
Ux Charcoal
February 14, 2025 at 03:52 AM
"ප්‍රේමය නම්"
අවාරයේ අනපේක්ෂිතව සුපිපෙන
සදාකාලික කුසුමකි...
පණ අදින හිත් වලට පණ දෙන
මහෞෂධීය සුසුමකි..
බිඳී විසිරී සුන්ව ගිය තැන්
පවා සකසන පැතුමකි..
හිස්ව රිදුමන් දෙනා හිස්
අතගා සනසවන සුරතකි..
ජීවිතේ කළු අමාවකටත්
සහන් එලි දෙන තරුවකි..
මුලු ආත්මය වැළඳ සනහන
දිව්‍යමය වූ තුරුලකි..
ජීවිතය කතරක් වුවත්
නිවා සනහන සෙවණකි..
සංසාරයම නිවා සනහන
භාවනාවක හැඟුමකි..
ඉතින් එහෙමත් ප්‍රේමයක් නම්
මහාර්ඝ වූ මැණිකකි..
දුක් ගඟක් රැඳි දිවිය සනහන
සදාකාලික සැපතකි..
උපුටාගැනීම Suboda Ariyarathne ෆේස්බුක් පිටුවෙන් ❤️
❤️
😂
22