Edu Sri Lanka 🇱🇰
February 12, 2025 at 04:32 PM
සිංහල සාහිත්‍යය රසාස්වාදය
Lesson 08
*උතුරෙන් 🤍🌻*
ප්‍රවේශය:-
නූතන යුගයේ මුල් පරපුරට අයත් වන ජනප්‍රිය කවියෙකු වන සාගර පලන්සූරිය මහතා තම නිර්මාණ තුලින් මානව දයාව හා ප්‍රේමය කුළුගැන්වීමට නැඹුරු විය.මෙම "උතුරෙන්" නම් පද්‍ය නිර්මාණය ද එතුමන් විසින් රචනා කරන ලද්දකි. මේ සඳහා තේමාව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ මිනිසුන් හා දකුණුරට මිනිසුන් යන දෙපිරිසම එකම පවුලක පිරිසක් බව අවධාරණය කිරීමයි.
ආදර්ශ පද්‍ය:
_(අපූර්ව කාව්‍යෝක්ති භාවිතය)_
" දකුණේ මෙන්ම උතුරෙත් හිරු නගියි උදේ
*රන් තරු රිදී තරු සවසට පෙළට ඇදේ*
*හඳ ඇති දාට රසබර රැස් දහර හදේ*
පොල් ගස් මුදුනෙ මෙන් තල් ගස් මුදුනෙ වැදේ"
_(සංහිඳියාව ජනිත කිරීම)_
"ඩහදිය හෙලන අය හිරිහැර අතර වැටී
දකුණේ මෙන්ම උතුරෙත් හැම තැනම සිටී
විමසා බලමි ඔවුනගෙ හදවතෙහි හැටී
කළුගල් යකඩ නොව උණු වී හැලෙන ඉටී "
" බැඳ ඇති විලංගුව පා මිණි සලඹ කොට
සලකා වැටෙන එය බැන්දහු ඉදිරිපිට
මිනිසුන් දකුණෙ මෙන් උතුරෙත් සිටින විට
සිහියෙන් තුරන් වෙයි හෙට යන දවස මට "
_(මානව දයාව පිළිඹිබු කිරිම)_
" මිනිහා වෙතින් මිනිහා වෙන් කරන රිසින්
බැඳ ඇති පවුරු පදනම් කිසි කෙනෙකු විසින්
ඒවා කඩා බිඳගෙන එහි පිරුණු පසින්
පාලම බැඳෙනු ඇත දවසක උතුරු දෙසින් "
"පැයකදි එකට හමු වන දුර ඇත දෙතැන
මෙය වෙන් කරනු හැකි කිසිවෙකු වෙද කොතැන
සුරුට්ටුවට එක් වී උතුරේ ඔතන
බේදය පිළිස්සී හමු වේවා දකුණ"
#admin_yasuu✍️🍃
❤️
1