E Student Develop O/L
E Student Develop O/L
February 21, 2025 at 02:32 AM
📖 *හැදින්වීම් කෙටියෙන්*📖 _*අඟුල්මල් දමනය*_📕 *උපුටා ගත් ග්‍රන්ථය* අමාවතුර *අයත් වන සාහිත්‍යය ගණය* පුරාතන ගද්‍ය- බණ කතා සාහිත්‍යය *කතුවරයාගේ නම* ගුරුළුගෝමි *පාදක වූ බුදු ගුණය* පුරිසදම්මසාරථී ගුණය *රචනා වූ යුගය* පොළොන්නරු යුගය *අන්තර් ගත පරිච්ඡේද ගණන* 18 *රචනාව භූ ශෛලිය* ශ්‍රව්‍ය ගෝචර ධර්ම දේශනා ශෛලිය *අඟුල්මල් දමනය උපුටාගත් පරිච්ඡේදය* හත්වන පරිච්ඡේදය *අමාවතුරෙහි දැක්වෙන වෙනත් දමනය කිරීම්* උපාලි ගෘහපතියා , කූටදත්ත බමුණාත්, අජාසත්ත රජු, සභිය පරිබ්‍රාජකයා, නාලාගිරි ඇත් රජු, ආලෝක යක්ෂයා දමනය 2️⃣ _*උග්ගසේන නම්* *සිටුපුත්හුගේ වස්තුව*_📕 *උපුටාගත් ග්‍රන්ථය* සද්ධර්ම රත්නාවලිය *අයත් වන සාහිත්‍යය ගණය* පුරාතන ගද්‍ය- බණ කතා සාහිත්‍යය *කතුවරයා* ධර්මසේන හිමි *මූලාශ්‍ර වූ ග්‍රන්ථය* බුද්ධඝෝෂ හිමිගේ ධම්මපදට්ඨ කතාව *රචනා වූ යුගය* දඹදෙණි යුගය *සිංහලෙන් කතා කීමේ ශෛලය හඳුන්වන නම* බණ කථා රීතිය *මේ රචනා වූ රජ දවස* දෙවන පැරකුම් රජු දවස *උපුටාගත් පරිච්ඡේදය* 256 පරිච්ඡේදය *මෙහි අතීත කතාව කුමන බුදුන් දවසට අයත් වේද* කාශ්‍යප බුදුරදුන් දවසට 3️⃣ _*කෑරගල වැජඹෙයි මේ ලෙසින් සිට*_📕 *ඇතුළත් සංදේශය* හංස සංදේශය *රචනා කලේ* වීදාගම මෛත්‍රෙය හිමි *රචනා වූ යුගය* කෝට්ටේ යුගය (සවන පරාක්‍රමබාහු රජ දවස) *වීදාගම මෛත්‍රෙය හිමි රචනා කළ වෙනත් කෘති* බුදුගුණඅලංකාරය, ලෝවැඩ සඟරාව, දහම් ගැට මාලාව, එළු අත්තනගලු වංශය, කව්ලකුණු මිණි මල *නිමිත්ත* කෑරගල වනරතන හිමියන් ලවා සමන්, විභීෂණ, කඳකුමරු හා උපුල්වන් යන දෙවිවරුන්ට පිරිත් කියා පින් දී, එමගින් සිරි පැරකුම්බා රජ කෙරෙහි කරුණාවෙන් සෙත සලසන ලෙස ඉල්ලා. *කෑරගල ගම් පියසේ පිහිටි පිරිවෙන* පද්මාවතී පිරිවෙන *කෑරගල රසවාහිනියෙහි හඳුන්වා ඇති නම* වත්ථුලපබ්බත 4️⃣ _*මග විසිතුරු*_📕 *උපුටා ගත් ග්‍රන්ථය* සැළලිහිණි සංදේශය *අයත් වන සාහිත්‍යය ගණය* පුරාතන ගද්‍ය - සන්දේශ කාව්‍ය *කතුවරයාගේ නම* තොටගමුවේ ශ්‍රී රාහුල හිමි *රචනා වූ යුගය* කෝට්ටේ අවධිය *කතුවරයා හඳුන්වන වෙනත් නම්* ෂඩ්භාෂා පරමේශ්වර *රචනා කිරීමේ අරමුණ* සවන පරාක්‍රමබාහු රජුගේ කණිටු දියණියන් වන ලෝකනාථා දේවියට පුත් කුමාරයෙකු දෙන ලෙස ඉල්ලමින් කැලණියේ විභීෂණ දෙවියන්ට කරන ආයාචනාවක් *රචනා වී ඇති විරිත* සමුද්‍ර