✨🅦🅞🅡🅛🅓 🅞🅕 Ṁḁṯḧḕṁḁṯḭḉṡ 📐
February 10, 2025 at 11:11 AM
Ⓜ️ *Branches of Mathematics*💖
ගොඩක් අයගේ Maths කියන subject එක ගැන තියෙන්නේ එක එක විදිහෙ වැරදි ආකල්ප. එකතු කිරීම් අඩු කිරීම් පුළුවන් වුණා කියලා Maths වලින් දක්ෂයෙක් කියලා කෙනෙක්ව මනින්න බෑ. Maths කියන්නේ එකතු කිරීම්, අඩු කිරීම් ගැන විතරක් තියෙන subject එකක් නෙවෙයි. Mathematics කියන්නේ fields ගොඩක් තියෙන පුළුල් පරාසයක විහිදුනු subject එකක්. ඒවා ගැන සරල අදහසක් ගන්න අද ඒ ගැන පොඩ්ඩක් කතා කරමු.
◻️ *Arithmetic (අංක ගණිතය)🧮*
ගණිත කර්ම හා ගණිතයේ මූලික සංකල්ප පිළිබඳව හැදෑරීම අංක ගණිතය යටතේ සිදු කරයි.
➕ගණිත විෂයේ මූලික අඩිතාලම ලෙස ද හැඳින්විය හැකිය.
🟰 එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම හා බෙදීම වැනි දේ ගැන හදාරයි.
◻️ *Algebra (වීජ ගණිතය)* 🪄
විවිධ ක්‍රම භාවිතයෙන් අඥාත වල අගයන් සෙවීම සිදුකරයි. x, y වැනි අඥාත පද ඇතුළත් වීජීය ප්‍රකාශන සුළු කිරීම වීජ ගණිතයේ මූලික සංකල්පයයි. _වීජ ගණිතය යටතේ තවත් පාඩම් කීපයක් ද අන්තර්ගත වේ._
◻️ *Geometry (ජ්‍යාමිතිය)* 📏
විවිධ ජ්‍යාමිතික හැඩතල, ඝනවස්තු හා ඒවායේ ගුණාංග පිළිබඳව හැදෑරීම ජ්‍යාමිතිය යටතේ සිදු කරයි.🔺
_Grade 9, 10, 11 syllabus වලදි අපිට ජ්‍යාමිතික ප්‍රමේයයන් 42 ක් බලාගන්න පුළුවන්._ ⬜
◻️ *Statistics (සංඛ්‍යානය)* 📊
සංඛ්‍යා දත්ත සමූහයක් විවිධ ආකාර වලින් නිරූපණය කිරීම හා විශ්ලේෂණය සංඛ්‍යානය යටතේ සිදු කරයි. දත්ත සංවිධානය, පෙළගැස්වීම, අර්ථකථනය හා නිරූපණය සංඛ්‍යානයේ මූලික සංකල්ප වේ.📑 _9, 10, 11 ශ්‍රේණිවල දත්ත නිරූපණය හා අර්ථකථනය, සංඛ්‍යාත ව්‍යාප්ති කියන පාඩම් වල සංඛ්‍යානයේ මූලික ගණනය කිරීම් ඇතුළත්ය._
◻️ *Calculus (කලනය)📈*
Calculus is the branch of mathematics that deals with continuous change.
ශ්‍රිත වල වෙනස්වීම් ගැන හැදෑරීම සහ නිර්වචනය කිරීමට අසීරු ශ්‍රිත ආසන්නයේ අගයන් සෙවීමත් කලනය යටතේ සිදු කරයි.
උදා: පිළිතුර ලෙස 0/0 ලැබෙන ශ්‍රිතයක් ආසන්නයේ අගය සෙවීම..
_9, 10, 11 Syllabus වල මේ ගැන කතා කරන්නේ නෑ. A/L Combined maths කරනවනම් තමා කලනය ඉගෙන ගන්න තියෙන්නේ._
◻️ *Trigonometry (ත්‍රිකෝණමිතිය)* 📐
_මේ නම ගොඩක් අය අහලා තිබ්බට දැනුම තියෙන අය ඉන්නෙ ටික දෙනයි._
ත්‍රිකෝණමිතිය කියන්නේ ත්‍රිකෝණයක කෝණ හා පාද අතර ඇති සම්බන්ධතාව පිළිබඳව හදාරන විෂයක්. ඒත් ගැඹුරට ගිහින් sin, cos අස්සේ හිර වෙද්දී නම් ත්‍රිකෝණ මේවට ගෑවිලාවත් නෑ කියලා හිතෙනවා.🙃
_School syllabus වලදි නම් අපිට ත්‍රිකෝණමිතිය පාඩම තියෙන්නෙ 11 ශ්‍රේණියේ 3 වාරයට. ඒ තියෙන්නෙත් ත්‍රිකෝණමිතිය ගැන පොඩි හැඳින්වීමක් විතරයි. Combine maths වලදි වඩා ගැඹුරට ත්‍රිකෝණමිතිය ඉගෙන ගන්න පුළුවන්._
◻️ *Set theory & Probability (කුලක හා සම්භාවිතාව)*
මේකේ නම් නමින්ම තේරෙනවනේ subject එක මොකක්ද කියලා. කුලක පිළිබඳව හා සිද්ධීන් සිදුවීමේ සම්භාවිතාව ගැන තමයි මේකෙදි කතාකරන්නෙ. කුලක මගින් බොහෝ ගැටලු සාධනය කරලා පෙන්වන්න පුළුවන්.
◻️ *Number theory* 🔢
Number theory කියන්නේ numbers ගැන කතාකරන field එකක්. විවිධ ගුණාංග අනුව සංඛ්‍යා වර්ගීකරණය, විවිධ සංඛ්‍යා පද්ධති හැසිරවීම ගැන Number theory යටතේ කතා කරනවා.
*◻️Applied Mathematics (ව්‍යවහාරික ගණිතය)🪜*
ව්‍යවහාරික ගණිතය කියන්නේ අපිට සැබෑ ජීවිතයේදී ප්‍රයෝජනවත් වෙන ගණිතය ආශ්‍රිත සංකල්ප ගැන හැදෑරීම. මේක ටිකක් Physics වගේ. හැබැයි ඊට වඩා ගැඹුරට අධ්‍යයනය කරන්න පුළුවන්.
> Do not copy without permission❌
https://whatsapp.com/channel/0029VaeA4fd96H4ITBL4xK2j
✨🅦🅞🅡🅛🅓 🅞🅕 *Ṁḁṯḧḕṁḁṯḭḉṡ* 📐
❤️
👍
😊
❤🔥
🙏
37