Edu Sri Lanka 🇱🇰
February 12, 2025 at 04:31 PM
සිංහල සාහිත්‍යය රසාස්වාදය
Lesson 09
*ආගන්තුක සත්කාරය 🤍🌻*
ප්‍රවේශය :-
කොළඹ යුගයේ දෙවන පරපුරට අයත් දීප්තිමත් කවියෙකු වූ විමලරත්න කුමාරගමයන් ගතානුගතික ආකල්පවලින් ඈත්ව සංයමශීලීව හා මධ්‍යස්ථ මුහුණුවරකින් අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීමට පෙළඹුණු කවියෙකු ලෙස ඇගයුමට පාත්‍ර වෙයි.
කුමාරගමයන්ගේ ආගන්තුක සත්කාරය පද්‍ය පන්තියෙහි තේමාව වී ඇත්තේ ඔහු ඈත පිටිසර ගම්මානයකට ගිය අවස්ථාවක ගැමියෙකු විසින් සුහදශීලීව පිළිගෙන සංග්‍රහ කිරීමේ සිද්ධියයි.
ආදර්ශ පද්‍ය:
_(සරල ගැමි බස් වහර)_
"ගන්තුන තුලානේ අලියා වැටුණු වැවේ
සුන්දරහාමි එතරම් පොහොසතෙකු නොවේ
තුන්ලාහකම බිම වැඩ කර දියෙන් වැවේ
රන්වන් කරල් බරවී දැන් බිමට නැවේ"
"ඔහුගේ ගමට මා ගිය ඒ පළමු වර
තවමත් සිතේ ඇත අමතක නොවන යුර
හේනට ගොසින් ගෙන් හූවක් තරම දුර
එනවා දිටිමි මිටි බැඳගෙන වියළි දර"
_(නිර්ව්‍යාජත්වය පිළිඹිබු කිරීම)_
" දර ටික තබා සෙවණැති පලු ගසක යට
පිස දමා දමා දාඩිය එන නළල පිට
මා එන තුරුම සිට පෙන්වූ සිනහ කට
තවමත් පෙනේ දුක් දොම්නස් අතර මට"
"පෙර දැක නොමැති මුත් සුන්දරහාමි විසින්
මගෙ තොරතුරු ඇසූ හැටි හිතවතෙකු ලෙසින්
ගෙඩියක් කඩාගෙන ගෙමිදුල තැඹිලි ගසින්
පිළිගැන්වීය මට සොම්නස පිරුණු ඇසින් "
"පොල් දෙහි දොඩම් ගස් තුන හතරකි වත්තේ
දුප්පත්කමයි හැම තැන ලකුණුව ඇත්තේ
කෙලෙසද කියා කළගුණ සැලකිය යුත්තේ
දුන් සත පනහවත් ඔහු නැත පිළිගත්තේ"
"ආගන්තුක එන කෙනෙකුට පුරුදු නැතී
හිතවත්කමින් සැලකූ යුතුකමය සිතී
ඔහු වෙත මුදලකින් මා කළ හැටිය තුතී
සිහිවී මගේ කම්මුල රතු පැහැය ගතී"
#admin_yasuu✍️🍃
❤️
1