
E Student Develop O/L
February 21, 2025 at 03:01 PM
📚 *10 ශ්‍රේණිය ඉතිහාසය (Short Note)*
> *ඓතිහාසික දැනුම හා එහි ප්‍රයෝජන* 🔍
🌟 *අතීත සමාජය*
අතීත සමාජය සකස් වී තිබුණේ කිසියම් අනුපිලිවෙලකටයි. එය *ධූරාවලිය* ලෙස හඳුන්වයි. එය පහත මෙසේ දැක්වේ:
*රජු* > *රාජ්‍ය නිලධාරීන්* > *ප්‍රභූන්* > *සාමාන්‍ය ජනතාව* (කුඩීන්) > *දාසයින්*
⚖️ *දාසයන් වර්ග 2කි:*
1. *පරම්පරාවෙන්ම දාසයන් වූ අය* (*අන්වයාතදාස*)
2. *කුලියට ගත හැකි දාසයන්* (*ධනක්කීතදාස*)
📜 *නීතිය හා සම්ප්‍රදායන්*
පුරාණයේ *නීති රීති* සම්පාදනය කලේ *රාජ සභාවෙදීය*.
*නීති රීති ක්‍රියාත්මක කල නිලධාරීන්* *මෛක්කාප්පර්* ලෙස හඳුන්වයි.
💰 *ප්‍රධාන බදු වර්ග 3ක්*
1. *දකපති* (රජුගේ වැව් වලින් ජලය ලබාගත් අයට අයකල බද්ධ)
2. *බොජකපති* (රජුගේ ඉඩම්වල වගා කල අයගෙන් අය කල බද්ද)
3. *මතෙරමජිමක* (ඇළ මාර්ගවලින් මසුන් ඇල්ලූ අයට අය කල බද්ද)
🛑 *අතීත පාලකයන් රටේ සාමය පවත්වාගෙන යාමට පැනවූ නීති රීති:*
1. *වෙස්සගිරි ලිපිය*
වැව් වලින් නිකුත් කරන ජලය *වී වගාවට පමණක් භාවිතා කල යුතු*.
2. *කොණ්ඩවට්ටවාන් ලිපිය*
උස් බිම් වල *කැලෑ කැපීම තහනම්*.
නිසි කලට *භෝග වගා නොකරන අයට කලං පහක දඩ ගැසීම*.
3. *නිශ්ශංකමල්ල රජු*
*ජලාශවල පක්ෂීන් මැරීම* තහනම් කිරීම.
4. *ආමණ්ඩ ගාමිනී*
මෙය *මාඝාත නීතිය* ලෙස හැඳින්වේ.
*කැලෑ වල සතුන් මැරීම* තහනම් කිරීම.
💼 *vi වන උදය රජු පිහිට වූ බදුලු ටැම් ලිපියේ වෙළෙඳාම සම්බන්ධ නීති රීති*
1. *නියමිත බර සහිත කිරන පඩි භාවිතා කල යුතුය.*
2. *පොහොය දිනයන්හි* වෙළෙඳාම් කරන්නන්ට *මහියංගන විහාරයේ ආලෝක පූජාවට තෙල් සැපයිය යුතුය*.
3. *වෙළෙඳ පොලට ඇතුලු වන්නට පමණක්* බදු මුදල් අය කල යුතු අතර, වෙළෙඳපොල අසලින් ගමන් කරන අයගෙන් *බදු අය නොකල යුතුය*.
4. *බුලත් පුවක් මණ්ඩපයක් තුල* තබා විකිණිය යුතුය.
5. *වෙළෙඳපොලට ගෙන එන භාණ්ඩ* පෙර මඟට ගොස් මිලදී නොගත් යුතුය.
🚔 *අපරාධයක් සිදු වුවහොත්*
එම සොරාව *එම ගම් වැසියන්* නියමිත දිනයකදී *අල්ලා* *රජයට භාර දිය යුතු* අතර එම කාලය පසුවන සෑම දිනයකටම *ගම් වැසියන් රජයට දඩ මුදල් දිය යුතු* වේ.
මෙය *ගෘහ දණ්ඩ* ලෙස හඳුන්වයි.
❤️
👍
😢
😮
9