Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper   Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 2, 2025 at 11:42 PM
Hii... අනන්තයෙන් ආ සුර කුමරා කියලද දන්නෑ හිතන් ඉන්නෙ හායි හූයි ගාන්න... හහ්..ඩීපී එකනම් ලස්සනයි..ම්ම්..මරු කද ඈහ්..මූන පේන්නෑ අනේව්..ඕනෙකක්..මං යනෝ බත් කන්න...මගේ සූටි ඇඟ මේන්ටේන් කරන්නෙ මේ අහින්සක බත් ඇට ටිකනෙ ඉතිම්... බතුත් කාලා මං ගියා අපේ පාලක සේනාවෙ ප්‍රදානියා නොහොත් අපේ අයියා සෙන්පතිගෙ සුහච කීකරු බලු තඩියා ලුසී බලන්න..කෙසේ වෙතත් එයා කෙල්ලෙක් හරිත..අහිම්සකයි අයියට විතරක්..මා ඇතුලු මගේ සියලුම සගයින්ට වසයි.. එයයි අයියයි දෙන්නම හෙනම මෝඩයො දෙන්නා..පොඩ්ඩයි අවුස්සන්න ඕන සින් ගාලා ෆෝර්ම් වෙනෝ..එකම ජාතියෙ මොන්ගල් ඩයල් දෙක...මූ කෙල්ලෙක් නිසාද කොහෙද අයියට ආකර්ෂණය වෙලා තියෙන්නෙ...ඈත ඉඳන්ම මං දිහා බලන් හෙමීට ගොරවනවා..අනේව් මේ..කූඩුවෙ ඉඳන් සද්ද දාන්නෙපා හරිත... රැවටුනා නොවෙයි මා විශ්වාස කරා..දෙයියනේ මේ තඩියගෙ පිටිපස්සෙ අයියා ඉඳලනේ...මට කියනෝ එයාගෙ කුමාරිහාමිට සද්ද දාන්නෙපාලු...අනේව් ඉතින් අපේ අයියත් අවසානෙ බල්ලගෙ කූඩුවටම වැටුනනෙ... ටිකක් විතර අයියවයි ලුසියවයි අවුස්සලා මං ආවෙ අපේ ප්‍රිය මව්තුමී හොයාගෙන..තාත්තනම් ගෙදර නැද්ද කොහෙද...අම්මාට කියලා බත් ටිකකුත් කවාගෙන මං ආයෙමත් උඩට ආවා..දැන් ඉතින් හෙට අරකිත් එක්ක ලයිබ්‍රි යන්නත් එපැයි... අද තිබ්බ පිසික්ස් ක්ලාස් එකේ ටියුට් එකේ වැඩ ටික අද ඉවර කරලා හෙට ඇප්ලයිඩ් ගනන් ටිකක් හදනවා..ම්ම්..එහෙම හිතාගෙන තමයි කාමරේට ආවෙ...ඔන්න ඉතින් අර මගුල වයිබ්‍රේට් වෙනවා.. අර උදේ පාන්දර මාව කාපු යස්සයාගෙ කටහඬ...කොල්ලො ඔක්කොගෙම කටහඬ එක වගේද දෙයියනේ..කමන්නෑ ඔන්න..කතා කරනවා මාත්.. "ඔව්..කියන්න..." මේ ඔය දරුවා නේද අද පන්සලේ දානෙ බාරගත්තෙ... මොන මල විකාරයක්ද යකූ මේ කියවන්නෙ..කලින් කතා කරපු කටහඬත් නෙමෙයි යකෝ...ඔලුව වටේට සමනල ගැට වැටෙනවනෙ අප්පාහ්..වැරදිලාවත් අපෙ අම්මා පන්සලට මගේ නම්බරේ දෙන්නෑ..එයා දන්නෝ මට ට්‍රැක් කියලා... හැබැයි ඉතින් මේක කාගෙහරි බූරු අපත මන්දමානසික වැඩක් වෙන්නත් පුලුවන්...වැරදි මනුස්සයට හැබැයි ඩයල් කරලා තියෙන්නෙ..ඉඳපන් මං කරකවලා අතාරින්න උබව.. "අනේ හාමුදුරුවනේ..මට අමතක උනානෙ..." "මොනාද හාමුදුරුවනේ දානෙට එවන්න ඕනෙ..." "බැදපු කලුකුමෙක් එක්ක කැරපොතු සම්බලක් හදලා එවන්නද හාමුදුරුවනේ..." අව කැපෙන කතා කියන්නෙපා දරුවෝ... "අනේ මේ යකෝ..වෙන වැඩ නැද්ද උබලට දාන බාරදෙන්න...උබලට කවන්නෝන කැරපොත්තො අමුවෙන්..." හෙහ්..ඒ පැත්තෙන් ලයින් එක කට් උනා..යස වැඩේ..ආව මෙතන මාත් එක්ක සෙල්ලම් කරන්න..දන්නෑ මේ විසූගෙ හැටි..හුම්ම්...ඒ කට්ටියට බනින ගමන් පොන් එක ඇඳ උඩට දාලා මං මේසෙට ඇවිල්ලා වැඩ ටික පටන් ගත්තා.. ටියුට් එක කරලා ඉවර වෙද්දි 8විතර වෙලා..පල්ලෙහාට යද්දි කවුරුහරි ඇවිල්ලා..දැන් ඉතින් මට යන්න කම්මැලී...කෙලින්ම අයියගෙ කාමරේට..හෙහ්..පොඩ්ඩක් කයියක් දාන්න ඉතින් යන්නෙ..හැමවෙලේම අවුස්සන්නත් බෑනෙ.. ඩයල් එක වැඩ වගේ..මං හෙමීට ඔලුව දාලා බැලුවා..දැන් ඉතින් අහන්නැතුව ඇතුලට ගියොත් ඒකටත් බැනුම් අහන්නෝනෙ... මං ඉතින් කෙලින්ම ගිහින් අයියගෙ ඔඩොක්කුවෙන් වාඩි උනා..හෙහ්..හරි සනීපයි මෙතන...නිකන් ඉන්න වෙලාවට මං ඉන්නෙම මෙහෙම තමයි ඉතින්..කොච්චර මරාගත්තත් පොඩි කාලෙ ඉඳන් අයියයි මායි ඉන්නෙ මේමයි...ලොකු උනා කියලා වෙනසක් උනේ නෑ ඉතිම්... "කවුද හලෝ අර ඇවිල්ලා ඉන්නෙ..." අනේ මන්දා ඕයි..තමුසෙට මනමාලයෙක්වත් ඇවිල්ලද දන්නෑ... "අනේව් යනවා යන්න බූතයා...තමුසෙට කෙල්ලෙක් වෙන්නැති..බලනෝ දැන් තමුසෙ මේ ගෙදරින් යන්නෝන වයස හරිනම්..." අනේ මේ පලයන් චූටි..මං කෙල්ලෙක් ගේනෝනම් ගේන්නෙ මේ ගෙදරට..බලපන්කො එතකොට උබට වෙන දේ... "ආ..එතකොට චූටි කැලේනේ..හරි හරි..කමන්නෑ...ඔහොම තමයි මිනිස්සු..." දැන් පැයක් විතර..අර මිනිස්සු තාම ගිහින් නෑ අනේව්..මායි අයියයි බඩගින්නේ...මේ රෑත් අර බලු තඩියා එනවා මෙන්න කාමරේට..පුදුම සැරක් තියෙන්නෙ මුගේ මං අයියගෙ ඔඩොක්කුවෙ ඉද්දි.. ______________________________
😮 1

Comments