
හීන - Dream with DK♥️🎓
February 14, 2025 at 02:51 PM
🍃ප්‍රේමවන්ත පෙබරවාරියේ..
ආදරෙන් සමරන වැලන්ටයින්💕
"වැලන්ටයින්" මෙන්න මේ අකුරු ටිකට මේ වෙද්දිත් ඔයාගෙ හිත ඇතුළෙ මොන විදිහෙ වෙනසක් කරන්න පුළුවන් වෙලා ඇතිද🤔 සමහරවිට ලැජ්ජාවෙන් ඇඹරෙන, මූණට හිනාවක් ගේන, ඉබේටම බිම බැලෙන වගේ හැඟීමක් ඔයාටත් එනවනම් එහෙම නැතුව 'අපෝ... මල විකාරයක්' කියලා ඔයාටත් හිතෙනවනම් ඔයත් වැලන්ටයින් ගැන ටිකක් විතර දන්නවත් ඇති.
අපි අහලා තියෙන විදියට වැලන්ටයින් සමරන්නෙ පෙම්වතුන්. ඒත් ඔයා දන්නවද✊ මෙච්චර කාලෙකට ඔයා දැනගෙන හිටියද ✊
ඇත්තටම ඔයාටත් වැලන්ටයින් සමරන්න පුළුවන් 💖
ඔව්.... ඒ ඇත්තටම ගොඩාක් ආදරෙන්.
අලුත් අවුරුද්දක පෙබරවාරි මාසෙ කිව්වම මුලින්ම ඔයාගෙ ඔලුවට එන්නෙ 4ද 14ද🤭 නිදහස නෙවෙයි වැලන්ටයින් දවස නේ???
එහෙනම් ඔන්න ලෑස්ති වෙන්න😌 මේ අවුරුද්දේ ඉඳන් එක දිගට වැලන්ටයින් සමරන්න❤️✊
🌺උඹත් ආදරේ කරා නේද ??? තාමත් ඒ විදියටම ඊටත් වැඩියෙන් ආදරේ කරනවා නේද ?????
-උත්තරේ "ඔව්"
+❥ කවුරු, කවදා, කොහොම උඹව අතෑරියත්, උඹව දාලා ගියත් උඹ උඹට ආදරේ කරන්න ඕනේ🌹🍃
+❥ උඹව නැති කරගන්න මිනිස්සුන්ට දෙපාරක් නෙවෙයි , සිය දහස් වතාවක් හිතලත් හිතාගන්න බැරි විදියට උඹ උඹේ හීන දිනාගන්න ඕනේ🌹🍃
👊මතක තියාගනිං💯 ඒ කාටවත් රිද්දන්න , පළිගන්න නෙවෙයි, උඹ වෙනුවෙන් වැඩක් කරගන්න විතරයි.
+❥ උඹ මේ ලෝකෙ හුස්ම ගන්න පටන් ගත්ත මොහොතේ ඉඳන් උඹට ආදරේ කරපු උඹේ පළවෙනි ප්‍රේමවන්තයො දෙන්නම වෙනුවෙන් උඹ හීන දිනන්න ඕනේ🌹🍃
+❥ ඒ දෙන්නා උඹ එක්ක හිටියත් නැතත් උඹට ආදරේ කරන උඹ වෙනුවෙන්, ඒ දයාබර ආශිර්වාදය වෙනුවෙන් මේ ගේම කොහොමහරි දිනන්නම ඕනෙ🍃🌹
+❥ මෙච්චර කාලෙකට උඹ වෙනුවෙන් තප්පරයක් පවා මහන්සි උන, කට්ට කෑව, හැම ජීවිතයක් වෙනුවෙන්ම උඹ අනිවාර්යයෙන්ම උඹේ හීන දිනන්නම ඕනේ🌹🍃
+❥ මේ මොහොතේ උඹ එක්ක උන් හිටියත් නැතත් එදා ඒ දුන්නු හයිය වෙනුවෙන්, එදා උඹට මිස් වෙච්ච කෘතගුණ වෙනුවෙන් උඹ හැම හීනයක්ම දිනාගන්නම ඕනේ🌹🍃
ඔව්..! ඒක නියතයක් !!!!!
