
Edu Sri Lanka 🇱🇰
February 12, 2025 at 04:30 PM
සිංහල සාහිත්‍යය රසාස්වාදය
Lesson 17
*පුතු ඉපදුණු මේ දෙරණේ🤍🌻*
✨ප්‍රවේශය:-
ප්‍රතිභාපූර්ණ කවියෙකු මෙන්ම ගීත රචකයෙකු, චිත්‍ර ශිල්පියෙකු හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ මහගම සේකරයන් විසින් රචනා කළ පද්‍ය පන්තියක් වන "පුතු ඉපදුණු මේ දෙරණේ" පාඨක සිත්හි දේශාභිමානී හැඟීම් දනවන පද්‍ය පන්තියක් බැව් කිව යුතුය.
✨ආදර්ශ පද්‍ය:
(දේශාභිමානී හැඟීම් ජනිත කරවීම)
⭕"පුතු ඉපදුණු මේ පොළොවේ
උරුමය පුතුට යි
ඒ පොළවේ ඔද තෙද ගුණ
පුතු හට පිහිටයි "
⭕"විහාර මහ මෑණිවරුන්
ඉපදුණු පොළොව යි
මද්දුම බණ්ඩාර පුතුන්
ඉපදුණු පොළොවයි
රාසිහ මහසෙන් දෙවිඳුන්
ඉපදුණු පොළොවයි
මින් මතුවට ඒ පොළොවේ
උරුමය පුතුට යි"
⭕"මහ සෑ රන් කොත මුදුනේ
ගන රන් කිරණයි
සිරිමා බෝ මැඩ සෙවනේ
සිහිලැල් පවනයි
දළදා හිමි රැඳි විමනේ බුදුරැස් දහරයි
හැමදා හැම දුක් දුරලා
පුතු සිත සනසයි "
⭕"සතර අතින් මුහුද නැගී
පවුරු සදාලයි
වෙරළ දිගින් මුතු මතුවී
යසස උදා වෙයි
පොළොව පලා මිණි රුවනින්
ඉසුරු ගලා එයි
පොළොව එවන් පුතු උරුමෙන්
ලැබුව නිදානයි"
#admin_yasuu✍️🍃
*Success behind 9A 🔐✨*
❤️
1