධතාව රැකීම 
7. නිර්මාණාත්මක හා කලාත්මක බස් වහරක් තිබීම
8. උසස් චරිත නිරූපණය
🌟නවකතාවක හෝ කෙටිකතාවක හෝ දැක්වෙන *හේතුඵල සම්බන්ධතාවය* යනු,
කතාවෙහි අනුපිළිවෙලින් ගලායන සිදුවීම් අතර මනා ගැලපීමයි. 
🌟 *කතා වින්‍යාසය* යනු ,
හේතුඵල සම්බන්ධයේ උඩ කතාව ගලාගෙන යාමේදී අනුගමනය කරන රටාව හෙවත් ශෛලියයි.
🌟නිර්මාණශීලී ලේඛකයා තමාගේ සැබෑ අත්දැකීම් හෝ සිතින් මවා ගත් කල්පිත අත්දැකීම හෝ ප්‍රතිනිර්මාණය කොට මනා චරිත නිරූපණය ඔස්සේ නිර්මාණශීලී බස් වහරක් මගින් පාඨකයා වෙත පිරිනමයි.
🌟ඇතැම් වර්තමාන නවකතා හා කෙටිකතාකරුවෝ සිය නිර්මාණ තුළින් ,
1. පන්ති විසමතාව
2. සමාජ අසාධාරණය 
3. ළමා හා කාන්තා හිංසනය 
4. ආර්ථික ගැටලු 
ආදී දැවෙන සමාජගත ප්‍රශ්න පිළිබඳවද කතිකාවතක නියැලෙති.
〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️
Created by, 
 ```Admin Saranya ✨```
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            👍
                                        
                                    
                                    
                                        1