ඉදින්, නිසැකව ම, නිර්භයව,
නොපසුබස්නා වීර්යයෙන්
උඹ හීන දිනන්නම ඕනේ😌❤️🌍
💋අනිවාර්යයෙන්ම උඹට පුළුවන් 💪💪💪
🛑මුලින්ම හරියට උඹ උඹට ආදරේ කරපං😎
♥️ ⃟⃝ꔷ👨🏻🎓⃟⃝ꔷ👩🏻🎓⃟⃝ꔷ🎓හීන🎓⃟⃝ꔷ👩🏻🎓⃟⃝ꔷ👨🏻🎓⃟⃝ꔷ ♥
හීන - Dream with DK
ඇත්තටම මොකක්ද මේ වැලන්ටයින් ???
( කෙටියෙන් 👇)
ක්ලෝඩියස් නම් රෝම අධිරාජයාගේ කාලයේ, එරට සොල්දාදුවන් හට පැණවූ අසාධාරණ නීතියක් විය. එය නම් , රෝම සොල්දාදුවන් හට ක්‍රිස්තියානි කාන්තාවන් සමග විවාහ වීම තහනම් යනුවෙනි.
එකල රෝමයේ විසූ රදගුරු වූ වැලන්ටිනස් නම් සාමිවරයා හට මෙපුවත සැලවිය. ඊට කිසිසේත් එකඟ නොවූ සාමිවරයා රජුට රහසේ රෝම සෙබළුන්ව විවාහ කර වන්නට වූයේය.
එය දැනගත් රජු ඔහුව සිරගත කළ අතර මරණීය දණ්ඩනය ද නියම කළේය . එයින් බිඳකුදු නොසැලුණු මේ සාමිවරයා බන්ධනාගාරය තුළ දීද තම අධ්‍යාත්මික ශක්තිය මඟින් සියල්ලන් හටම පිහිට වූ මනුෂ්‍යත්වයෙන් පිරිපුන් අයකු විය . එහෙත් රජුට විරුද්ධ වූ පුද්ගලයකු ලෙස ඔහුට හිමි වූ මරණ දඬුවම වෙනස් වූයේ නැත.
කෙසේ නමුත් එම සාමිවරයා මරාදමුවේ පෙබරවාරි 14 වැනි දිනදීය. පසුකාලීනව ඔහුව අනුස්මරණය කිරීමට මෙම දිනය යොදා ගත් බව පැවසේ. එසේම එම කාලයේ සෑම වසරකම වසන්ත උදාව සංකේතවත් කරමින් පෙබරවාරි මාසයේ සමරනු ලැබූ 'ලූපකේලියා' නම් උත්සවය ද හේතු කොට ගනිමින් ඒ සියල්ල හේතු රහිතව හෝ සහිතව එකිනෙක මිශ්‍ර කොට " වැලන්ටයින් " ලෙසින් පෙබරවාරි දාහතර වෙනි දින සමරන්නට යෙදුණි .
ඉන්පසුව කාර්මික විප්ලවයෙන් අනතුරුව ඇති වූ ගෝලීයකරණය , වාණිජකරණය මෙන්ම ඒ සමගින් නව ලෝකයට හඳුන්වාදුන් ( event management ) අවස්ථා කළමනාකරණය ආදී කරුණු කාරණා පාදක කරගනිමින් මෙය ඉතා වේගයෙන් ලොව පුරා පැතිරෙන්නට විය. මෙමඟින් වෙළඳ ප්‍රචාරණය වටා එක් වූ ලාභ රැසක් වෙළෙඳපළ හිමියන් භුක්ති විදින බව නොකිව මනාය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් අසීමාන්තික ලෙස, කිසිදු දැනුම් තේරුමක් නොමැති ව ලංකාවේ
තරුණ ප්‍රජාව ආදරය කෙසේ වෙතත් ලිංගිකත්වය උලුප්පා දක්වමින්, අන්ධ භක්තියෙන් යුතුව #වැලන්ටයින් මහා උජාරුවෙන් සමරයි😶
.......................................................................................
😊හැමදාම Valentine කිව්වම උඹේ හිතට එන රතු රෝස මලට, රිබන් පටියට, හාට් එකට වැඩිය දෙයක් ඒ ඇතුළෙ තියෙනවා කියලා අදවත් තේරුනා ද⁉️
🔥එසේ නම් විය යුත්තේ කුමක්ද ?
💝පළමුවෙන්ම උඹ උඹට ආදරය කිරීම ම නොවේද ?🤏😎
#ඉතිං_උඹත්_වරෙන්🤟
#අපිත්_රැල්ලට_වැලන්ටයින්_සමරමු🌚🖤...........❤️
@හීන - Dream with DK
https://whatsapp.com/channel/0029Va8PD69DOQIPyrkeJj0a
❤️
👍
🥹
19