Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper   Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 5, 2025 at 12:09 AM
ම්ම්ම්....ඉතින්.... ම්ම්ම්... එයා එන්න එන්නම මගේ මූන ගාවට ලං උනා.. මෙහෙම අමාරුයි. මන් නැගිටලා එයාගෙ ඇග උඩට ආවා.එහෙම්ම පහත් වෙලා එයාගෙ මූන ලඟට ලං උනා.. එයා මගෙන් එහෙම රියැක්ශන් එකක් බලාපොරොත්තු උන් නෑ..ඒ ඇස් ලොකු වෙලා..මන් තවත් ලං උනා... එයාගෙ හුස්ම දැන් මගේ තොල් වල වදිනවා..ඒ තරම් අපි ලං උනා.. මගේ ඇස් පියවුනේ නොදැනීමයි..මන් එයාගෙ තොල් මගේ තොල් වලින් අල්ලගත්තා... එයා තාමත් කන්ෆියුස්ඩ්.එයාගෙ රියැක්ශන් තිබුන් නෑ..මන් විතරක් ඒ තොල් එක්ක සෙල්ලම් කරනවා... ඒ නිසා මන් තොල් අකුලන් ඈත් වෙන්න ගියා... ඒත්... එකපාරම ඒ තොල් මාව අල්ලගත්තා..හරිම දැඩි විදිහට..මාව අඩපන වෙලා යනවා වගේ...ඒ දැඩි රළු සිපුම එන්න එන්නම සියුම් මෘදු උනා...තොල් වලින් මාරුවට අපි දිවත් එක්ක සෙල්ලම් කලා... ඒ රසයට මන් මත් උනා වගේ...එයාගෙ හයියත් එක්ක මාව දියවෙලා ගියා වගේ..එයාගේ ශර්ට් එක මගේ අතින් පොඩි උනා...අපි විනාඩි කිහිපයක්ම ඒ පහස වින්දා.. ඒ දඩබ්බර තොල් වලින් ඈත් උනු මන්..ඒ ඇස් දිහා බලාගෙනම හිටියා... ඔයා.... එයා මගේ ඇස් දිහා බලන්ම කතා කරනවා..මගේ නපුරට පිස්සු හැදිලා.. ම්ම්ම්...ඉතින්.. ඔයා මේ තරම් රොමෑන්ටික්ද... ඔයා ලඟ ඉද්දී.. මන් එයාගේ පපුව උඩින් ඔලුව තියන් හිටියා.. එයා හිනා වෙනවා.මට ඒක දැනෙනවා... ඔන්න එතකොට මන් ඔලුව උස්සලා බැලුවා... මොකද හිනාවෙන්නේ... මාව දියවෙනවා වගේ... ඒ ඇයි.. තමුසෙ හෙන හොට් චුටි... අනේ යන්න..ඒම තමා ඉතින්... එයා මගේ නලල ඉබිනවා..ඒ ගමන්ම කතා කරන්න ගත්තා... මන් ලඟ ඉන්නකොට ඔහොම හැසිරෙනවට මන් ආසයි...තමුසෙ ලඟදී මාව කන්ට්‍රෝල් නෑ බන්... ඇයි ඒ.. සමහර තැන් උත්තේජනය වෙනවා.. මොන තැන් ද.. ඔහොම ඉද්දී දැනෙන් නැද්ද... මන් එයාගෙ පපුවට ඇඟිල්ල තියලා පපුව දිගේ ඇගිල්ල පහලට අරන් ගියා... චූටි මන් නරක් වෙයි හොඳේ... ඉතින් හොඳයිනේ..මන් ආසයි නරක අයියට.. බැඳපු දවසේ රෑට පෙන්නන්නම් ..එතකන් අයියා නරක් වෙන්නේ ටිකයි... ම්ම්..එහෙනම් ෆ්‍රිජ් එකේ දාලා තියමු එතකන්... පිස්සි..මන් මේ උනුහුම ලැබෙනකන් කොච්චර කාලයක් බලන් හිටියද... මන් එයාට තව තවත් තුරුල් උනා.... එයා මගේ පිට අතගානවා.. ඒ සුවද මාව මත් කරලා වගේ.....මන් එයාගෙ සුවද විදිනගමන් ඇස් පියාගෙන හිටියා.... අයියේ... ම්ම්... තේනුක අයියා... ම්ම්..ඉතින්... ම්ම්..දන්නවා මන්.. කොහොමද .. තමුසෙගෙ ලඟ හිටියේ නැතිඋනාට මන් සේරම හොයලා බැලුවා..ඕකාව නම් මට කොහොමත් සෙට් නෑ... මට හිනා ගියා..අපි ඕලෙවල් ඉවර වෙලා ගියපු ට්‍රිප් එක මතක් උනා.... ඌව මතක් වෙද්දී හිනා යනවද.... මන් ඉරිසියා නෑ.... එහෙනම් අර ට්‍රිප් එක යද්දී එයාට මට ලං වෙන්නවත් දුන් නැත්තේ... එහෙම තමයි.. නපුරා.මට රව රව ඉන්නවා..මන් එයාට තවත් තදින් තුරුල් උනා... දැන් ඉතින් මෙ නපුරා මගේනේ... ම්ම්ම්.... මන් කාටවත් දෙන් නෑ... අපි එහෙම්ම හිටියා...එයා හුස්ම ගන්න තාලෙටම මන් උඩට පහලට යනවා... චුටි කාලේ තාත්ති අයියයි එක්ක හිටියට පස්සේ මෙහෙම ඉන්න පලවෙනි පාර.. මේ වෙලාව නැති කරගන්න ලෝබයි මට... මන් නපුරා දිහා ඔලුව උස්සලා බැලුවා.. එයා ඇස් පියාගෙන.. හරි වැඩේ..මාව එක්කගෙන ඇවිත් මෙයා තනියම නිදි.. මේ අයියේ.... ම්ම්... මොනාහරි කියන්නකෝ... මොනාද.. ඔයා හිතන විදිහට අපේ අක්කට හම්බෙන්න ඉන්න දෝනි කවුරු වගේ වෙයිද... අක්කා වගේ වෙයි ඉතින්.. නෑ..එයා මන් වගේ 😌 තමුසේ අම්මද.. මන් වගේ හදලා ගන්නවා මන්...නැන්දා වගේ 😌 ඔව් ඔව්..ඒ පොඩි එකත් පොඩි කාලේ ඉදන්ම පොල් ටොෆි කන්න පුරුදු වෙයි....තව. එයා එහෙම කියලා හිනා උනා.. තව මොනාද.. පොල් ටොෆි නිසා මන් වගේ හැඩකාර දඟකාර අහිංසක කොල්ලෙක්ටත් පාඩුවෙ ඉන්න දෙන්නෙත් නැතිවෙයි.. අනේ මේ යන්න..😒 චූටි මේ..අපි දැන් කමු...මන් ඕඩර් කරන්නම්..තව රෑ වෙන්න කලින් යමු.. අනේ... ඇයි.. බෑ බබා...තමුසෙ එක්ක ඉද්දි මට කන්ට්‍රොල් නෑ..මොනා වෙයිද දන් නෑ..ඔයාව පරිස්සම් කරගන්න ඕනි මන්.. එයාගෙ ආදරේට ලෝබ හිතුනා.. අපි රැ කෑමත් කාලා පිටත් උනා..එයා මාව හොස්ටල් එකෙන් දාලා ගියා...
❤️ 🙏 2

Comments