Office 𝐄𝐝𝐮𝐥𝐢𝐟𝐭 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 📚✨
January 29, 2025 at 04:34 PM
*🍀ශාක පටක🍀* 🎍පටකයක් යනු, > ජීවී දේහයක අඩංගු වන නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු පොදු ජීවී සම්භවයක් දරන සෛල සමූහය *"පටකයක්"* ලෙස හැඳින්වේ. *🍁 ශාක පටක වර්ගීකරණය 🍁* ♨️ ශාක පටක ප්‍රධාන වර්ග 2️⃣ 🔅 ස්ථිර පටක > විභාජනය නොවේ .නව සෛල නොසෑදෙයි 🔅 විභාජක පටක > විභාජනය වෙමින් නව සෛල සාදයි. ♨️ ස්ථිර පටක නැවත කොටස් දෙකකට වර්ග වේ. *🔅 සරල ස්ථීර පටක3️⃣* > එකම වර්ගයේ සෛලවලින් සෑදී ඇත. *🍁 මෘදුස්තර පටකය* 🔖 ශාකයක බහුලවම ඇත. 🔖 සජීවී සෛල 🔖 අන්තර් සෛලීය අවකාශ නැත. 🔖 ගෝලාකාර සම විෂ්කම්භික වේ. 🔖 න්‍යෂ්ටි පර්යන්තර ඇත. 🏷️ පිහිටි ස්ථාන • කඳේ බාහික හා මජ්ජාව • මුලේ බාහිකය හා මජ්ජාව • ඵලවල මාංශල කොටස් • බීජ වල • පත්‍රවල (ඉනි මෘදුස්තර / සවිවර මෘදුස්තර) 📯 කාර්යය 1. ප්‍රභාසංස්ලේෂණය 2. ආහාර සංචිත කිරීම *🍁 ස්ථූල කෝණාස්තර පටකය* 🔖 සජීවී සෛල 🔖 හරස්කඩ බහුඅස්‍රාකාර යි 🔖 සෛල බිත්තිවල කොන් සෙලියුලෝස් තැන්පත් වී ඇත. (විෂමාකාර ලෙස ඝන වී ඇත) 🏷️ පිහිටි ස්ථාන • ද්විබිජපත්‍රි ශාක පත්‍ර නාරටි • ආකාෂ්ටිය ශාකවල කඳේ අපිචර්මය 📯 කාර්යය 1. ශාකයට සන්ධාරණය සැපයීම. *🍁 දෘඩස්තර පටකය* 🔖 අජීවී සෛල 🔖 සෙලියුලෝස් බිත්ති මත ලිග්නීන් තැන්පත් වී ඇත. 🔖 සමාකාර ඝණකම 🔖 සෛල මැද හිස් කුහර 🔖 සෛල තදින් ඇසිරී ඇති නිසා අන්තර් අවකාශ දක්නට නැත. ♦️ වර්ග දෙකකි. 1. දෘඪතර තන්තු සෛල > පොල් කෙඳි , හනකෙඳි කපු නූල් > ශෛලම පටකය හා ෆ්ලෝයම් පටකයේ තන්තු 2. දෘඩස්තර උපල සෛල > විවිධ ඵලාවරණ වල > පොල් කඳුරු අඹ වැනි ඵලවල අභ්‍යන්තර ආවරණයේ > රට ඉඳි කෝපි බිජාවරණ 📯 කාර්යය 1. ශාක දේහයට සන්ධාරණය සැපයීම. *🔅 සංකීර්ණ ස්ථිර පටක 2️⃣* > එකිනෙකට වෙනස් වර්ගයේ සෛල වලින් සෑදී ඇත. *🍁 ශෛලම පටකය* ♦️ සෛල වර්ග හතරකි. 1. ශෛලම වාහිනී 2. ශෛලම වාහකාහ 3. ශෛලමීය තන්තු 4. ශෛලමිය මෘදුස්තර (සජීවී) 🏷️ කාර්යය > ජලය හා එහි දිය වූ ඛණිජ ලබන පරිවහනය > ශාකයට සන්ධාරණය සැපයීම. *🍁 ෆ්ලෝයම පටකය* ♦️ සෛල වර්ග හතරකි. 1. ෆ්ලෝයම නාල (පෙනේර තල) 2. සහචර සෛල 3. ෆ්ලොයමීය මෘදුස්තර 4. ෆ්ලෝයමීය තන්තු (අජීවී) 🏷️ කාර්යය > කාබනික ආහාර පරිවහනය. *🌀 විභාජක පටකය 🌀* > අනුනන විභාජනයට ලක් වෙමින් නව සෛල සෑදීමට හැකියාව දරන සෛල වලින් සෑදෙන පටකය යි. ♦️ ප්‍රමාණයෙන් කුඩා සජීවි සෛල ♦️ මයිටකොන්ට්‍රියා විශාල සංඛ්‍යාවක් ♦️ අන්තර් සෛලීය අවකාශ රහිතයි ♦️ හරිතලව නැත ♦️ කුඩා රික්තක , කැපී පෙනෙන න්‍යෂ්ටි ඇත. *♨️ විභාජක පටකය වර්ග 3️⃣* *🔅 අග්‍රස්ථ විභාජක පටක* 🏷️ පිහිටි ස්ථාන 1. කඳ අග්‍රස්ථය 2. මූල අග්‍රස්ථය 3. කක්ෂීය අංකුර 📯 කාර්යය > කඳ දිගින් වැඩි කිරීම. *🔅 පාර්ශවික විභාජක පටක* 🏷️ පිහිටි ස්ථාන 1. සනාල කැම්බියම 2. බාහිර කැම්බියම 📯 කාර්යය > කඳ විෂ්කම්භය වැඩි කිරීම. *🔅 අන්තර් විභාජක පටක* 🏷️ පිහිටි ස්ථාන 1. කඳේ පර්ව පාද 📯 කාර්යය > පර්වවල දිග වැඩි කිරීම.
❤️ 👍 😢 10

Comments