
Darshana Ukuwela - Official
January 28, 2025 at 12:21 PM
🔴 ඇමෙරිකානු AI සමාගම්වලට දැවැන්ත අභියෝගයක් වූ චීනයේ DeepSeek AI
මේ වෙද්දි අමෙරිකාව තුළ වගේම ලෝකයේම අවදානයට යොමුවෙලා තියෙනව ප්‍රධානම මාතෘකාව තමයි DeepSeek AI.
ගිනිකොනදිග චීනයේ හැංෂෝ නගරයේ ආරම්භ කරන ලද චීන කෘතිම බුද්ධි සමාගමක් වන DeepSeek, මේ වනවිට අමෙරිකානු කෘතිම බුද්ධි කර්මාන්තය උඩු යටිකුරු කිරීමට සමත්ව තිබෙන බව වාර්තාවෙනවා.
2023 වසරේ ජූලි මාසයේදී දි ආරම්භ කළ සමාගමක් වූවත්,DeepSeek AI යෙදුම අමෙරිකාවට නිකුත් කර තිබුණේ දින කිහිපයකට පෙරයි.මේ වන විට Apple,Google Devices වල වැඩිපුරම නොමිලේ Download කළ යෙදුම බවට එය පත්ව තිබීම විශේෂත්වයක්.
මෙම සමාගම නිපදවූ R1 නම් Model එකට, ප්‍රකට ChatGPT හා සමාන කාර්ය සාධනයක් ලබා ගතහැකි බව සඳහන්..
මෙම යෙදුමේ ඉක්මන් ජනප්‍රියතාවය මෙන්ම අමෙරිකාව පදනම් කරගත් වෙනත් ප්‍රකට AI සමාගම් හා සසඳන විට DeepSeek හි අඩු පිරිවැය හේතුවෙන්,මූල්‍ය වෙළඳපොළවල් කඩා වැටී ඇති බව සඳහන් වේ.මෙම යෙදුම පිටුපස සිටින පර්යේෂකයන් පවසා ඇත්තේ එය ගොඩනැගීමට ඩොලර් මිලියන 6 ක් පමණක් වැය වූ බවයි. එය අමෙරිකා එක්සත් ජනපදයේ AI සමාගම් විසින් වියදම් කරන ලද බිලියන ගණනට වඩා බෙහෙවින් අඩු අගයක් බවත් ඔවුන් සඳහන් කරයි.
Nvidia වැනි ප්‍රධාන තාක්ෂණික සමාගම්වල මේ වනවිටත්, කොටස් තියුණු ලෙස පහත වැටී ඇති අතර, එහි වෙළෙඳපොල වටිනාකමෙන් ඩොලර් බිලියන 600කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ඇති බව සඳහන්.
☑️ මේ වගේ Updates/අලුත් තොරතුරු දැනගන්න Telegram සහ Whatsapp චැනලවලට එකතුවෙන්න
🌐https://t.me/DarshanaUkuwelaOfficial
📗https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J
😮
❤️
👍
😂
32