Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper   Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 8, 2025 at 02:39 PM
මේක 2022 තමා හරියටම දැනගෙන දෙයක් කරේ ඒ යාලුවගෙ අම්මයි තාත්තයි අයියයි. මෙක සත්‍ය කතාවක් නම් වෙනස් කරලා දාන්නෙ ඌයි උගෙ පවුලෙ අයයි තාමත් මාත් එක්ක බුදු ෆිට් නිසා. මේක වෙන්නෙ සෑහෙන කාලෙක ඉදන් මගෙ යාලුවට. ඒ කිව්වෙ 2009 ඉදන් වගේ. යාලුවගෙ නම මම සනුක කියලා දාන්නම්. සනුකයි සනුකගෙ අම්මයි තාත්තයි අයියයි. පස්සෙ කතාවෙ අන්තිමට මමත් ඉන්නවා. කයිවාරු ඕන නෑ කෙලින්ම කතවට යන්නම්. සනුකගෙ තාත්තට නන්ගිලා 2 ඉන්නවා එක්කෙනෙක් මීගමුවෙ එයා බැදලා අනිත් එක්කෙනා ඌගෙ ගෙදර එයා බැදලා නෑ එතකොට අවුරුදු 28 හරි 30 හරි.එයාට තිබ්බ ප්‍රශ්න නිසා එයා ලිදට පැනලා මැරුන 2009. ඒ මැරුන නැන්දා සනුකට ගොඩක් ආදරෙයි. ඒම වෙන්න එපැයි තමන්ගෙ අයියගෙ ලමයනෙ. ඔහොම්ම කාලෙ ගෙවිලා යද්දි සනුකට පොඩි පොඩි සීන් ටිකක් වෙනවා. ඌ උගෙ අයිය එක්ක පහල ඇලට ගිහිල්ලා තියනව අඹ කඩන්න එහෙ තියන නිසා. මූ අබ ගෙඩියක් කකා ඇල අයිනෙ ඉදලා තියෙන්නෙ. එක පාරටම වතුර ඇදලා ගත්තා වගේ මූව ඇදිලා වතුරට. ඒක දැකලා උගෙ අයියා ඌව ගොඩට ඇරගෙන. ආය ටික කාලයක් යද්දි මූ පින් ලිදෙන් නානා ඉන්නකොට එක පාරට ලිදට වැටුනා. මුගෙ වෙලාවට ඉස්සර ගෙදර කොල්ලා එක්ක තමා නාලා තියෙන්නෙ මූ කෝමහරි ගොඩට ඇරගෙන. ඊට පස්සෙ යාලුවෙක් එක්ක යද්දි මූ ඇක්සිඩන්ට් වෙලා මුගෙ කකුල කැඩුනා. එන්න එන්න වැඩේ අවුල් නිසා නිකමට හදහන බලලා මුගෙ වෙලාවත් එක්ක එතකොට කියලා කොල්ලය සෑහෙන්න අපල කියලා.මූව පරිස්සන් කරන්න කියලා. ඔහොම කාලෙ ගෙවිලා යනකොට 2017 වගේ ඉදන් ගෙදර අමුතු අමුතු සීන් වෙන්න පටන් අරන්.සනුක නිදාගෙන ඉන්නකොට කකුලෙන් අදිනවලු. එයාගෙ අම්මගෙ කකුලෙන් අදිනවලු. අම්ම හීනෙන් බය වෙලා රෑට කෑගහනවලු ඕම ඕම සීන්. මෙයලා පොඩ්ඩක් ගුරුන්නාන්සේ කෙනෙක් හම්බෙලා පොඩ්ඩක් බලලා. ඌගෙ අයියා ඕව සත පහකට විශ්වාස කරන පොරක් නෙමේ. එහෙම බලනකොට කියලා ලස්සන ගෑනු කෙනෙක් ඉන්නවා ඔයාලගෙ වත්තෙ එහෙට මෙහෙට සැරු සරනවා ඔයාලට කරදරයක් නෑ හොදකට ඉන්නෙ. ඒ උනාට එයාව ශ්‍රී මහ බොදියට කියලා පින් අනුමෝදන් කරලා ප්‍රාර්ථනා කරන්න කියලා බාර කරන්න කියලා එයාගෙ ආත්මෙ. ඔහොම ඔහොම කියලා එයාලට ඒක මග ඇරිලා. ඊට පස්සෙ අවුරුද්දක් විතර වෙනකොට තව තව කරදර මූව එක්කො හැප්පෙනවා එක්කො මොක්හරි මගුලක් වෙනවා. අම්මව එක්කො ගේ ඇතුලෙ වැටෙනව නැත්තන් හීනෙන් කෑ ගහනවා තාත්තා හීනෙන් බය වෙනවා. ඔහොම යද්දි ඉස්සර ගෙදර අයටත් රෑට නිදාගන්න නෑලු කෙනෙක් ලගට එනවා වගෙ දැනෙනවා. අඩි