ඝෝෂ විරිත *සිංහල සාහිත්‍යයේ පැරණිතම සංදේශය* මයුර සන්දේශය *රචනා වූ යුගයේ විශේෂත්වය* සාහිත්‍යයේ ස්වර්ණමය යුගය *කෝට්ටේ යුගයේ ලියැවුණු සන්දේශ* හංස , සැළලිහිණි, ගිරා , කෝකිල , පරෙවි *යුගයේ සුප්‍රසිද්ධ සාහිත්‍යධරයෝ සහ පොත්* වීදාගම මෛත්‍රී හිමි - බුදුගුණඅලංකාරය, ලෝවැඩ සඟරාව, හංස සන්දේශය, වෑත්තෑවේ හිමි - ගුත්තිලය *කතුවරයාගේ වෙනත් ග්‍රන්ථ* ලෝවැඩ සඟරාව, බුද්ධි ප්‍රසාදිනී, *සම්පූර්ණ කවි ප්‍රමාණය* 108 5️⃣ _*කුරහන් ඉසිමුව කළුවර බලාලා*_📕 *උපුටා ගත් ග්‍රන්ථයේ නම* ජන කවි *අයත් වන සාහිත්‍ය ගණය* ජන කවි- කුරක්කන් කවි *කුරක්කන් කවි මගින් ප්‍රකාශ වන්නේ* ගොවියාට කුරක්කන් වගාවේ දී ඇතිවන දුෂ්කරතා වේ. 6️⃣ _*අපට වැසිකිළියක්*_📕 *උපුටාගත් ග්‍රන්ථය* නොනිමි සිත්තම හා තවත් කෙටි කතා *අයත් වන සාහිත්‍යය ගණය* නූතන පද්‍ය -කෙටි කතා *රචනා වූ ශෛලිය* උත්තම පුරුෂ රචනා ශෛලිය *කතුවරයාගේ නම* කේ . ජයතිලක *කතුවරයාගේ උපත* 1926.06.27 *එතුමාගේ මුල්ම කෙටිකතාව* පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා *එතුමාගේ සිසු කෙටිකතා* එක ගෙයි අවුරුද්ද, නොනිමි සිත්තම හා තවත් කෙටිකතා, අතීරණය, වජිර පබ්බත ,කටු සහ මල් *කතුවරයා ගේ ගම් ප්‍රදේශය* කිරිදිවැල රදාවාන *කතුවරයාගේ නවකතා* පුංචිරාළ, පුංචිරාළගේ මරණය, රාජපක්ෂ වලව්ව, මතුසම්බන්දයි, මායා මාලිගා ,කාලෝ අයංතේ, චරිත තුනක්, දෙලොවට නැති අය, පරාජිතයෝ, පිතා මහ *රාජ්‍ය සම්මාන හිමි වූ නවකතා* චරිත තුනක් ,පිතාමහ, පුංචිරාළ, මතු සම්බන්ධයි. *ළමා පරපුර වෙනුවෙන් කළ කෘති* ඉස්සරහ බලන්නෝ,පුංචි වලාකුළ සහ පුංචි පුතා, ඉරුණු බළලා, ඩුං ඩුං ඩුඩුං ඩුං,කතන්දර පොත, අයියයි නංගියි *එතුමා ට ලැබුණු සම්මාන* ලේඛකයකුට පමණක් එක වරක් ලැබෙන " සාහිත්‍ය රත්න " සම්මානය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පිරිනමන " සාහිත්‍ය සූරී " සම්මානය 7️⃣ _*දියමන්ති මාලය*_📕 *කෙටිකතාව අයත් වන සාහිත්‍යය ගණය* නූතන ගද්‍ය- පරිවර්තන කෙටිකතා *රචනා ශෛලිය* ප්‍රථම පුරුෂ රචනා ශෛලිය *මුල් කතුවරයාගේ නම* ගී ද මෝපසං *මුල් කතුවරයා උපන් වර්ෂය* 1850 අගෝස්තු 05 *එතුමා රචනා කළ නව කතා ගණන* 09 *එතුමා රචනා කළ කෙටිකතා ගණන* 300 පමණ *මුල් කතුවරයා උපන් රට* ප්‍රංශය *පරිවර්තකයාගේ නම* කේ . ජී කරුණාතිලක *පරිවර්තකයාගේ විශේෂ පරිවර්තන* බිම්ගෙයි සිරකරුවා
❤️ 👍 😂 😢 7

Comments