Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper   Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 5, 2025 at 01:42 PM
මරණෙට යවපු හැටි "අරූ ආයමත් ,හේනෙ මායිමට පොලිසි ගිහින්,"වෙද වලව්වට දිව ආ ,සෝමේ කෑ ගැසුවේය."අනේ,වෙද රාලහාමි හිටිය නං ,අපිට ඔය එක එකාගේ ලොකුකම් බලන්ඩ වෙන් නෑ!පොලිසි උසාවි ගියහට වැඩක් නෑ!ලොක්කෝ ඔක්කොම උන්ගෙ උන්"වෙද හාමිනේ පැවසුවේය.විජය සේකර වෙද මහතා අසාධ්‍යව දිගු කාලයක් සිට මළ පසු වෙද වලව්ව පිරිහිලාය.එහි ඉඩම් ගොඩක් උකසට සින්න වීය.ඉතිරිය ගම්මු බලෙන් අල්ලාගෙනය.වෙද හාමිනේ එදා රෑ කල්පනා කළේ කරන්නටඕන දේ ගැනය.ඈ රහසේම වෙද රාලහාමි අරින්නට තහංචි කළ,පෙට්ට්ගම ඇරියේය.එහි තුබූ කූප්පියක් ගෙන බැලීය."මෙය වස්ත්‍රයට ඉස්සොත් ,එය අඳින කෙනා පිටිපසට මඟ දෙපස සියලු සර්පයෝ පන්නති.සර්පයන් කෝප කරන පුසුඹුක් මෙහි ඇත.මහත් පාපයි!නොඉසිනු"වෙද හාමිනේ රාත්‍රි අඳුරේම පිට වූයේ ,හේනට කරදර කරන උන්ගේ ඉඩමේ ඇති රෙදි වැලකට මෙය ඉසින්නටය. පාරේදි ඈ අතින් කුප්පිය බිම වැටිණි.එය බිම වැටී,ඈට නොදැනීම ඇගේ සිරුරේ ටිකක් ගෑවුණි.වැඩේ ව්‍යර්ථ නොවු නිසා,ඈ යන්නට සැරසුණි.ඇයට දැනුණේ ,දැක්කේ විසල් කරවලකුගේ සපා කෑමකි.පහුවදා ඇගේ මළ සිරුර පාරේ තිවුණි.

Comments