
The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
February 3, 2025 at 01:09 AM
ලෝකයේ විශාලතම හා වටිනම පුද්ගලික නිවස
Antilia ලෙස හදුන්වන මෙම නිවස ධනවත් ව්‍යාපාරිකයකු වන අනිල් අම්බානිට අයත් වේ. මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක් පමණ වේ.🇮🇳
එය ඇමෙරිකානු ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් නිර්මාණය කර ඇත. තට්ටු 27 කින් සමන්විත වන මෙම නිවසෙහි තට්ටු 6ක් පුරාවට රථ ගාල ඇති අතර, එහි මෝටර් රථ 160 ක් පමණ එකවර නවතා තැබිය හැක. මීට අමතරව 50 දෙනෙකුට එකවර නැරඹිය හැකි සිනමා ශාලාවක්,විවිධ වර්ගයේ උත්සව ශාලා, හෙලිකොප්ටර් තුනක් එකවර නවතා තැබිය හැකි හෙලිපෑඩ් එකක්, GYM එකක් , ආගමික ස්ථානයක්, හිම කාමරයක්, අධිවේගී විදුලි සෝපාන 9 ක් ආදී බොහෝ දේවල් වලින් මෙය සමන්විත වේ.
මෙහි සේවක සේවිකාවන් 600 කට අධික පිරිසක් සේවය කරන අතර, රික්ටර් මාපක 8 භූමිකම්පාවකට පවා ඔරොත්තු දෙන ලෙස මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.🏰
❤️
😮
👍
📹
😂
😑
😳
🙏
🥸
34