
Edu Sri Lanka 🇱🇰
February 12, 2025 at 04:31 PM
සිංහල සාහිත්‍යය රසාස්වාදය
Lesson 11
*වැහි වලාකුළ🤍🌻*
✨ප්‍රවේශය:-
සිංහල භාෂා හා සාහිත්‍ය ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදු කළ කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත පද්‍ය පන්තියකි "වැහි වලාකුළ". මෙම පද්‍ය නිර්මාණයෙන් වැහි වලාකුළේ ස්වභාවය විවරණය කරමින් මිනිස් සමාජයේ හොඳ නරක විග්රහ කරයි.
✨විචාරය සඳහා පද්‍ය :
🏷️(උසස් මානව ගුණධර්ම නිරූපණය)
⭕"වැහි වලාකුළ, පෑ කළු යැ යි ඔබේ
නො හොබිතියි කිසි ලෙස් නො සතොස් නොවන්
සිරුරු පෑයෙනු' ගත් සුදනෝ ලොවේ
නො හඳුනත් උතුමන් ගුණයෙන් විනා"
⭕"පැනැ - නැගී අහසේ පැතිරී ගොසින්,
මහ ගිමන් සිඳුවා සත සිත් තොසින්,
කුඹුරු - වැව් - පොකුණුත් පුරවා දියෙන්,
ලොවට දෙන්නා ඔබයි අහරත් පැනුත් "
⭕" කටට ගැන්ම ද බෝ මැ අමාරු වූ
කර දියත් ඔබ ගත් කලැ සාගරයෙන්
මිහිරි වෙයි උතුමන් සහ වාසයෙන්
නිවටයෝ ද උසස් වෙති බෝ සෙයින් "
🏷️(පරිසරයේ විවිධ අවස්ථා නිර්මාණයේ සාර්ථකත්වයට යොදා ගැනීම)
⭕"නද අසා ඔබගේ පැහැයත් බලා
මොනරු පිල් විදහා රඟ දෙත් නදින්
අමුතුයෙන් පණවත් බව ලද සෙයින්
තුරුලියත් ලියලයි සැනසී දියෙන් "
🏷️(කළු පැහැය පිළිබද සමාජයේ පවතින ආකල්ප නිශේධනය කිරීම)
⭕" සුදු වලාකුළු බෝ මැ අහස් කුසේ
ඉහළ යෙයි ; ඔබ යෑම පහත් වැ මැ යි
එ පුදුමෙක් ද ? උසස් නැණවත් දනෝ
ගුණ බරින් නැමුණෙ' ව් පවතිත් නිතින්"
⭕"ගුණ බලා ඔබගේ ලො සබා දහම්
ඔබැ' රැ අන් කිසිවෙක් නිසි නෑ 'කියා
විදුලියක් පැහැපත් රන් දම් සෙයින්
පළඳවන්නෙ ඔබේ ගෙලෙ මැ යි බලන් "
#admin_yasuu✍️🍃
❤️
1