Edu Sri Lanka 🇱🇰
February 12, 2025 at 04:30 PM
සිංහල සාහිත්‍යය රසාස්වාදය
Lesson 20
*කාන්තාර ගමක උපත🤍🌻*
✨ප්‍රවේශය:-
නන්දන වීරසිංහයන්ගේ පද්‍ය නිර්මාණයක් වන "කාන්තාර ගමක උපත" සඳහා වස්තු විෂය වී ඇත්තේ අයහපත් මිනිස් ක්‍රියාකාරකම්වල ප්රථිඵලයක් ලෙස සුන්දර ගමක් කාන්තාරයක් බවට පත් වන ආකාරයයි.රචකයා විසින් මෙම පද්‍ය පන්තිය අපූර්වත්වයෙන් යුක්තව ඉදිරිපත් කර ඇත.
✨ආදර්ශ පද්‍ය:
(සරල බස් වහර)
(මිනිස් ක්‍රියාකාරකම් නිසා ස්වභාව ධර්මයට වන හානිය)
⭕"ගොඩේ කන්දෙ මූකලාන කම්පා කරමින්නේ
රූස්සයෙකි රෑ පාලුව බිඳගෙන ඇද වැටුණේ
අඩ නින්දෙම පන් පැදුරට උණු කඳුලක් හැලුණේ
මූකලාන පස් වැටියක් වී හීනෙන් පෙනුනේ"
⭕"යස දරුවන් ගෙන ඇකයෙන් කැපුවත් නොසැලෙන්නේ
දුක් කරදර කෝටියක් ම ගිලගෙන හිනැහෙන්නේ
සියතින් මර විපත කටින මිනිසුන් දකිමින්නේ
මහා පුරුෂයකු වාගේ කන්ද නැගී ඉන්නේ "
⭕"පිරුණු ලොරිය ගම් දොරකොඩ පියමං කර යනවා
පාර වුණත් හිරිහැරයක් නෑ ඔහෙ නිදියනවා
පැලේ වහල ඇද හැළිලා මාසයක්ම වෙනවා
පරාල තුනකට අයියා හිරේ හුහුං ලනවා"
⭕"පොරොව, කියත කළුවරේම පණ ආවා ලෙසිනේ
මගෙ ඇඟ උඩ පට්ටල් බැඳ කපනු ඉරනු වැන්නේ
දෙයියන්ගේ මල්ලිලාට දෙවියොම රැවටෙන්නේ
කාන්තාර ගම මායිම් තවත් පුළුල් වෙන්නේ "
#admin_yasuu✍️🍃