Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper   Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 1, 2025 at 12:37 AM
       මන් ආදරේ කරපු කෙනාගෙන් ම මට ගස්සලා මාව හැමෝම ඉස්සරහ ලැජ්ජ කෙරෙව්වට මන් අනිවාර්යයෙන් උබෙන් පලිය ගන්නවා.ඒ වගේ ම උබේ ම ඇස් ඉස්සරහ උබටත් කලින් මන් හේශාන්ගේ වෙනවා..අපි බලමු සෙනුලි උබද දිනන්නේ මේ ගේම් එකෙන් මන්ද කියලා...                                          එතැන් සිට....💋 " අයියේ..." " මොකද " " මේ..තරහ වෙලාද දැන්.." " තරහ වෙන්න කොහොමත් මන් තමුසේ එක්ක යාළු වෙලා හිටියේ නෑනේ." " හ්ම්." " අහ්.නෑ අයියේ.මන් අඩන්නේ නෑ.මේ ඇහැට රොඩ්ඩක් ගියානේ ඒකයි." " ආ..එහෙම ද...කොහොමත් මන් තමුසෙව ගෙදර ගිහින් අල්ල ගන්නම්කෝ." " excuse me sir," " සර් මිස්ට බලපු ඩ්‍රෙස් එක මිස්ට දැන්.." " ශ්..මේ අහන්න ඔයා ඒක තියලා තියන්නකෝ.මන් තනියෙන් ඇවිත් ඔයාට ඒ විස්තරේ හරියට කියන්නම් හසිත්.දැන් යන්න හසිත්.මාත් දැන් මෙයාට ඇදුම් වගයකුත් අරන් යනවා." " මොකෝ තමුසේ පෙරන එක නවත්තලා ඒ ගමන මගේ දිහා නිකන් කන්න වගේ බලාගෙන ඉන්නේ.." " නෑ නිකන් අයියෙ මුකුත් නෑ." " කියනවා ඕයි තමුසෙත් ඉදගෙන අර ගෑනියෙක් වගේ මගේ කාලේ කන්නේ.." " සොරි අයියේ මන් අයියගේ කාලේ කෑවේ නෑ.ඔයාට ඔයාගේ කාලයත් පරිස්සම් කරගෙන ඉන්න පුලුවන් අපිට යන්න දුන්නොත්.ප්ලීස් අයියේ අපිට මෙහෙන් යන්න දෙන්න.අපිට ගෙදරක් නැති වුණත් මොනා හරි කරගෙන ඉන්න...ම්.." " ආ..එහෙම ද මැඩම්." යකෝ මන් මෙතන ඉන්නේ අර රයිනි කියන ගෑනිව බාබකිව් දාගෙන කන්න පුලුවන් මූඩ් එකක.ඒ ගමන මේ කෝලම ඉදගෙන අඩනවා ඉතින්.ඕවා තමා ඉතින් මට ඔය ගෑනුන්ගේ පේන්නම බැරි..මගේ ශොප් එකේ ඉන්න හොද එකා තමා අර වෙලාවේ ආපු අර හසිත.ඒ මදිවට තා ඩිංගෙන් මොනා වුණත් මූ ගමම කන්න හැදුවේ.මන් කෙල්ලට හොරෙන් කෙල්ලට පාටි ඩ්‍රෙස් එකක් රෙඩි කළා.මොකද කෙල්ලගේ බර්ත් සෙටිෆිකට් එකට අනුව කෙල්ලගේ බර්ත් ඩේ එක තව දවස් පහකින් පස්සේ තියෙන්නේ.ඒ නිසා ඉතින් ලොකු සප්‍රරයිස් එකක් ප්ලෑන් කරන්න හිතන් ඉන්නේ ඉතින්.තව ටිකෙන් ඒ සේරම ප්ලෑන් වතුරේ.මොනා වුණත් ඔය රයිනි කියන ගෑනිට මන් වෙනම වැඩක් සෙට් කරනව.