Edu Sri Lanka 🇱🇰
Edu Sri Lanka 🇱🇰
February 17, 2025 at 10:53 AM
💫 සිංහල සාහිත්‍ය සංග්‍රහය 💫 🍁පළමු පාඩම :- සතර කන් මන්ත්‍රණය. 🍀 උම්මග්ග ජාතකය ඇතුළත් ග්‍රන්ථය :- පන්සිය පනස් ජාතක පොත 🍀ජාතක පොත ලිය වුණු යුගය :- කුරුණෑගල යුගය 🍀ජාතක පොතේ ඇතුළත් ජාතක කතා ගණන :- 547 ක් 🍀ජාතක කතා පොත ලියැවුණු යුගයේ කුරුණෑගල රජ කම් කළේ :- හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු 🍀ජාතක කතා පොත ලිවීමට අනුග්‍රහය දැක්වූයේ :-- වීරසිංහ ප්‍රතිරාජ ඇමති 🍀ජාතක කතාවල ආකෘතිය කොටස් තුනකි, 1) අතීත කතාව 2) වර්තමාන කතාව 3) සමෝධානය (පූර්වාපර සන්ධි ගැළපීම ) 🍀 ජාතක කතා පොත ලිවීමට පාදක කරගත් ග්‍රන්ථය :- පාලි ජාතකට්ඨ කතා පොත 🍀ජාතක පොත පාලි ජාතකට්ඨ කතා පොතේ සෘජු පරිවර්තනයක් නොවන බවට උදාහරණ මොනවාද? 1) ජාතක කතා පොතේ වෛයාකරණ කොටස දක්නට නොලැබීම . 2) ජාතක කතා පොතේ ජාතක ගාතා ස්වල්පයක් දක්නට ලැබීම . 3) ජාතක කතා පොතේ අතීත කතාව සම්පූර්ණයෙන් දක්නට ලැබීම 🍀ජාතක කතා පොත ඇසුරෙන් වෙන් වෙන් වශයෙන් ලිය වුනු කෘතීන් :- 1) උම්මග්ග ජාතකය 2) උම්මදන්ති ජාතකය 3) එළු උමංදාව 🍀ජාතක කතා පොත ඇසුරෙන් ලියවූණු ගී කාව්‍යයන් :- 1) මුවදෙව්දාවත 2) සසදාවත 3) කව්සිළුමිණ 🍀ජාතක පොත ඇසුරෙන් ලියවූණු කාව්‍ය ග්‍රන්ථ :- 1) කාව්‍යශේඛරය 2) වෙස්සන්තර ජාතකය 3) නිමි ජාතකය 4) සඳ කිඳුරු දා කව 5) කව්මිණි මල්දම 6) කව්මිණි කොඬොල 7) කුස දා කව 8) ගුත්තිල කාව්‍ය [ 💫 ඉහත සඳහන් ගී කාව්‍යයන් හා කාව්‍ය ග්‍රන්ථයන් යනු දෙවර්ගයකි . එබැවින් ඒ වා වෙන වෙනම විභාගයට අසන බැවින් හොදින් බලාගන්න ] 🍀උම්මග්ග ජාතකය ලිවීමේ ප්‍රධාන අරමුණ :- මහෞෂධ පණ්ඩිතයන්ගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීම 🍀උම්මග්ග ජාතකයේ සඳහන් නුවරවල් දෙක , ඒවා පාලනය කළ රජවරුන් සහ ඔවුන්ගේ පඬිවරුන් කවුද? 💫 මියුලු නුවර - වේදේහ රජු පඬිවරුන් :- සේනක , පුක්කුස , කාවින්ද , දේවින්ද සහ මහෞෂධ පණ්ඩිතයාණෝ. 💫උත්තර පංචාල නුවර - චූලනී බ්‍රහ්මදත්ත රජු පඩිවරයා - කේවට්ට බමුණා 🐻 කෙටි සටහන් මුළු පාඩමටම මෙච්චරයි. 🐻විචාර ලියද්දි වැඩි පුරම අහන්නේ උම්මග්ග ජාතකය ලිවීම සදහා උපයුක්ත කරගත් භාෂාව ගැන.ඒ නිසා උම්මග්ග ජාතකයේ තියන, 1) උපමා උපමේය 2) අනුප්‍රාසාත්මක වචන භාවිතය 3) පාලි මිශ්‍රිත භාෂාව මේ වගේ කරුණු වලට උදාහරණ අනිවාර්යයෙන් බලාගන්න. |උපුටා ගැනීමකි.
❤️ 2

Comments