
✨🅦🅞🅡🅛🅓 🅞🅕 Ṁḁṯḧḕṁḁṯḭḉṡ 📐
February 6, 2025 at 04:16 PM
*✨ _Classification of Numbers_ ✨*
Numbers ගැන කලිනුත් අපි කතා කරා කට්ටියට මතක ඇතිනේ. ඒ වුණාට Numbers හරියටම කොහොමද වර්ගීකරණය කරන්නෙ කියලා අද අපි බලමු.
_ප්‍රධාන වශයෙන් සංඛ්‍යා කොටස් 2කට බෙදෙනවා._
⭕ *Real Numbers (තාත්වික සංඛ්‍යා) ( ℝ )*
සංඛ්‍යා රේඛාව මත පිහිටන සංඛ්‍යා සියල්ලටම පොදුවේ තාත්වික සංඛ්‍යා යැයි කියනු ලැබේ. තාත්වික සංඛ්‍යා කුලකය ℝ මගින් දක්වයි.
* *Rational Numbers (පරිමේය සංඛ්‍යා) ( ℚ )*
හරයේ සහ ලවයේ නිඛිල සහිතව ලිවිය හැකි සංඛ්‍යා පරිමේය සංඛ්‍යා ලෙස හඳුන්වයි. ℚ මගින් අර්ථ දක්වයි
Integers (නිඛිල) …, -2, -1, 0, 1, 2, 3…
Fractions (භාග) ⅗ , ½
* *Irrational Numbers (අපරිමේය සංඛ්‍යා) ( ℚ´)*
නිඛිල 2ක භාගයක් ලෙස ප්‍රකාශ කළ නොහැකි එනමුත් සංඛ්‍යා රේඛාව මත පිහිටන සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා වේ. අපරිමේය සංඛ්‍යාවල දශමස්ථාන අනන්ත සංඛ්‍යාවක් පවතී. පූර්ණ වර්ගයක් නොවන ඕනෑම ධන නිඛිලයක වර්ගමූලය අපරිමේය සංඛ්‍යාවක් වේ.
උදා : √2 , √5 , π
⭕ *Imaginary numbers (අතාත්වික සංඛ්‍යා)*
සංඛ්‍යා රේඛාව මත නිරූපණය කළ නොහැකි සංඛ්‍යා අතාත්වික සංඛ්‍යා ලෙස හැඳින්වේ. 🤔 කවදාහරි ඍණ සංඛ්‍යාවක වර්ගමූලය ගැන හිතලා තියනවද? ඍණයි ඍණයි ගුණ කළාම ධන සංඛ්‍යාවක් නේ එන්නෙ. ඍණ 1හි වර්ගමූලය තමයි අතාත්වික සංඛ්‍යා වල පදනම වෙන්නෙ ( √-1 = i ).
අතාත්වික සංඛ්‍යා තාත්වික සංඛ්‍යා සමග පවතින විට ඒවා සංකීර්ණ සංඛ්‍යා (Complex numbers) ලෙස හඳුන්වනවා. මේ ගැන වෙනම කතාකරන්න දේවල් ගොඩක් තියෙනවා. Complex Numbers කියන්නේ, අපි එකතු කරන අඩු කරන ගුණ කරන සංඛ්‍යා වගේ,ම වෙනස් ආකාරයක සංඛ්‍යා වර්ගයක්.
- Number Theory -
✨🅦🅞🅡🅛🅓 🅞🅕 *Ṁḁṯḧḕṁḁṯḭḉṡ* 📐
👍
4