Edu Sri Lanka 🇱🇰
Edu Sri Lanka 🇱🇰
February 27, 2025 at 11:14 AM
*A for SιɳԋαԼα ԼιⲦ ❤️🎉* *✨ `08. අඟුල්මල් දමනය` ✨* `I කොටස` *`මූලික කරුණු :` 👉🏻✨* *♦️ජාතකය අඩංගු ග්‍රන්ථය : අමාවතුර* *♦️ යුගය : පොළෝන්නරු යුගය* *♦️කර්තෘ : ගුරුළුගෝමි පඬිතුමා* *♦️ විශේෂත්වය : බුදුරජාණන් වහන්සේගේ ‘පුරිස දම්ම සාරිති’ බුදු ගුණය මුල් කොට ගෙන රචනා කිරීම.* *♦️ අන්තර්ගත පරිච්ඡේද ගණන : 18* *♦️පළමු පරිච්ඡේද තුන : දුර්දාන්ත දමනය , ස්වසන්තාන දමනය, පරසන්තාන දමනය* *♦️රචනා කිරීමේන් කතුවරයාගේ බලාපොරෝත්තුව : ‘නොවියත් හුදී ජනන් සඳහා සිය බසින් මා විසින් සැඛවින් දක්වනු ලැබේ.’* _________________________________ *`විචාර සදහා උදාහරණ :` 👉🏻✨* *01. `රාජය පාලනය අඩාල වීම` පිළිබඳ පැහැදිලි කිරීම.* *“ඔහු ඇතැනියෙන් තිරු කොටැ ගන්නේ යැ” යි ඇතුන් දී යවී යැ.* *“අසැණියේන් තිරු කො ටැ ගන්නේ යැ” යි අසුන් දී යවී යැ.* *“රථැණියෙන් තිරු කොටැ ගන්නේ යැ” යි රථ දී යවී යැ.”* *“එ කල්හි රජ මහ ජනා ගෙ ගිගිරියෙන් “මා මැ ගිය මැනවැ...”* *02. `ජන ජීවිතය අඩාල වීම` පිළිබඳ පැහැදිලි කිරීම.* *“හෙ හැම ආරන්‍යයෙහි හසර නැති කෙළේ. දර පලා සඳහා වල් යන්නහු නැති. රෑ ගමට වැදැ පයින් පැහැරැ දොර ගලවා-පියා එහි හොතුවන් මරා-පියා ‘එකකකැ දෙකකැ’ යි ගැණැගෙන-යෙයි.”* *“ගම්වැස්සො ගම් පියා ගොස් නියම්ගම් වන්හා. නියම්ගම්වැස්සෝ ගොස් නුවර වන්හු. තුන් යොජනක් තන්හි මිනිස්සු ගෙ පියා දරුවන් අතැ ගෙන ගොස් සැවැත් නුවර වටා කඳවුරු බැඳැ රාජාඞ්ගණකයහි රැස් වැ”* *03. `අහිංසක දරුණු මිනීමරුවෙකු වීමට හේතු` පැහැදිලි කිරීම.* *“හෙ ධර්මාන්තේවාසික වැ ශිල්ප උගන්නි. වත්සපනැ , කී කී දැයක් වහා සපයයි. මන වඩන නියායෙන් හැසිරෙයි, පෙම් වඩන නියායෙන් බෙනෙයි"* *“පුතැ, මිනිස් දහසක් මැරුව මැනැවැ. එ සේ වන්නා ශිල්පයට උපචාර කළා වේ” යි කී යැ. “ඇපි අන්නට හිිංසා නොකරන කුලෙහි උපන්නම්හ.එ සේ නොකොට හැක්කැ” යි කී යැ.* *“ශිල්පයට උපචාර කොටැ දැළි කප්වා නහා පිළි පෙරළා මවුපියන් දක්මි’ යි...”* _________________________________ Created by, *~saranya ♥️*
❤️ 👍 11

Comments