✨🅦🅞🅡🅛🅓 🅞🅕 Ṁḁṯḧḕṁḁṯḭḉṡ 📐
✨🅦🅞🅡🅛🅓 🅞🅕 Ṁḁṯḧḕṁḁṯḭḉṡ 📐
February 7, 2025 at 03:37 PM
*📌කරණි* අපරිමේය සංඛ්‍යා ලෙස දශම ගණන අනන්තය දක්වා දිවයන සංඛ්‍යා හඳුන්වා ඇත. මෙසේ මූල ලකුණ '√' යොදාගැනෙන, අගය පරිමේය නොවන සංඛ්‍යා කරණි ලෙස හඳුන්වයි. √4 යන්න 2ට සමාන වේ. එසේ ධන පූර්ණ සංඛ්‍යාවල වර්ගමූලය මූල ලකුණ තුළ යෙදුව ද, කරණි ලෙස නොසලකයි. නමුත් √2 වැනි සංඛ්‍යාවල අගය දශමස්ථාන අනන්තය දක්වා දිවයයි. එවැනි ප්‍රකාශන කරණි ලෙස හඳුන්වයි. √20 වැනි මුළු සංඛ්‍යාවම වර්ගමූල තුළ ඇති ප්‍රකාශන *අඛිල කරණි* ලෙස හඳුන්වයි. 📝2√3 යන ප්‍රකාශනය කරණියකි. එය අඛිල ක‍රණියක් බවට පත්කිරීමට නම්, 2√3 = 2 × √3 = √4 × √3 = √12 📝කරණි සුළු කිරීම් සිදුකිර්‍රිමේදී කරණිය අඥාතයක් සේ සිතා සුළු කිරීම් සිදුකළ හැකිය. 2√3 + 5√3 සුළු කිරීමේදී √3 , x යැයි ගෙන 2x + 5x = 7x ලෙස 7√3 පිළිතුර ගත හැකිය. > Do not copy without permission❌ ✨🅦🅞🅡🅛🅓 🅞🅕 *Ṁḁṯḧḕṁḁṯḭḉṡ* 📐
❤️ 9

Comments