"GEO HUB" | 🇱🇰 Official Channel
February 19, 2025 at 04:09 PM
🚨🚨🚨
ශ්‍රී ලංකාවේ දිග, පළල, මායිම සහ වර්ග ප්‍රමාණය අලුත් වෙලා කියාලා ඔයාලා දන්නවාද???
🔅 ඉස්සර ඉඳන් අපි දන්නේ ශ්‍රී ලංකාවේ දිග කිලෝමීටර් 432 යි, පළල කිලෝමීටර් 224 යි, වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65,610 යි කියලනේ.
🔅 ඒ ඔක්කොම දැන් වෙනස් වෙලයි තියෙන්නේ.
🔅 මේ අලුත් මිනුම් සහිත වාර්තාව පිළියෙළ කරලා එළිදැක්වූයේ ලංකාවේ මේ සම්බන්ධ ඉහලම ආයතනය වන ශ්‍රී ලංකා මිනිදෝරු දෙපාර්තමේන්තුව විසින්.
🔅 ඔවුන්ගේ මෙම වාර්තාවට අනුව ලංකාවේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 67,240 ක්.
🔅 ගොඩක් අය හිතුවේ හම්බන්තොට වරාය, පොර්ට් සිටි එක, කොළඹ වරායේ අලුත් පර්යන්ත නිසා මෙහෙම වුණා කියලා.
නමුත් ඒක එහෙම නෙමෙයි සිද්ධ වුණේ.
🔅 නවතම නිර්වචනයන් එක්ක ලංකාවේ වර්ග ප්‍රමාණය කොටස් තුනකින් සමන්විත වෙනවා. ඒ,
1. අභ්‍යන්තර ජල මූලාශ්‍ර අන්තර්ගත නොවන භූමි ප්‍රමාණය - වර්ග කිලෝමීටර් 65,489
2. බොක්ක ආශ්‍රිතව ඇති භූමි ප්‍රමාණය - වර්ග කිලෝමීටර් 345
3. කලපුව ආශ්‍රිතව ඇති භූමි ප්‍රමාණය - වර්ග කිලෝමීටර් 1,406
ලෙසයි.
🔅 ශ්‍රී ලංකාවේ අලුත් දිග සහ පළල මනින්නෙත් අලුත් විදියකට.
🔅 ඒ තමයි ලංකාවේ,
⬆️ උතුරු කෙළවර වන පේදුරු තුඩුවත්,
⬇️ දකුණු කෙළවර වන දෙවුන්දර තුඩුවත්,
⬅️ බස්නාහිර කෙළවර වන කන්දකුලියත්,
➡️ නැගෙනහිර කෙළවර වන සංගමන්කන්දත්,
හරහා යන ලෙස ඍජුකෝණාස‍්‍රයක් නිර්මාණය කර, එහි දිග සහ පළල ශ්‍රී ලංකාවේ දිග සහ පළල ලෙස ප්‍රකාශ කිරීම.
🔅 ඒ අනුව ලංකාවේ අලුත් දිග කිලෝමීටර් 433 ක් වන අතර,
🔅 අලුත් පළල කිලෝමීටර් 241 ක් වෙනවා.
🔅 ශ්‍රී ලංකාවේ මායිමේ මුළු දිග ලෙස කිලෝමීටර් 1,392 ක් ලෙස වාර්තාවේ සඳහන් වෙනවා.
🔅 එහෙනම් මේ අලුත් තොරතුරු ටික දන්නා හැමෝම අතරේ බෙදාගන්න.
- විකුම් හර්ෂණ -
❤️
👍
12