ᥫ᭡፝֟፝- ꜱɪʟᴇɴᴛ ʜᴇᴀʀᴛ🤍🫀
March 1, 2025 at 10:18 AM
💙 *ආදරණීය හිරූ*💙
- ඩෙස්ක් බංකු මත ගෙත්තම් වූ සුන්දර පාසල් ප්‍රේමය -
𝘌𝘗𝘐𝘚𝘖𝘋𝘌 0️⃣2️⃣
⭕ *කතු අයිතිය බුද්ධිමය දේපළක් බැවින් කරුණාකර කතු අයිතිය සුරකින්න*⭕
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
𝘞𝘳𝘳𝘪𝘵𝘦𝘯 𝘣𝘺 - 𝗦𝗮𝗰𝗵𝗶𝘁𝗵 𝗣𝗿𝗮𝗻𝗼𝗱✍️
*" ආහ්...ඒකට බයවෙන්න එපා මිස්.....මගේ පුටුවයි ඩෙස්ක් එකයි දෙන්න මෙයාට......"*
මම මහා වීරක් ක්‍රියාවක් කළ අයෙකු සේ නැගිට කීවෙමි.
*" ආහ්....එතකොට නිමේශ පුතා වාඩිවෙන්නෙ කොහේද....?"*
*" ඒවා ගැන බයවෙන්න එපා මිස්.....මටයි කසුන්ටයි එක පුටුවෙ වාඩිවෙන්න පුලුවන්....."*
මම එහෙම කිව්වම "අපොයි මේ අපතයා වාඩිකර ගන්නත් ඕනෙ දැන් මගේ පුටුවෙද....? ශීකේ....මටත් වෙන වැඩ..." වගේ හැඟීමක් තමයි කසුන්ගේ මූණෙ තිබ්බෙ.
කොහොමෙන් කොහොම හරි මම වාඩිවෙලා හිටපු පුටුවයි ඩෙස්ක් එකයි දෙකම හිරුණිට පරිත්‍යාග කරා. මම කෙල්ලෙක් නිසා මේ විදියෙ පරිත්‍යාගයක් කරේ මුල් ම පාරට. ඒකත් එදා ම දැකපු කෙල්ලෙක් වෙනුවෙන්.
"ඇත්තට ම නිමේශ උබ මහ අමු පිස්සෙක්....එදාම දැකපු කෙල්ලෙක් වෙනුවෙන් තමන් වාඩිවෙලා හිටපු පුටුවයි ඩෙස්ක් එකයි දෙනවද...?"
මගේ හිත දිගට හරහට මට බණිනවා.
හිරුණි මගේ පුටුවයි ඩෙස්ක් එකයි අරන් ගියේ ඉස්ෆා ළඟට. ඉස්ෆා කියන්නෙ අපේ පන්තියේ හිටපු එක ම මුස්ලිම් ළමයා. හරි ම හොඳ කෙල්ලෙක් තමයි ඉස්ෆා.
කසුන්ගෙයි විසල්ගෙයි පුටු දෙක එකතු කරලා මම ඒදෙන්නට මැද්දෙ වාඩි වුනා. හිරුණිට මගේ පුටුව දීලා මම කරේ මෝඩ තකතීරු මහම මහ ඔලමොට්ටල වැඩක්. 😪 එහෙම නැත්නම් මුං දෙන්නට වාත වෙවී මට මෙතන ළගින්න වෙන්නෙ නෑනේ😭
මම හොරා වගේ හොරාට හිරුණි දිහා බැලුවෙ ඒ මුහුණ දිහා ආපහු දැක ගන්න ආසාවෙන්. එතකොට තමයි මං දැක්කේ ඉස්ෆා හිරුණිට මගේ මූණ දිහා බල බල හිනාවෙවී මොනවද කියනවා. ඒත් හිරුණි බොහොම දුකින් මගේ මූණ දිහා බලාගෙන හීටියෙ.
ඉස්කෝලේ ඉන්ටවල් බෙල් එක ගැහුවා විතරයි පන්තියෙ හිටපු ඔක්කොම ළමයි එළියට පැන්නේ හිර කූඩුව කඩාගත්ත හිරකාරයො ටිකක් එළියට පනිනවා වගේ කෑගහගෙන. මායි කසුනුයි කතාකරකර අපේ ඉස්කෝලේ ගල් බංකුව තිබ්බ පැත්තට යන්න ගියේ. ඒත්,
*"නිමේශ....නිමේශ...."*
කවුදෝ මම ජීවිතේට අහල නැති ඒත් හරිම හුරතල් ආගන්තුක කටහඬක් මට ඇහුණා. මම හැරිලා දැක්ක දෙයින් පුදුම වුනා. මේ මගේ නම කියන්නේ අද අලුත්න් ම ඉස්කෝලෙට ආපු සුරංගනාවි නේද...? ඉතින් මට හරි ම පුදුමයි. අපේ ඉස්කෝලෙට ඇවිල්ලා තාම පැය දෙකයි. එත් මගේ නමත් කටපාඩම්.
*" ආහ්....හිරුණි ඔයා......?"*🙄
*" ඔව් නිමේශ.....මම ආවෙ ඔයාට තෑන්ක්ස් කරන්න......ඇත්තට ම ඔයාට ගොඩක් තැන්කියු...."*🙏
*" අයියෝහ්....ඕවා මොනවද හිරුණි....අනික අලුතින් අපේ ඉස්කෝලෙට එන අමුත්තොන්ට අපි සළකන්න එපැයි....."*
මම කිව්වේ ආඩම්බර ලීලාවෙන්.
*"ඒ වුනාට ඔයා මට ඒ වගේ උදව්වක් කරේ නැත්නම් මම තාමත් ඉන්නෙ හිටගෙන....එහෙනම් මං යන්නම් නිමේශ...ඉස්ෆා මං එනකන් බලාගෙන ඇති කෑම කන්න..."*
එහෙම කියලා දුවන්න ගිය හිරුණි එක පාරට ම කකුළ පැටලිලා වැටුණා.
------------ *මතු සම්බන්ධයි* ---------------
☰☰☰☰☰☰☰☰☰☰☰☰☰☰
කතාව කියවලා අදහසක් දාගෙන යන්න මට. ඔයාගේ කමෙන්ට් 0759175759 ට ඉන්බොක්ස් කරන්න.
කතාවේ එක කොටසක්වත් මිස්කර ගන්නෙ නැතුව කියවන්න මගේ වට්සැප් චැනල් එක follow කරලා සෙට්වෙන්න👇
https://whatsapp.com/channel/0029Vb7dQtdAInPjiLmQDW3X
*Sachith Pramod*✍️