
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 5, 2025 at 01:29 PM
*_මරණයෙන් යළි ඉපදී පළිගන්න සිරිගම කැතරිනා_*
`Chapter 04`👻
*කැතරිනාගේ* මළ ගෙදර වැඩ ටික ඉවර වුනාට පස්සේ.*සුගතුයි* එයාගේ යාලුවෝ ටිකයි පොඩි අඩියක් ගහන්න කියලා හිතාගෙන ගමේ කසිප්පු පෙරන *කපිලගේ* වාඩිය පැත්තට යනවා..මේ කට්ටිය කඩමණ්ඩිය පාරෙන් යන්නෙ නැතුව කැලෑ පාරෙන් යන්න තීරණය කරනවා...කට්ටියම කැලෑ පාරේන් වාඩියට යන අතරමගදී *සුගත්තේ* යාලුවෝ කට්ටියගෙන් එක්කෙනෙක් වෙන *සිරිමල්ට* පොඩි බඩේ අමාරුවක් හැදෙනවා..බඩේ අමාරුව තියන් කසිප්පු බොන්න බෑ කිව්ව *සිරිමල්* ආයේත් හැරිලා ගෙදර යන්න එනවා...*සුගතුයි* අනිත් කට්ටියක් *කසිප්පු කපිලගේ* වාඩියට යනවා..බඩේ මාරුවත් කොහොමහරි දරාගෙන *නාමල්* කැලෑ පාරෙන්ම ගෙදර යනවා..*සිරිමල්ගේ* ගෙදර තියෙන ගම කෙලවරේ..කඩමණ්ඩිය ඉදනුත් පැය බාගෙක වගේ දුර..දැන් නම් ටිකක් කලුවර වැටිලා බඩ රිදෙන වේදනාව නිසා *සිරිමල්* වෙන කිසි දෙයක් හිතන්නේ නැතුව ඉක්මනට ගෙදර යන්න පටන් ගත්තා..ටික දුරක් යද්දී *සිරිමල්ට* හොදටම අමාරු වුනා..පොඩ්ඩක් වට පිටාව බලපු *සිරිමල්* ළග තිබුන පදුරකට මුවා වෙලා බඩ බුරුල් කරන්න පටන් ගත්තා..වැඩේ කරගෙන යද්දී *සිරිමල්ට* ටිකක් අමුතු හැගීමක් එන්න පටන් ගත්තා..😨
වැඩේ අතරමග නතර කරපු *සිරිමල්* ඉක්මනටම ගෙදරට දුවන්න පටන් ගත්තා..දුවන ගමන් ඉද්දී එක පාරටම *සිරිමල්* සරමත් කඩන් ඇදගෙන වැටෙනවා..අමුතු අමුතු සද්ද හතර වටෙන්ම ඇහෙන්න ගන්නවා..*සිරිමල්ගේ* ඇග හොදටම සීතල වෙනවා...ඒත් එක්කම එකපාරටම 😨
*ඊට පස්සේ මොකක් වෙන්න ඇතිද ඒ ගැන Chapter 05 එකෙන් කියන්නම්*😉🫵