Edu Sri Lanka 🇱🇰
Edu Sri Lanka 🇱🇰
February 12, 2025 at 04:32 PM
සිංහල සාහිත්‍යය රසාස්වාදය Lesson 15 උදය🤍🌻 ප්‍රවේශය:- නිසඳැස් කාව්‍ය සම්ප්‍රදාය ප්‍රචලිත කරමින් නූතන සිංහල පද්‍යයේ ගමන් මගෙහි විප්ලවීය වෙනසක් ඇති කළ සිරි ගුනසිංහ මහතාගේ "උදය" කවි පන්තිය අපූර්ව නිර්මාණයකි.මෙම නිර්මාණයෙහි දැකිය හැකි විශේෂ ලක්ෂණ කිහිපයකි. ඒ අතර එතුමන් විසින් යොදා ගත් කාව්‍යෝක්ති, අපූර්වත්ව සංකල්පනා යනාදිය කැපී පෙනෙයි. ආදර්ශ පද්‍ය: " පෙරදිග ගොරහැඬි රකුසෝ මගේ ධ්‍යානය ඇයි කඩන්නේ නිදා ගන්න පොරොවා ගත්ත කලු රෙදි පොට මොකටද මේ තීරු වලට ඉරා දමන්නේ" " කුරුල්ලන්ට ගල් ගහලා උන් හොඳටම බිය කරලා මල් පොහොට්ටු තිගැස්සිලා කඳුලු හෙලනවා" "ඇස් දෙක මම අරින්නේ නෑ තුරුලු කරන් භාවනාව නැවතත් යන්නට යනවා මම මගේ දැහැන ලෝකයටම " #admin_yasuu✍️🍃
❤️ 2

Comments