Edu Sri Lanka 🇱🇰
Edu Sri Lanka 🇱🇰
February 12, 2025 at 04:30 PM
සිංහල සාහිත්‍යය රසාස්වාදය Lesson 07 *යුතුකම🤍🌻* ✨ප්‍රවේශය: - ටිබෙට් දේශයේ සිට ලංකාවට පැමිණ බුදු දහමත් ලාංකික පරිසරයත් පිළිබඳව ඇල්මෙන් ජීවිතාන්තය දක්වාම ලංකාවේ විසූ ජාතික වීරයෙකු ලෙස එස්. මහින්ද හිමියන් හඳුන්වා දිය හැක. එකල ඉංග්‍රීසීන්ගේ ආධිපත්‍යය පැතිර තිබූ අතර ඔවුන්ගේ අඩත්තේට්ටම් දුටු උන්වහන්සේ අලසව සිටි ලාංකිකයා වෙනුවෙන් ජාතියේ නිදහස පතා පොළඹවාලන පද්‍ය පන්ති රැසක් ම රචනා කරන ලදී. කව්මිණි, කව්මුතු, ළමා කව් කළඹ වැනි ළමා පොත් මෙන්ම නිදහසේ මන්ත්‍රය, නිදහසේ දැහැන ආදී පද්‍ය කෘති ද ඒ අතර වෙයි. උන්වහන්සේ රචනා කළ "යුතුකම" පද්‍ය පන්තියේ ප්‍රධාන තේමාව වී ඇත්තේ රට, ජාතිය වෙනුවෙන් අප සතු යුතුකම පහදා දීමයි. ✨ආදර්ශ පද්‍ය: (සරල හා කථන බස් වහර) (සිව්පද ආකෘතිය) ⭕" උපන් ගමේ බල උරුමය රැක ගන්ට සටන් කෙරුම සතුටක් නම් වැසියන්ට බියෙන් නොගොස් අහු මුළුවල රිංගන්ට ඉතින් යමව් ගම්මුන්ටම එක් වෙන්ට" ⭕"ඇතොත් ගමට ආදරයක් සිතින් සිපා අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා කතත් කමක් නැහැ එඩිතර ගතිය පපා අයුක්තියට අත් දෙක ඔසවන්ට එපා" ⭕"අපේ රට අපේ ජාතිය අපේ ගම අපේ අසල්වැසියා යන සියල්ලම අපේ අතට අවනත කරගෙන වහම අපේ නමට සලකත දිවි දෙමු මෙහෙම" ⭕" උපන්නෙත් මැරෙන්නෙත් තනියමයි ලොවේ එයින් පිටත්තර වෙන විදියකින් නොවේ එයින් එහෙම නම් තම යුතුකම හමුවේ බියෙන් තැති ගැනුම අප හට තරම් නොවේ" #admin_yasuu✍️🍃

Comments