
Dr.Rasanjana Ilangkoon
January 26, 2025 at 06:15 AM
ආධ්මාන නැත්තම් බඩ පුරවා දැමීම කියල සරලව හදුන්වන මේක වේදනාවක් සහිතව හෝ රහිතව එන්න පුළුවන් . වාතරෝග ගණයට තමා මේ ලෙඩේ අයිති වෙන්නෙ. අපේ බඩ පුරවා දැමීම එක්ක හෝ බඩේ විවිධ ස්ථාන වලින් පොඩි පොඩි වේදනා ඇතිවිම එක්ක එන බඩේ අපහසුතා ව තමා මේ විදියට හදුන්වන්නෙ.
මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් තමා අපි අධෝවාතය ට පිට වෙන්න නොදී ඒක පාලනය කරගන්න එක.. ගොඩක් වෙලාවට හිතාමතා හෝ ලැජ්ජාව නිසා හෝ මේක පාලනය කරන පිරිස වැඩියි.. ඒ වගෙ ම නිතරම වාඩිවෙලා වැඩ කරන අය, රියදුරු රැකියාවල නිරතවෙන අයටත් මේ බඩේ වාතය පිරීම සහ බඩවැල්වල වාතය එකතුවීම කියන එක බහුලව ඇතිවෙනවා
බඩ කියල මෙතන අදහස් කරන්නෙ ඇත්තටම අපේ බඩ ඇතුලෙ තියන බඩවැල් ඒ කියන්නෙ අන්ත්‍රවල මෙහෙම පිරෙන එක තමයි.. ඒ නිසා බඩ ඇතුලෙ සද්ද බද්ද ඇහෙනවා වගෙම හරිම අපහසුතාවක් දැනෙනවා. සමහර විට මේ වාතය සිරවීම එකක් මලබද්ධතාවය ( මල නිසි ලෙස පිට නොවීම, මල වියලීම ) සහ මුත්‍රා හරියට පිට නොවීමත් යටි බඩ කොරවීම වගෙ තත්වත් ඇතිවෙන්න පුළුවන් ..
ඉදගන්න ආසනය සැපපහසු උනාට වැඩක් නෑ නිසි වාත්‍රාශ්‍රයක් ලැබෙන්නෙ නැත්තම් .. මෙන්න මේ නිසා වාඩිවෙලා ඉන්න තැනින් පැයකට පැය බාගෙකට පාරක් වත් නැගිටින්න අමතක කරන්න එපා..AC දාගෙන හිටිය කියලා පස්ස රත්වෙන එක නැතිවෙන් නෑ 😁
පහු කාලීනව ගුදමාර්ගෙ ආශ්‍රිත ව ගොඩක් ලෙඩ එන්න හේතුවක් තමා මේක..
ඒ වගෙම ගොඩක් කල් ඉදන් මේක තියෙනවා නම් ඒ එක්ක තව ලෙඩ ගොඩක් එන නිසා අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවෙන්න අවශ්‍ය යි.
Dr.Rasanjana Ilangkoon
BAMS ( University of Kelaniya )
HarithaAyur Healthcare
Ganemulla
Contact via whatsapp 0703482814
❤️
👍
🙏
😂
😢
90