Japan Insight Zone (日本インサイトゾーン)
Japan Insight Zone (日本インサイトゾーン)
February 6, 2025 at 02:51 PM
ජපානේ කෙනෙක්ව රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද? ලංකාවේ ඉඳන් ජපානෙට රැකියා සඳහා ඇවිත් ඉන්න සෑහෙන පිරිසක් ඉන්නවා නේ. මෑතකදී විවිධ ක්‍රම ඔස්සේ මෙහෙම රැකියා වලට ඇවිත් සෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙච්ච අය FB group වල එහෙම උදව් ඉල්ලලා තිබුණා. රැකියාවෙන් ඉවත් කරපු අවස්ථා, Agreement එකට අනුව වැඩ හෝ පඩි නොලැබෙන අවස්ථා, රැකියාවක් නොමැතිව ඇවිත් රැකියාවක් හොයාගන්න උදව් ඉල්ලන අවස්ථා මේ අතරින් ඉහලයි. ඉතින් මේ discussion වලදී පෙන්න තිබුන දෙයක් තමයි ජපානේ Labor Laws ගැන වැඩි පිරිසකට කිසිම අවබෝධයක් නැහැ. ඒක නිසා අද ලිපියෙන් ජපානේ කෙනෙක්ව job එකෙන් කෙනෙක්ව අයින් කරද්දී අදාල වෙන Labor Laws ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුනා. මේ Labor Laws වලින් ගොඩක්ම ආරක්ෂා වෙන්නේ Permanent Employee (正社員) කියන කොටසට වැටෙන අයව. Contract (契約社員) සහ Dispatch (派遣会社), ඒ කියන්නේ Staffing Agency එකක් හරහා වැඩ කරන අයට මේ Labor Laws වලින් ලැබෙන රැකවරණය ටිකක් අඩුයි. 1. රැකියාවෙන් ඉවත් කිරීම සඳහා සාධාරණ හේතුවක් අවශ්‍යයි Labor Contract Act (労働契約法) එකේ අංක 16 දරණ වගන්තියට අනුව කෙනෙක්ව රැකියාවෙන් ඉවත් කිරීමට නම් නිෂ්පක්ෂිකව සාධාරණ සහ සමාජීය වශයෙන් පිළිගත හැකි හේතුවක් අවශ්‍යයි. මෙහෙම හේතුවක් ඉදිරිපත් කරන්න බැරි නම් උසාවිය විසින් මේවගේ නඩු නිෂ්ප්‍රභා කරනවා. 2. සේවයෙන් ඉවත් කිරීමට නොහැකි කරුණු (解雇の禁止) මෙන්න මේ පහලින් තියන කරුණු වලට අදාළ වෙන හේතුවක් මත රැකියාවෙන් ඉවත් කරන්න බැහැ. මේ වගේ දේවල් නීතිවිරෝධීයි වගේම ආයතනයට විරුද්ධව නඩු මගට යන්න පුළුවන්. Discrimination, ඒ කියන්නේ ස්ත්‍රී/පුරුෂ භාවය අනුව, ජාතිකත්වය අනුව, අබාධිත, ගැබිණි, එහෙම නැත්නම් ආයතනය හෝ ඉන් පිටත සමිති සමාගම් වල සාමාජිකත්වය දැරීම වගේ හේතු මත රැකියාවෙන් ඉවත් කරන්න බැහැ. පළිගැනීමේ චේතනාව මත සිදු කෙරෙන ඉවත් කිරීම්. උදාහරණයක් ගත්තොත් සමාගමට විරුද්ධව පැමිණිල්ලක් කිරීම වගේ දේවල් වලට විරුද්ධව ඉවත් කිරීම් කරන්න බැහැ. Maternity Leave (මාතෘ නිවාඩු කාලය තුල) - දරු ප්‍රසුතියට පෙර ලබාගන්නා නිවාඩු කාලය තුල හෝ දරු ප්‍රසුතියෙන් අවුරුද්දක් යන තුරු සේවයෙන් ඉවත් කරන්න බැහැ. රැකියාවට අදාල හේතුවක් මත අසනීප නිවාඩු මත සිටින කාලය තුල හෝ සුවය ලැබීමෙන් දවස් 30ක් ඇතුලත සේවයෙන් ඉවත් කරන්න බැහැ. උදාහරණයකට ගත්තොත්, machine එකක වැඩ කරන කෙනෙක් වැඩ කරද්දී තුවාල වෙලා තුවාලය සුව වෙනකම් ඉන්න කාලය. 3. සේවයෙන් ඉවත් කිරීමට පෙර සිදුකල යුතු දැනුම් දීම (解雇予告義務) කෙනෙක්ව සේවයෙන් ඉවත් කිරීමට නම් දවස් 30කට පෙර දැනුම් දෙන්න ආයතනය නීතියෙන් බැඳිලා ඉන්නවා. මෙහෙම දවස් 30ක දැනුම් දීමක් කරන්න බැරි වෙන අවස්ථා වලදී dismissal allowance (解雇予告手当), ඒ කියන්නේ සේවයෙන් පහ කිරීම වෙනුවෙන් වෙනම මුදල් දීමනාවක් ලබාදෙන්න අවශ්‍යයි. මේ මුදල සාමාන්‍යයෙන් දවස් 30ක පඩියක් විදියට තමයි නීතියෙන් සඳහන් කරලා තියෙන්නේ. 