CHAMU🦋
February 13, 2025 at 05:17 AM
ගොඩක් අයට හෙට විශේෂ සතුටු දවසක් වුණාට මං දන්නවා හෙට දවසෙත් විදවන මිනිස්සු ගොඩයී... සමහර විට ඔයත් එහෙම කෙනෙක් වෙන්න ඇති... දකින whatsapp status වල ඔයා දන්න මිනිස්සු Facebook upload කරන photos දැක්කාම ඔයාටත් හිතෙයි " අනේ මටත් මෙහෙම ආදරයක් තිබ්බනම් කියලා" දුකක් ඇති වෙයි ඇයි මං විතරක් තනියම කියලා... ඉතින් අහන්නකෝ... ඔයත් කාලෙකට කලින් ආදරේ කරපු මනුස්සයෙක් වෙන්න ඇති නැත්නම් ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්න මනුස්සයෙක් වෙන්න ඇති. ඒත් ඔයා අත්දැකීමෙන් දන්නවා ආදරේ කරන්න අපි හිතන තරම් ලේසි නෑ බලාගෙන ඉද්දී ආදරේ කරන්න හිතුනට ආදරේ කියන්නෙ හරි අමුතු හැගීමක් හැමදේම ඇති කරලා දාන්නත් පුලුවන් හැමදේම තප්පරෙන් නැති කරලා දාන්නත් පුලුවන් අමුතු හැගීමක්.... ආදරේ හිතෙන ලෝබ හිතෙන අඩුවක් නැති ආදරයක් ලැබෙන්නේ සංසාරෙ පිනට... ඉතින් ඔයා දුක් නොවී ඉන්න ඔයාටත් දවසක හරිම කෙනා මුණගැහෙයි ඒ වගේම ආදරේ ලස්සනට දකින තැන් වල එහෙම අයට ඊරිසියා නොකර සතුටු වෙන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න!!! විශ්වාසෙන් ඉවසීමෙන් බලන් ඉන්න එතකන් ඔයා ආදරේ විදින්න 'බෙදන්න හුරු වෙන්න බලාපොරොත්තු නැති කරගන්න එපා ආදරණීය දවස් එන්නේ ඉස්සරහට.... 🌸💗 Chamu 🦋
❤️ ❤‍🩹 🥰 💕 😘 🥺 🫶 💓 💛 🖕 141

Comments