Edu Sri Lanka 🇱🇰
Edu Sri Lanka 🇱🇰
February 12, 2025 at 04:30 PM
සිංහල සාහිත්‍යය රසාස්වාදය Lesson 10 *ඇත්ගාලේ දරු පෙම🤍🌻* ප්‍රවේශය:- නූතන යුගයට අයත් වන ප්‍රකට කවියකු වන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත "ඇත්ගාලේ දරු පෙම" පද්‍ය පන්තිය, දරු සෙනෙහස පිළිබදව අපූරු චින්තාවක් මවන නිර්මාණයකි. එමෙන්ම තත්කාලීන සමාජය පිළිබඳව ද මනා විවරණයක් සිදු කරයි. සංවාදාත්මක සරල ව්‍යවහාර භාෂාවකින් රචනා වී ඇත. ආදර්ශ පද්‍ය: _(සරල ව්‍යවහාර භාෂාව)_ " බඩගිනි එනවා නිදිමත එනවා කොහොමද අම්මේ මා ඉන්නේ" " අනේ පුතේ මට කන්න බොන්න නෑ ඒ හින්දා නෑ කිරි එරුණේ " "අයිනක ඉඳලා දුවන අම්මලාගෙන් කිරි බීපන් පොඩි පුතුනේ" _(දරු සෙනෙහස පිළිඹිඹු කිරීම)_ "එක දරුවෙක් ඇති වුණොත් රැළේ අපෙ කාටත් කිරි එරිලා එනවා" "දරුවන් නැති අම්මලාටත් කිරි නම් තියෙනවා හරියට බුරුලු පුරා" "වෙනස් කමක් නෑ එක සෙනෙහසමයි කාගෙත් දරුවො යි සැලකෙනවා" _(තත්කාලීන සමාජ විවරණය)_ "බුදු සරණෙත් මදි දෙවි සරණෙත් මදි මයිල් ගහේ සරණෙත් පතති" " දෙපා සතුන් ඔය ආරක්ෂාවට රන් කෙන්දෙන් ඕවා බඳිති " #admin_ yasuu✍️🍃
❤‍🔥 1

Comments