
BOSA's World__🕊️ᥫ᭡ "
February 16, 2025 at 05:05 PM
🌈 *එක සඳයි - තරු තුනයි*🌈
- එක සඳකට තරු තුනක් පෙම්බඳි. -
🄴🄿🄸🅂🄾🄳🄴 4️⃣7️⃣
සඳුන් යළි නිවසට එන විටත් අරලියා සිටියේ මිදුලේ වූ ගල් බංකුව මත වාඩි වී ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනා කර කර ය.
ආදරය දුක ය. හදවත පතන කෙනා ම ඒ ආදරය ප්රතික්ෂේප කරද්දී දැනෙන දුක තවත් වැඩි ය.
සමරදිවාකර මහත්මිය කෙල්ලට කන්න කොච්වර කතා කරත් අරලියා තවමත් නොකා සිටින්නේ තමාගේ සුදු අයියා බඩගින්නේ නිසා ය. සුදු අයියා බඩගින්නේ සිටිද්දී කටට දමා ගන්නා බත් කටක් වත් උගුරෙන් පල්ලෙහාට යන්නේ නැත.
" සුදු නංගී...මොකද මේහ් තනියම කළිවරේ ඉඳන් කරන්නේ එළියට වෙලා....රෑට ඔහොම එළියේ ඉන්න හොඳ නෑ ළමයෝ පිණි බානවා....."
" මගේ හිතට අද හරි ම පාලුයි සුදු අයියේ....ඒ වගේ ම දුකයි...."
" ඇයි ඒ මගේ සුදු බෝලෙට හිතට දුක පාලුව දැනෙන්නේ.....?"
" අනේමන්දා සුදු අයියේ...මට කියන්න තේරෙන්නේ නෑ.....මගේ හිතට අද මහ මූ ස ල හැඟීමක් දැනෙන්නේ......"
දැන් තම සුදු අයියා තවත් හිතක හිමිකරුවෙකි. ඒ මින්නෝලිගේ. ඒත් සුදු නංගී තාමත් එය දන්නේ නැත. දන්නවා නම් ඇය මෙහෙම ඉන්නේද නැත. ඒත් අරලියාට දැනෙන මේ මූ ස ල හැඟීම එයද?
" ඔයා හිතනවා වැඩියි සුද්දී....ඒකයි මේහ් හැමදෙයක් ම.....තාම ඔයා ඔය කාලත් නෙමෙයි නේද ඉන්නේ....?"
කො//ල්ලා තම සුදු නංගී ගැන මේ හැම දෙයක් ම කියන්නේ ඉවෙන් වගේ ය.
" ඔයා හොඳට ම දන්නවා සුදු අයියේ....ඔයා බඩගින්නේ ඉන්දෙද්දී මට කන්න බෑ කියලා..ඉතින් එහෙම දැන දැනත් ඇයි අහන්නේ මම කාලාද ඉන්නේ කියලා...."
සුදු නංගි අද තමා සමග කතාකරන්නේ හරියට ඔරොප්පුවට වගේ. මේකට හේතුව මොකක්ද? සඳුන් මේ වෙලාවේ කල්පනා කරන්නේ ඒක.
කෙ//ල්ලන් ආත්මාර්ථකාමී ය , ඉරිසියාකාර ය. එහෙව් කෙල්ලන් තමා ආදරය කරන පිරිමියා වෙන කෙල්ලෙක් ඇසුරු කරනවාට කොහෙත් ම කැමති වන්නේ නැත.
" මම ඒක දන්නවා සුදු බෝලේ....එන්න යං ගෙට මම අද මගේ සුදු බෝලෙට කවන්නම්...."
" හෑ...ඔය ඇත්තමද සුදු අයියේ.....?"
" හ්ම්....ඕව් ඇත්තමයි...."
" මට නම් විශ්වාස කරන්නත් බෑ සුදු අයියේ...."
" ඇයි දැන් විශ්වාස කරන්න බැරි...මගේ සුදු බෝලෙට මං මීට කලින් කවල ම නැද්ද....?"
සඳුන් ඒක නම් අරලියාගෙන් ඇසුවේ හරියට දුකින් වගේ.
" නෑ ඉතිම් දැන් මගේ සුදු අයියාට ගෑණු ළමයින්ගේ ඇල්ම බැල්ම වැටෙනවා ගොඩක් වැඩියිනේ......ඒක නිසා මම හිතුවේ මගේ සුදු අයියාට එයාගෙ සිදු නංගිට කවන එක අමතක වෙලා ඇති කියලා....හුම්....."
අරලියා කිව්වේ බිම බලාගෙන ය.
" අනේ මැ ට් ටි....එන්න යන්න පි..ස්..සු විකාර කියවන්නෙ නැතුව කන්න යන්න....."
සඳුන් එසේ කියා අරලියාගේ අතකිනුත් අල්ලන් ගෙට ගියා.
*හෙට රාත්රී 10.30ට නැවත හමුවෙමු....🤍💐*
©©©©©©©©©©©©©©©©
⭕ *කරුණාකර කතු අයිතිය සුරකින්න.*⭕
❌❌❌❌❌❌❌❌
Wrriten by - 𝗦𝗮𝗰𝗵𝗶𝘁𝗵 𝗣𝗿𝗮𝗺𝗼𝗱✍️
*කතාව කියවලා රිඇක්ට් කමෙන්ට් කරන හැමෝට ම ගොඩක් ස්තූතියි. රියැක්ට් කරන් යං....🥺♥️*
❤️
🥺
👍
😕
♥️
❤🩹
💕
🥰
66