සද්ද ඇහෙනවා කියලා. එයාලත් ගිහිල්ලා බැලුවම කියලා ඒ වත්තෙ තරුන ගෑනුකෙනෙක් ඉන්නවා කියලා. ඒක විශ්වාස නෑ නිසා. එයාලා වෙන තැන්කින් බලලා එතනත් කියලා තියෙන්නෙ ඒ දේමයි. ඒක ඇවිල්ලා සනුකගෙ අම්මට කියලා විස්තරේ. එකම වත්තෙ තමා සනුකගෙ ගෙවලුයි ඉස්සර ගෙදර අයගෙයි ගෙදර තියෙන්නෙ. ඔහොම තවත් ඉදලා එන්න් එන්න කරදර නිසා එක දවසක් නෑ සනුක නිදාගෙන ඉද්දි ලගට ඇවිල්ලා කකුලෙන් ඇදලා මූ කෑ ගහලා බයට. උගෙ අයිය ඌට බැනලා මූ බොරුවට කෑ ගහනවා කියලා. ආය ටික දවසකින් ඌගෙ අයියා පෝරියල් එක සෙට් වෙලා. නිදාගෙන ඉද්දි කවුද මන්දා ලගට ඇවිල්ලා කකුලෙන් ඇදලා නැගිටපන් කියලා. උගෙ අයියා කෑ ගහලා නැගිටලා. ඒ ගෙදර තියා එහා ගෙදර අයටවත් ඉන්න බැරි වෙලා එන්න එන්න කරදර නිසා. සනුකගෙ ගෙදර අය එයාගෙ අදුරන කෙනෙක්ගෙ අම්ම කෙනෙක් ලගට ගිහිල්ලා බලලා විස්තරෙ. එතකොට තමා හරියටම කියලා තියෙන්නෙ. සනුකගෙ තාත්තගෙ නන්ගි ඉන්නෙ කියලා. එයා ඉස්සර ලෙන්ගතුව ඉදලා පස්සෙ පස්සෙ සමගියෙන් ඉන්නකොට එයාට තරහයිලු එයාට ඒ වගේ නෑ නිසා. සනුකගෙ අම්ම තාත්ත නිතර රන්ඩු වෙලා එක එක දේවල් වෙලා තියෙන්නෙ ඒ නිසා. මෙයා යැවුවට වැඩක් නෑ. ගෙවල් අත ඇරලා ගියත් පස්සෙන්ම එනවා කියලා. මෙයාගෙ ආත්මෙ හිර කරන්න ඕන කියලා. ඒක ලොකු පවක්ලු ගෙවාගන්න බැරි. ඊට පස්සෙ තොවිලයක් කරන්න කියලා වැඩේ බාරගෙන ඒ මෑනියෝ. ඒක එයාට විතරක් කරන්න අමාරුයිලු 3 දෙනක් ඕනලු ඒ වැඩේට ඒ තරම් බලගතු ආත්මයක්ලු. ඔහොම ඔහොම යද්දි වැඩේ දිනයක් දාගෙන වැඩේට සෙට් උනා. මට සනුක කෝල් එකක් දීලා කිව්වා මෙන්න මෙහෙම දෙයක් තියනව උබ වරෙන් අපෙ අයියාගෙ යාලුවොත් ඉන්නව කියලා. වැඩෙ වෙන දවසෙ ඉදන් දිගටම මම හෙල්ප් කරා යහන් තටු පෙරේත තටු සේරම ලෑස්ති කරන්න. දැන් තමා හොදම ආතල් එක දවසකින් පස්සෙ රෑ තමා තොවිලේ තිබ්බෙ. වැඩි කවුරුත් නෑ ඒනත් එපා කිව්වා. සනුකගෙ ගෙදර අයයි ඉස්සර ගෙදර අයයි මමයි සනුකගෙ අයියගෙ යාලුවො 5 දෙනෙකුයි විතරයි. රෑ ඔන්න වැඩේ පටන් ගත්තා ගෙයින් එලියට සනුකටයි එයාගෙ අම්ම තාත්ත අයියට යන්න එපා කිව්වා මොනම හේතුවකටත් මොකද සීන් එක කිව්වොත් එයාලගෙ නැන්දා පවුලෙ කෙනෙක්ව ඇරන් යන්න ඉදලා තියෙන්නෙ. ඔහොම වැඩේ වෙන අතරේ අපිට ගුරුන්නාන්සේ කිව්වා මෑනියොන්ගෙන් අහලා තෙල් ටික දාලා වත්තෙ කොන් හතරෙ පහන් පත්තු කරන්න කියලා. මමයි උගෙ අයියගෙ යාලුවෙකුයි ගියා වෙලා පැත්තෙ පහන පත්තු කරන්න. අනිත් අය අනිත් පැත්තෙ.මමයි අරියි එතනට යද්දි සුදු පාට චායාවත් වගේ එකක් දැක්කා අපි ගනන් ගත්තෙ නෑ එත්නට ගිහිලා පහන පත්තු කරන්කොට එක පාරම සීතලක් වගේ ඇගට දැනුනා අරූටත් ඒක දැනිලා.
👍 1

Comments