Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper   Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
January 30, 2025 at 11:59 PM
D.I.T Clara January 22, 2025 by clezz_0 පලමු විපරම "ඇත්තටම මටනම් තේරෙන්නේ නෑ අයිසේ තමුසේ මොනවද කියන්නේ කියලා.." "ඉතිං සර් මම කියන්නේ ඇත්ත..ඒ මනුස්සයා කියන විදිහට ගෙදරට කවුරුත් ඇවිත් නෑ..." "එහෙම වෙන්නේ කොහොමද මනුස්සයෝ ගෙදරට කවුරුත් එන්නේ නැතිව අච්චර සල්ලි ගොඩක් අතුරුදහන් වෙන්නේ කොහොමද..?" "මම හිතන්නේ සර් මනුස්සයා කියන්නේ ඇත්ත.." "එයාගේ wife මේලාට වෙන සම්බන්ධයකුත් තිබිලා තියෙනවා අපිට ලැබුනු විස්තර අනුව..." "මනුස්සය සැක කරන විදිහට wife තමා සල්ලිත් අරගෙන පැනලා ගිහින් තියෙන්නේ ඒකනේ තමුසේ ඔය කියන්න හදන්නේ..." "ඔව් සර් නැත්නම් වෙන කොහොමද ඔච්චර සල්ලි ගොඩක් එකපාර ගෙදරට කවුරුවත් එනවා යනවා වත් capture වෙන්නේ නැතිව අතුරුදහන් වෙන්නේ..." "ඔව් ලාල් මන් හිතන්නේ තමුසේ හරි..case close එහෙනම් ..දැන් තියෙන්නේ අර පැනලා ගියපූ මේලා හොයන්න..." " ඒත් සර් අපි කොච්චර නම් එයාව හෙව්වද..? හම්බුනේ නෑනේ..." "අනේ මන්දා ඕයී..දැන් මාස කීයක්ද..?" "අම්මෝ..අම්මෝ..මොකද කොස්තා සර් මේ...ලොකු ප්‍රශ්නයක් වගේ..." ඒ ඇහුනු හඩට එකපාරට හැරිලා බැලුව කොස්තා සර් ට පේන්න ලැබුනේ තනි කලු ඇදුමකින් සහ ලෝගුවකින් සැරසුනු දුබුරු පාට තියුනු ඇස් වලින් කොස්තා සර් දිහා බලාන තම කොට වෘක පෙනුමට ඇති කොන්ඩය සකසමින් සන්සුන් විදිහට කතා කරන Ditective ක්ලාරා කෲස් "ඔව් ක්ලාරා..වේලාවකට එපාත් වෙනවා මේ පොලිස් රස්සාව..කිසිම නිදහසක් නෑ.." "ඔහොම් හිතන්න එපා කොස්තා සර් මමනම් මේ වැඩේ කරන්නේ ආසාවට.." "මාත් මුලින්ම ඔහොම තමා ක්ලාරා හිතුවේ අනික ඔයා ditective කෙනෙක් මම පොලිසියේ..අපි අතර වෙනස්කම් තියෙනවා.." " හරි සර්..දැන් මට හරියටම මොකක්ද කේස් එක කියන්නකෝ සර් I need to clear that.." " මේකයි සිද්දිය ක්ලාරා ගැමුනු කියන්නේ මේ පලාතටම ඉන්න සල්ලිකාරයෙක්..මේ මනුස්සයාගේ කෝටි පනහක් අතුරුදහන් වෙලා තියෙනවා ඒත් කිසිම කෙනෙක් ගෙට ඇවිතුත් නෑ..එලියට ගිහිනුත් නෑ..හැබැයි මනුස්සයාගේ wife මේලා අතුරුදහන් ඒත් මේලවත් හොයගන්න නෑ...මේක මහා හොල්මන් නඩුවක්...ක්ලාරා.." " ඉතිං ඔච්චර ලොකු ගෙයක cctv නැද්ද..?" " cctv තියෙනවා ඒත් ඒ වෙලාවේ ඒවා active නෑ ක්ලාරා..." " ගෙදර කාගෙ හරි උදව්ව තියෙන්න ඔනනේ එහෙම වෙන්න..." "ඒක තමා ක්ලාරා අපි මේ නඩුව close කරන්න හැදුවේ..." " නෑ..නෑ..කොස්තා සර්..ඉස්සරෝම අපි මේල මිස් හොයාගන්න ඕනේ...ඒක තමා අපිට මේක විසදගන්න තියෙන ලේසිම ක්‍රමය..." " ඒත් ක්ලාරා..............

Comments