MRC - Homagama
January 18, 2025 at 02:51 PM
*හෙට මොකද වෙන්නේ..?*
හෙට පාසලේ තුදුස්වන සංවත්සරය... ඔයාලගේ පාසල ආරම්භ වෙලා අවුරුදු 14 ක් වෙලා...
දන්නෙම නැතිව දුර ගමනක් අමාරුවෙන් ඇවිදිල්ලා තියෙනවා..
ඉතින් ඒ වෙනුවෙන් හෙට පැවැත්වෙන පිංකම් මාලාව මෙසේයි.
*ආශිර්වාදාත්මක බෝධි පූජාව*
අනුග්‍රහය - ශිෂ්‍ය නායක මණ්ඩලය
වේලාව - සවස 6.00
මෙහෙයවීම - කාව්‍ය ශ්‍රී මධුරභාණි, මීපේ ඤාණවිමල ස්වාමින්ද්‍රයන් වහන්සේ,
==========================
*පිරිත් දේශනාව*
රාත්‍රී 9.00 ස්වාමින් වහන්සේලා පිරිතට වැඩම කිරීම.
ස්වාමින් වහන්සේලාට ගිලන්පස දානය
පසුදා පහන්වනතුරු උතුම් පරිත්‍රාණ ධර්ම දේශනාව
පාන්දර 5.30 ට විදුහල්පතිතුමන් ඇතුළු සැමට පිරිත් නූල් බැඳ ආශිර්වාද කිරීම.
අනුග්‍රහය - උසස්පෙළ අංශය
===========================
*සිව්පස් නමක් විසයෙහි පවත්වනු ලබන උතුම් සංඝගත දක්ෂිණාව*
උදේ 6.30 දානය පිරි නැමීම.
7.30 වැඩ සටහන් නිමාව.
අනුග්‍රහය - මධ්‍ය අංශය
===========================
*ආලෝක පූජාවේ අනුග්‍රහය - 6/7 අංශය*
=============================
*සංග්‍රහයන්*
* හවස 5 - 6 තේ සහ බිස්කට්
* රෑ 7.30 - 11 රෑ කෑම
* රෑ 12 ඉඟුරු තේ සහ බිස්කට්
* පාන්දර 3 Nescafe සහ මාලු බනිස්
* පාන්දර 5 තේ සහ බිස්කට්
අනුග්‍රහය - 8/9 අංශය
===========================
*කාටද එන්න පුලුවන්*
පන්ති නායකයින්
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නිලයන්
ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිලධාරීන්
ඇතුළු සමිතිසමාගම්වල නිලතල දරන්නන්
*ජාතික ඇදුමින් සැරසී* පැමිණිය යුතු ය.
*අනෙක් දරුවන්ට ද කැමති නම් දෙමාපියන් සමඟ පැමිණිය හැකි ය.එහෙත් ජාතික ඇදුමින් එන්න ඕන*
*දෙමාපියන් නොමැතිව කිසිවෙකුටත් පාසලෙන් රාත්‍රී කාලයේ බැහැරවිය නොහැකිය*
=== ආදී ශිෂ්‍යයින්====
*ආදි ශිෂ්‍යයින් ආගමික උත්සවයකට සුදුසු වන පරිද්දෙන් අවම උඩුකයටවත් සුදු ඇදුමකින් සැරසී පැමිණෙන්න.*
_ආරක්ෂකයින් 180 කින් යුතු කමිටුවක් පාසලේ ඔබ වෙනුවෙන් පත්කර ඇති අතර පාසලට නොගැලපෙන කිසිවක් රැගෙන එන්න එපා._
*දුරකථනය ද ගෙදර තබා පැමිණෙන්න. පාසල තුළ ආරක්ෂිතයි.දෙමාපියන්ට ඇමතුම් ගුරුභවතුන් මාර්ගයෙන් ගත හැකිය.*
එන්න පිංකරන්න.. ඔබට බැති සිතින් ආරාධනා කරමු.
*සංවිධායක කමිටුව*
❤️
🙏
😂
82