4. Layoffs (整理解雇) මේක ටිකක් වැදගත්, මොකද ඔයාලට මතක ඇති 2022 අවුරුද්දේ ආර්ථික හේතු මත ඇමරිකාවේ එහෙම ගොඩක් IT company වල වැඩ කරන අයව Layoff කරා. ජපානෙ මේ විදියට layoff කරන්නත් සාධාරණ හේතු අවශ්‍යයි. මේ සඳහා ආයතනයක් සපුරන්න ඕන කොන්දේසි 4ක් තියනවා. i. සමගමට මුල්‍ය දුෂ්කරතා ඇති බවට ඔප්පු කල යුතුයි. මේකට below the red line කියල කියනවා. ii. තම සේවකයින්ගේ රැකියාව ආරක්ෂා කිරීම සඳහා ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම අරගෙන තියෙන්නේ කියල ඔප්පු කරන්න ඕන. (වැටුප් කප්පාදු කිරීම, ස්වේච්චාවෙන් ඉවත් වීමට ඉඩ ලබා දීම වගේ දේවල්) iii. සේවයෙන් ඉවත් කිරීම සඳහා සාධාරණ තේරීම් සිදුකරා කියල ඔප්පු කරන්න ඕන. මම උඩින් 2. කියන කොටසේ සඳහන් කරපු කරුණු වලට අදාලව ඉවත් කිරීම් කරන්න බැහැ. iv. සමගම තම සේවකයින් සමඟ සාකච්චා කොට ඔවුන්ට සේවයෙන් ඉවත් කිරීමට අදාල පැහැදිලි කිරීම් ලබාදී එකඟතාවය ලබාගත යුතුයි. 5. විනයානුකුල හේතුවක් මත සේවයෙන් ඉවත් කිරීම (懲戒解雇) මේ විදියට සේවයෙන් ඉවත් කරන්න නම් සමාගමට ඒ හා අදාල පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම තමයි මේ හේතු බරපතල ඒවා වෙන්නත් ඕන. උදාහරණයකට ගත්තොත් සමාගමට වංචා කිරීම, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම, ප්‍රතිපත්ති උල්ලංගනය කිරීම වගේ දේවල් ගන්න පුළුවන්. මීට අමතරව සමගම විසින් ඊට අදාල නිසි ක්‍රියා පටිපාටි අනුගමනය කරා කියල ඔප්පු කරන්නත් ඕන. ඒ කියන්නේ අදාල සේවකයාව PIP එකකට යොමු කිරීම, ඇඟවීම් ලබාදීම, විවිධ විභාග පැවැත්වීම වගේ දේවල්) 6. අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීමට අභියෝග කිරීම. කෙනෙක්ට තමන්ව අසාධාරණ ලෙස රැකියාවෙන් ඉවත් කරා කියල හිතෙනවා නම් Labor Standards Inspection Office (労働基準監督署) එකට පැමිණිලි කරල Labor Bureau (労働局あっせん) එකේ මැදිහත් වීමක් ඉල්ලා සිටින්න පුළුවන්. එහෙම කරලා සිවිල් අධිකරණයේ සමාගමට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. එහෙම නඩු මම මේ උඩින් 1-5 මාතෘකා යටතේ කියල තියන දේවල් වලට අදාලයි කියල ඔප්පු උනොත් ලොකු වන්දියක් පවා ගන්න පුළුවන්. මෙන්න මේ හේතු නිසා තමයි ජපානේ සේවකයෙක්ව රැකියාවෙන් ඉවත් කරන්න අමාරු. මේකට සමාගම් කරන්නේ එහෙම ඉවත් කරන්න ඕන සේවකයාව වෙනත් department එකකට මාරු කරන එක, එහෙම නැත්නම් දුර පළාතකට මාරු කරන එක, එහෙම නැත්නම් වැඩ නොදී තියන එක හෝ අධික ලෙස වැඩ පැවරීම වගේ දේවල් කරන එක. එතකොට රැකියාව එපා වෙලා ඉවත් වෙන එක තමයි කරන්නේ. මීට අමතරව ස්වේච්චාවෙන් ඉවත්වෙනවා නම් අවුරද්දක පඩිය දෙනවා (severance pay) වගේ කොන්දේසි ඉදිරිපත් කරලා ඉවත් කිරීම කරන ආයතන පවා තියනවා. ඉතින් ඔයත් ජපානේ Permanent Employee (正社員) කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ රැකියාව සැහෙන්න නීතියෙන් සුරක්ෂිතයි. Contract හෝ Dispatch ක්‍රමයට වැඩ කරන අයට මේ නීති ටිකක් වෙනස්. ඒ ගැන මම වෙනම ලිපියකින් කතා කරන්නම්. -------------------------- උපුටාගැනීම ~ OhayoTalks වෙබ් පිටුව. මෙම ලිපිය මුහුණු පොතෙන් උපුටාගැනීමකි...... FOLLOW US ON 🔴 YouTube 👇 https://www.youtube.com/@JapanInsightZone 🔴Facebook👇 https://www.facebook.com/profile.php?id=61565069654765&mibextid=ZbWKwL 🔴Telegram 👇 https://t.me/JapanInsightZone 🔴Whatsapp 👇 https://whatsapp.com/channel/0029VacV9pmLdQedAEUTH41P
❤️ 👍 😮 😂 🙏 15

Comments