Darshana Ukuwela - Official
Darshana Ukuwela - Official
January 18, 2025 at 01:30 PM
පියවරක් තියන්න....❤️ අපි දෙයක් ලබා ගන්න කලින් මුලින්ම කරන්නෙ හීන දකින එක.හීනය හීනයක්ම වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඔයා පළමු පියවර තියනවද නැද්ද කියන එකෙන්.යමක් හිතුවා කියල එ් දේ ඉෂ්ට වෙන්නෙ නෑ.ඒ දේ වෙනුවෙන් මුල් පියවර තියන්නම ඕන.හැතැම්ම දහස් ගණනක ගමනක් වුණත් ආරම්භ වෙන්නෙ එක් පියවරකින්. හිත හිතම ඉන්නෙ නැතුව තමන්ට තියෙන දේවල් වලින් පුළුවන් විදියට පටන් ගන්න.ඔයා කරන දේ සාර්ථක වෙයිද නැද්ද කියල හිතන්නෙ නැතුව මුලින්ම පටන් ගන්න ඕන. විශාල වනාන්තරයක් වුණත් හට ගන්නෙ එක බීජයකින්.ඒ වගේම ඔයා තියන පුංචි පියවරෙන් තමයි ඔයාව කොච්චරක් දුරක් ඉහළට අරන් යනවද කියල තීරණය වෙන්නෙ. කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා හොඳයි පියවරක් තියල ගමන ආරම්භ කරන එක. ඉතින් තව තවත් හිත හිත ඉන් නැතුව දැන්ම පටන් ගන්න.... #darshanaukuwela #physics #motivation #life #success
❤️ 👍 🙏 189

Comments