MRC - Homagama
February 4, 2025 at 04:35 AM
*සතියේ ලිපිය* ⭕ ශ්‍රී ලංකා ජාතික නිදහස් දිනය වර්ෂ 1948 ක් වූ පෙබරවාරි 04 වන දින එකසිය තිස් තුන් වසරක් (1815-1948) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් විජිතයක්ව පැවතීමෙන් පසුව ශ්‍රී ලංකාවට නිදහස ලැබුණි.නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ. මෙම 4,5 දෙදින තුල සත්ව ඝාතන ස්ථාන වසා දැමීය. පෙබරවාරි 4,10,11,12 යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරිණ. 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළැඹෙන සුබ මොහොතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මන්ක් මේසන් මුවර්තුමා, සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ කොළඹ රජ වාසලේදී දිවුරුම් දුන්නේය. ලංකාව ස්වාධීනත්වයට පත් වු මේ ඓතිහාසික දිනය රජයේ නිවාඩු දිනයක් වශෙයන් ප්‍රකාශකරන ලදි. ප්‍රථමවරට ලංකා පාර්ලිමේන්තු මන්දිරයේ කොඩි ගසෙහි සිංහ කොඩිය හා ඉංග්‍රීසි කොඩිය එකට එකක් නොපරදින‍ සේ එදින ළෙල දුනි. බොහෝ විහාරස්ථාන හා දේවස්ථානවල ආගමික පුදපූජා පවත්වන ලදි. එක්දහස් නවසිය හතලිස් අටේ පෙබරවාරි හතරවැනිදා ඇරඹී දහහත්වන දින අවසන් වීමට නියමිත වු උත්සව මාලාවේ අතිඋත්කර්ෂවත් දිනය පෙබරවාරි දහවැනිදා උදාවිය. එදින ස්වාධීන ලංකාවේ ප්‍රථම පාර්ලමේන්තු සභාවාරය කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේ ඉදිකරන ලද නව රැස්වීම් ශාලාවේ පැවැත්විය. එම ගොඩනැගිල්ල මඟුල් මඩුවේ ගෘහනිර්මාණ ශිල්පය අනුකරණය කොට ගොඩනගා තිබුණි. මෙම උත්සවයේ ප්‍රධානත්වය උසුලන ලද්දේ ලංකාවේ VIවන ජෝර්ජ් මහරජතුමාගේ සොහොයුරු ග්ලෝස්ටර් ආදිපාදවරයා ය. එදින උත්සවයෙන් පසු දහතුන්වැනි දින මහනුවර මඟුල් මඩුවේ පැවති උත්සවයේදී ග්ලෝස්ටර් ආදිපාදතුමා පත්තිරිප්පුවේ සිට සිංහ ධජය ඹසවා ලංකාව නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශ කළේය. ඒ ප්‍රකාශයෙන් අදට වසර හැත්තෑ හතක් ගෙවී ඇත. 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. සැවොම එක්ව අභිමානවත් වු 77 වන ජාතික නිදහස් දිනය සමරමු. අදීත් මෙත්දිනු  11-S #gkc #mrc #swordofwisdom #celebrating #nationalindependenceday #srilanka #articleoftheweek #quizzing #lionsquizzing
❤️ 👍 😂 23

Comments