මොකද ඔය ගෑනි ඔහොම කිව්ව ගමන් ගිය එක මට එච්චර අල්ලන්නේ නෑ.යන යකත් යනකොට කොරහත් බිදගෙන යනවයි කියලා කියනවනේ.. ( හේ..හේ..හරි ද දන්නෑ ඉතින්.) බලමුකෝ ඕකි මොකාටද එන්න හදන්නෙ කියලා...මොනා වුණත් මේ ලෝකෙට ආවේ මන් මෙතන ඉදපු එකි පේන්නවත් නෑ කියලා දැක්ක පාර.. " හරි හරි යනවා ඕයි එහෙනම්..සෙනූ..කොහෙද අයිසේ තමුසේ ගියේ..ශිට් අප්පා.." මේ ඩිංගට මේකි කොයිවෙලාවේ අතුරුදන් වුණා ද මන්දා ඉතින්.මොනා වුණත් මේ යන විදියට ළගදිම මට මේ ඉබ්බිගේ කොහේහරි GPS වත් සෙට් කරන්න වෙන සීන් එකක් තියෙන්නේ...ඇයි යකෝ..මේ ඉන්නෝ මේ නෑ.මේ හේශාන් කවද කෙල්ලොන්ගේ මේ කෙල්ලො පස්සෙ ගියාද ඉතින්.කෙල්ලො මාව හොයන් එන එක වෙනම කතාවක් ඉතින්..ර්‍ර්..මේ පිස්සු හෝන්තුව සිරාවට ම කොහේ රිංගුවද මන්දා..ශොප් එකේ හැමතැනම බැලුවත් නෑ ඉතින් හොයාගන්න මේ කෝලමව.එතකොට තමා මතක් වුණේ අර විකාරෙව.ශුවර් එකටම ඒකි ඉන්න තැන ඇත්තේ.ඒ හින්දා ඉතින් කෙල්ල කලින් තෝරන්න ගත්ත ඇදුම් ටිකකුයි තව වැඩිපුරත් එක්ක ම අරගත්තා. ඒත් ඉතින් මගේ ඕන කුප්ප වැඩකට බැනුම් අහගෙන හරි සපෝට් කරන පොඩි මිරිස් කරලටත් ඇදුම් ටිකක් අරගෙන ගිහින් කා එකේ පැසෙන්ජ ශීට් එකට එහෙම්ම ඉක්මනට දාලා ගියේ අර මහ ලොකු අක්කත් පොඩි එකෙක් වගෙ සෙල්ලම් කරනවද දන්නෑ ඉතින්.ඒත් පාක් එක පැත්තට ගියත් දෙන්නගෙන් එක්කෙනෙවක්වත් නෑ පේන්න.දැන් තමා මගේ ඔලුව ගිනිගන්නේ.ඇයි යකෝ මේ ගොනී ලොකු කෙල්ලෙක් වෙලත් නිකන්වත් අඩුම යන තැන කියලා යන්න එපැයි.මෙතන මේකිත් පොඩි එකා වෙලානේ. " අයියේ..අපි ආවෝ.." " අනේ මේ පොඩි එකෝ.උබ ආවත් එකයි මට නාවත් එකයි.කෝ අක්කා කියනවා." " අක්කා..ඇයි අක්කා ඔයත් එක්ක නෙවේද අයියේ හිටියේ.." " අහ්.ඔව් නේ.මට ඒකත් අමතක වුණානේ.යනෝ ගිහිල්ල කා එකෙන් වාඩිවෙලා ඉන්නවා මන් එනකන්.අන්න මන් ගානේ ගිෆ්ට් එකක් ඇති ගිහින් බලනවා.හැබැයි මගේ වාහනේ සවුත්තු කරන්නෙ නැතුව." ශිට්.මේකි මොන තූත්තුකුඩියක රිංගුවද මන්දා..මේකි නෑ කියලා පොඩි විකාරෙට කියන්න ගියේ නැත්තේ මොනා වුණත් පොඩි එකෙක්නේ ඉතින්.ඒ මදිවට ඕක බයවුණොත් අක්ක නෑ කියලා තියෙන සන්න්ම් ටික ඔක්කොම නටයිනේ මෙතන.ඇත්තමයි මේ සෙනූ නම් අහුවෙයන්කෝ මට...

Comments