Edu Sri Lanka 🇱🇰
Edu Sri Lanka 🇱🇰
February 12, 2025 at 04:30 PM
සිංහල සාහිත්‍යය රසාස්වාදය Lesson 19 *මඟ🤍🌻* ✨ප්‍රවේශය:- රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචිත මෙම "මඟ " පද්‍ය පන්තිය තුළින් ජීවිතය පිළිබඳ ප්‍රශස්ත විවරණයක් සිදු කරයි.කවියෙහි දෘෂ්‍යමය අවකාශය පුළුල් කිරීම, නව්‍ය ආකෘති යොදා ගැනීම හා ප්‍රස්තුතයට උචිත භාෂා භාවිතය වැනි එතුමන් සතු විශේෂතා මෙම පද්‍ය පන්තිය තුළින් ද ගම්‍ය වෙයි. ✨ආදර්ශ පද්‍ය: (ජීවන දෘෂ්ටිය) ⭕"මගක් නම් පියවර මතින් පියවර තබා තැනූ මඟක් මයි අතර මඟ ළත නොවී මුව දොර සොයා යන ගඟක් ම යි " ⭕"සිය දහස් කෝ වේ හමුවනා මං සන්ධි පසුවන අතවනා දහසක් දෙනා එක පියවරින් දහසක් යොදුන් දුර අරඹනා" ⭕"මඟකට දොසක් නොකියන් නැත ඊට නිසි කාරණා" ⭕"අම්බලම් විසිතුරු සල්පිලෙන් වටරවුම් පදිකා මල් වැටෙන් සෙවණලු සදන තුරුලිය පෙළින් සැදි දෙපස මනරම් - සෝබනා " ⭕"මොහොතක ඉසිඹු ලබනා විනා නැත අතරමග නතරවන වාසනා" ⭕"මඟක් නම් ඒ මඟක් ම යි නොමඟක් නොවෙයි මඟ නවතිනා" #admin_yasuu✍️🍃
❤️ 1

Comments