Edu Sri Lanka 🇱🇰
February 12, 2025 at 04:30 PM
*සිංහල සාහිත්‍යය රසාස්වාදය🤍✨*
Lesson 02
*💛කුස ජාතකය*
✨විචාර සඳහා ප්‍රවේශය :-
කුරුණෑගල රාජධානි සමයෙහි *පාලි ජාතකට්ඨකතාව ඇසුරු කරගෙන වීරසිංහ පතිරාජ* *නම් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන්* සිංහලයට නැගුණු පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, ජාතක කථා 547කින් සමන්විත වේ. එහි එන *523 වන කතාංගය* වන කුස ජාතකය, *ස්ත්‍රියක් නිසා සසුනේ උකටලී වූ එක්තරා භික්ෂුවක් සඳහා* බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. *ස්ත්‍රීන් පිළිබඳ සිත් නිසා තේජස් වූ පුරාතනයේ නුවණැත්තෝ තේජසින් පිරිහී නොයෙක් ව්‍යවසනයන්ට පත් වීම* මින් විදහා දක්වයි.
✨ උද්ධෘත:-
*ඔක්කාක රජුගේ චරිතය*
⭕"අග මෙහෙසුන් වූ සීලවතී දේවීන් වහන්සේ සීලාචාර සම්පන්න සේක. උන් වහන්සේ රැකවලින් හළ මැනව. දරු කෙනෙක් ඇති වෙත. කී සඳ රජ්ජුරුවෝ එබස් පිළිගෙන නුවර වැසියන් රැස් කරවා සීලවතී දේවීන් වහන්සේ ස්වර්ණාභරණයෙන් සරසා මාලිගාවෙන් පිටත් කළාහුය."
(ඉවසීම හා ප්‍රජාතන්ත්‍රවාදී ගුණය)
⭕"සැබව දේවයන් වහන්ස, අධර්මකාරී කෙනෙක් නැත. වංශ පරිපාලනය කරන්ට නිසි දරු කෙනෙක් නැත්තාහ. අනික් කෙනෙක් අප රාජ්‍යය ඇරගෙන අධර්මයෙන් රාජ්‍යය නසති."
(පරමාදර්ශී බව)
⭕"ඔක්කාක රජ්ජුරුවෝ ගොස් කුසාවතී නුවර දිව්‍ය පුරයක් මෙන් සරසා බන්ධනගත සියලු සත්ත්වයින් මුදා හරවා පුතණුවන්ට ප්‍රභාවතීන් අග මෙහෙසුන් කොට අභිෂේක කරවා කුස රජ්ජුරුවන්ගේ ආඥාව යයි අණබෙර ලවා සේසත් නැංවූහ."
(ධාර්මික පාලනය)
*හාස්‍ය රසය ජනනය කිරීම*
⭕"කුමක් නිසා මට නින්දා කරවූ ද; ශරීරය ජරා ප්‍රාප්ත පමණක් විනා රාගය තරුණ වන්නේය. ඉදින් සීලවතී දේවීන් ලදින් නම් ගෙන යෙමි යි සිතා ආමි."
⭕"මේ නොකීකරු දරුවෝ අප පැනට එවා තුමූ මේ වෙලේ පළමු කොට අවුදින් මෙතන සිටියෝය. රාජ කුලයට පරිභව උපදවන්නා වූ කෙල්ල, ඉදින් රජ්ජුරුවන් දත් සේක් නම් අප හැම නසා පියන සේකැයි කියා කිපී කොපුලතෙහි පහරක් ගැසුව."
⭕"එකල්හි රජ්ජුරුවෝ නෙලුම් පත ඉවත් කොට "මම කුස රජය"යි ප්‍රභාවතීන් අත ඇල්ලූය. ඔහුගේ මුඛය දැක "යක්ෂයෙක් මා අත අල්වා ගතැ"යි මුර ගාමින් භයින් මූර්ජාව ගියාය."
*සැබෑ ලෝකයේ කාන්තාවකගේ චිත්ත ස්වභාවය පබාවතීගේ චරිතය ඇසුරෙන්*
⭕"ප්‍රභාවතීන්ගේ ශරීර ශෝභාව මහා බෝධිසත්වයන් තේජසින් සූර්යා ලෝකයෙහි කදෝපැණියක් මෙන් ද දිවා චන්ද්‍රයා පරිද්දෙන් ද නිෂ්ප්‍රභා විය."
⭕"මෙයින් මට ප්‍රයෝජන නැත. කැමති කෙනෙකුන්ට දී පියවයි කියූය."
⭕"රෑ දාවල් දුක් විඳිමින් සිවුමැලි බැවින් වසුන් කද බරින් මැඩී වැටී ගිය සේක."
Admin_yasuu✍️🍃