
හීන - Dream with DK♥️🎓
January 20, 2025 at 02:46 AM
කොල්ලෙක් රස්සාවක් හොයාගෙන බැටළුවන් ඇතිකරන ගොවිපලකට ආව..😔
අයිතිකාර වයසක සුද්දා ඇහුව උඹට තියෙන සුදුසුකම් මොනවද?🤔
කොල්ල කිව්ව "ඕනම සුළි කුනාටුවක් තියෙන දවසක උනත් මට හොදට නිදාගන්න පුළවන්"😌
(I can sleep peacefully through a storm ⛈️☔️)
කියපු කතාව එච්චර ගනන් නොගෙන ගොවිපල බලාගන්න උදව්වට කොල්ලෙක් ඕන නිසා වැඩට ගත්තා. 😏
ඔහොම මාස කිහිපයක් යනකොට පාන්දර ජාමේ මහ සද්දයක් ඇහිල වයසක සුද්දයි, සුද්දියි ඇහැරුනා.😨
බැලින්නම් ගස් අඹරගෙන , කදු පෙරෙලවමින් මහ කුණාටුවක් හමනව. 😰
කුණාටුව නවතිනකම් දෙන්නම භීතියෙන් ගෙට වෙලා ඉදල ගොවිපලට වෙලා තියෙන විනාශය බලන්න ඒ පැත්තට ගියා. 😧
ඒ වෙනතෙක් වැඩට ගත්ත කොල්ලගෙන් කිසිම හොයා බැලිල්ලක් වත් සද්දයක් වත් නෑ. 😳
ගොවිපල පැත්තට යනකොට එළිමහනේ එක බැටළුවෙක් වත් පේන්න නෑ. උන්ගෙ කිසිම සද්දයකුත් නෑ. 😳
ගොවිපළේ Barn එකේ දොර, බිත්තිවල සහ වහලේ තිබුන දිරපු ලී සහ කොට අයින් කරල හොදට ශක්තිමත්ව කොල්ල විසින් හදල තියෙනව දැක්ක. 😳
හිමීට Barn එකේ දොර ඇරල බලුව,
බැටළුවො ඔක්කොම කිසි කලබලයක් නැතිව උන්ගේ පාඩුවෙ වියළි තණකොල කමින් හිටියා. 😳
උන්ට සතියකට උනත් ඇතිවෙන්න වතුර , කෑම රැස් කරල තිබුන..
ගොවිපළේ සියළුම ආයුධ පිළිවෙලකට තියල වෙන කාමරයක අහුරල තිබුන.😌
ගොවිපලේ ට්‍රැක්ටර් එක ගරාජ් එකට දාල දොර ලොක් කරල තිබුන.
කුණාටුව නිසා ගොවිපළට වෙච්ච කිසිම හානියක් දකින්න නෑ..☺️
මෙච්චර කුණාටුවක් ඇවිල්ලත් , ගොවිපළේ කොල්ල පේන්න නෑ.. වයසක සුද්දා කොල්ල නිදාගන්න ගොවිපළේ කොනේ තිබුන Annexe එක විපරම් කරල බැලුව.
කොල්ල සැපටම ගොරව ගොරව නිදි.. 😳
ඇති වෙන්න කෑම , ගිණි පෝරණුවට වියළි දර එක් රැස් කරල තිබුනා..
එදා වැඩට ආපු දවසෙ කොල්ල ප්‍රහෙල්ලිකාවක් වගේ කියපු කතාව සුද්දට තේරුනා..🤔
“I can sleep peacefully Through a Storm” 🤟
~ කුණාටු නැති කාලේ, අමාරු නැති කාලේ,
අහස පැහැදිලිව තියෙන දවස්වල, අපේ අතේ පයේ ශක්තිය තියෙන කාලේ මහන්සි වෙලා. හොදින් කාලය කළමනාකරණය කරගෙන අපි වැඩ කරන්න ඕනේ.
එතකොට එන ඕනම දුෂ්කර කාලයකට මුහුණ දෙන්න අපිට පුළුවන්..🤘
“So We can sleep peacefully Through a Storm”
Share if you agree 👍 or just ignore ✊
Thanks for Reading 🙏♥️
Post owner : සුරංග විදානගේ.
(Credit goes to respective owner)
https://whatsapp.com/channel/0029Va8PD69DOQIPyrkeJj0a
❤️
👍
🔥
56