Newsfirst Sri lanka
Newsfirst Sri lanka
February 17, 2025 at 08:28 AM
2025 අයවැය යෝජනා... *ප්‍රාග්ධන වියදම් සඳහා දේශීය දළ නිෂ්පාදනයෙන් 4%ක් *නව තීරු බදු නිර්ණය කිරීමට පියවර *රේගු පනත සං⁣ශෝධනයට පියවර *ආර්ථික පරිවර්ථන පනත සං⁣ශෝධනයට පියවර *රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය පිළිබඳ නව පනතක් *ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් වෙනුවෙන් රු. මිලියන 750ක් *වේයන්ගොඩට අභ්‍යන්තර බහාලුම් අංගනයක් *ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත කඩිනමින් හදුන්වාදීමට පියවර *හඳුනාගත් සංචාරක ගමනාන්ත සංවර්ධනය කර යටිතල පහසුකම් සංවර්ධනයට රු. මිලියන 500 ක් *කටුනායක ගුවන් තොටුපලේ දෙවැනි පර්යන්තය ජපන් ආධාර යටතේ කඩිනමින් ආරම්භ කිරීමට පියවර *රාජ්‍ය ආයතන කාර්යයන් හා ඵලදායිතාව සමාලෝචනයට කමිටුවක් *ගැබිණි මව්වරුන්ට පෝෂණාධාරයක් ලබාදීමට රු. මිලියන 7500 ක් *සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 604 ක ප්‍රතිපාදන *රජ⁣ය සතු සියලු සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේ වෙන්දේසී කිරීමට පියවර *මන්ත්‍රීවරුන්ට වාහන හෝ වාහන බලපත්‍ර නැහැ *පාසල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1000 ක් *තෝරාගත් පෙරපාසල් සංවර්ධනයට රු. මිලියන 80 ක් *පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ජුලි මාසයේ සිට රු. 1000කින් ඉහළට *මහපොළ ශිෂ්‍යාධාර 7500 දක්වා වැඩි කිරීමට පියවර *5 ශ්‍රේණිය අඩු ආදායම්ලාභී සිසුන්ගේ ශිෂ්‍යාධාර මුදල් රු. 1500 ක් දක්වා ඉහළට *යාපනය පුස්තකාලයට පරිගණක ඇතුළු උපාංග ලබාදීමට රු. මිලියන 100 ක් සෙසු පුස්තකාල සංවර්ධනයට රු. මිලියන 200 ක්. *ත්‍රිකුණාමල තෙල් ටැංකි 61 ක් ඒකාබද්ධව සංවර්ධනයට පියවර *මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 5000 ක් වෙන් කෙරේ *වී අලෙවි මණ්ඩල පනත සංශෝධනයට පියවර *වාරි ක්ෂේත්‍ර⁣යේ සංවර්ධනයට රු.මිලියන 78,000ක් *උතුරු පොල් ත්‍රිකෝණය ඇතුළු නව පොල් ඉඩම් සංවර්ධනයට රු. මිලියන 500 ක්. *සමාජ ආරක්ෂණ වියදම (අස්වැසුම ) රු. බිලියන 232. 5 ක් *වකුගඩු රෝගී දීමනාව රු. 10000 ක් දක්වා ඉහළට. වැඩිහිටි දීමනාව රු. 5000 ක් දක්වා අප්‍රේල් සිට ඉහළ දැමීමට පියවර *රැඳවුම් භාරයේ සිටින දරුවන්ට සහ අනාථ දරුවන්ට රු. 5000 ක දීමනාවක් *ස්වභාවික හා වන සත්ත්ව හානි හේතුවෙන් සිදුවන මරණ හා පූර්ණ ආබාධිත පුද්ගල වන්දිය රු. ලක්ෂ 10 දක්වා ඉහළට *ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් *උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස හරහා ආහාර පැකේජයක් *කොළඹ නගරය ආශ්‍රිතව සුව පහසු බස් රථ 100ක්. රු. මිලියන 3000 ක් වෙන් කෙරේ *නව බස් සමාගමක් ස්ථාපනයට පියවර *දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණයට රු. මිලියන 500 ක් *පෞද්ගලික සහ ලංගම බස් රථ ඒකාබද්ධ කාලසටහනක් යටතේ ධාවනයට යෝජනා *මතින් තොර සමාජයක් ඇතිකිරීමට රු. මිලියන 500 ක් *ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දෛනික මෙහෙයුම් සදහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් දෙන්නේ නැහැ *ග්‍රාමීය මාර්ග සංවර්ධනයට රු. මිලියන 3000ක්. *උතුරු පළාතේ ග්‍රාමීය මාර්ග සහ පාලම් සංවර්ධනයට රු. මිලියන 5000ක් *Clean Sri Lanka වැඩසටහන වෙනුවෙන් රු. මිලියන 5000 ක් *අපද්‍රව්‍ය පහසුකම් කළමනාකරණයට රු. මිලියන 750 ක් *අලි මිනිස් ගැටුම අවම කිරීමේ අයවැය රු.මිලියන 640 ක් දක්වා ඉහළට *"ශ්‍රී ලාංකික දිනය " ජාතික උත්සවය පැවැත්වීමට යෝජනා. ඒ සදහා රු. මිලියන 300 ක් වෙන් කෙරේ. *රාජ්‍ය සේවක අවම වැටුප රු. 15,750 කින් ඉහළ දැමීමට යෝජනා. *රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000දක්වා රුපියල් 15,750කින් වැඩි කිරීමට පියවර *පුද්ගලික අංශයේ අවම මාසික වැටුප ලබන අප්‍රේල් සිට රු. 27,000 ක් දක්වා ඉහළට *රාජ්‍ය සේවකයින්ට රු. 8250 ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාළ සිදුකිරීමට යෝජනා *වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700 ක් ලෙස ලබාදීමට රජය මැදිහත් වෙයි *මෙවර අයවැයෙන් නව බදු පැනවීමක් නැහැ. ජනවාරි සිදුකළ සංශෝධන පමණයි Watch Live 👉 https://youtu.be/D2o6cpRNwVA - newsfirst.lk
👍 2

Comments