Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper   Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
Story With 🖤DRAK STAR💖🩵(හොල්මන් කතා 💚කෙටි කතා 🩵 Wallpaper Song🖤නිසැදැස් ❣️MoTiVaTiOn 🧡 එකම තැනකින්)
February 9, 2025 at 11:56 PM
ජකතුමා කිව් දේවල් කේසර ත් ඒ,ළගින්ම ඉදන් අහගෙන හිටියෙ , මාත් කේසරත් සම්පූර්ණයෙන්ම නිහඩ වෙලා හිටියෙ , අපි දෙන්නට ම වැටහිලා තිබුනෙ පූජාව සාර්ථක නොවුණු බව.  ••••••••••••••••• පූජාවට පසු දිනයේ උදේම තාත්තා ගෙන ආව ආරංචිය සතුටු හිතෙන එකක්ද දුක හිතෙන එකක්ද කියල මටම තේරුම් ගන්න බැරි වුනා. "දූ.. ඔන්න අද උසාවි දවස, ලෝයර්ස්ලා එක්ක ඔක්කොම කෙරෙන්න ඕන දේවල් මන් ප්ලෑන් කරලා ඉවරයි , අද අනිවාර්යයෙන්ම  ඩග්ලස් වැරදිකාරයා වෙනවා, අදම දඩුවම් ලැබේවි, මන් හිතන්නෙ අවුරුදු 2කට වත් හිරේ යයි.. ඉතින් දූ අපිට පුලුවන් අපේ ගෙදර යන්න අනිද්දම.." අනිද්දා දවස කියන්නෙ ම්න්දිරයට අවුරුදු 300 සපිරෙන දවස, "හරි එහෙනම් මං යනවා, හවස් වෙන්න කලින් මං එන්නම්, දූ හෙට අරන් යන්න තියෙන දේවල් හෙමිහිට ලෑස්ති කරලා තියාගන්න." තාත්තා ගියාට පස්ස්එ මන් කල්පන කරේ ඇත්තටම මන්දිරයෙ ආත්ම නිදහස් වුනාද නැද්ද කියන කාරණය.. ඒ කාමරයට මන් ගියත් ඒකෙන් වෙනදා වගේ එයාල ඉන්නවා කියලා කිසිම ඉගියක් මට ලැබුනෙ නැ, මන් කලින් වගේ කතා කරලා බැලුවත් කිසිම දෙයක් මට දර්ශනය වුනෙ නැ, ඒත් මට මුලින්ම දැනුනා වගේ කවුරු හෝ ඉන්නවා කියන හුරුපුරුදු ගතිය නොඅඩුව දැනුනා. ඒකෙන් මට තේරුම් ගියේ ඒ ආත්ම තාමත් හිරවෙලා ඉන්නවා වෙන්න පුලුවන් කියන එක.  ආත්ම වලට නිදහස දෙන පූජාව අසාර්ථක වුනේ කලින් ලේ බන්ධනය කරපු සලකුණ නැති නිසා වෙන්න ඇති කියල මන් හිතුවා. "විශේෂිත මන්ත්‍ර වලට වඩා ලේ බන්ධනයයි බලවත් වෙන්නෙ, ඒකයි, ආත්ම නිදහස් නොවුනෙ..." මන් මටම කියාගත්තා. මට අම්මාව දැකපු හීනය මතක් වුනා. එයා කිව්ව දේවල් මං ආපහු කල්පනා කලා. " ඔයාගෙ පරණම ලේ නෑයොන්ට සැනසීම ක් උරුම කරලා දෙන්න වෙන්නෙ ඔයාට දරුවෝ... ඒ හැමෝම ඔයාගෙ දිහායි බලන් ඉන්නෙ...මේ දේවල් හොදට මතක තියාගන්න. අතීතය සම්පූර්ණයෙන් ම ආදර්ශයට ගන්න එපා. හරි දේ කල්පනා කරන්න , හේතුවලට අනුව විතරක් ක්‍රියා කරන්න.. නොපෙනෙන දේත් පැහැදිලිව ව පේන මට්ටමකට එනකන් ඒ දේ හොයන්න වෙහෙසෙන්න... අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි දරුවෝ " තවමත් ඒ කිව්ව දේවල් මට ප්‍රහේලිකාවක් විතරක් ම වුනා. •••••••••••••••• ඊලග දවස උදා වුනේ අපි හැමෝගෙම ඉරණම් තීරණය කරමින්.  උදේ ම තාත්තා ත් මමත් ලෑස්ති වුනේ මන්දිරයට සමු දෙන්න.. ඇදුම් බෑග් ඔක්කොම ත් ලෑස්ති කරගත් අපිට සමු දෙන්න කියල හිටියෙ කාන්ති විතරයි. උදේ ඉදන් මන් විල්ලුව දිහාවම බලාගෙන හිටියෙ කේසර ට සමු දෙන්න , ඒත් එයා පේන්න හිටියෙ නැ . "තාත්තා , පියානෝව අරන් යන්න එනව කිව්ව නේද.. තාම වාහනයක් ඇවිත් නැනෙ.." "ම්ම්.. ඒකනෙ දු, එදා සාගරී ගෙ අවසන් කටයුතු වලට උදව් කරපු අයටත් යන බව කියල ගියා නම් හරි කියලයි මට හිතෙන්නෙ.." "තාත්තා එහෙනම් ගිහින් එන්න.. තාම වාහනේ එන පාටකුත් නෑනෙ.." "විල්ලුවෙ කොනටම ගිහින් ආයෙ ගමට යන්නත් වෙයි, අපිට පරක්කු වෙයිද දන්නෙ නැනෙ දූ මන් ආයෙ එනකොට.. ඒත් ඉතින් මොක්ක් උනත් හිත හොද මිනිස්සු..." "ම්ම්.. කමක් නැ.. ඔයා ඉක්මනට ගිහින් එන්නකො තාත්තා" තාත්තා අදුරන කීපදෙනාට ස්තූති කරන්න ඕන නිසාම ගම පැත්තට ගියා.  අද මන්දිරය ඇතුලෙ වෙනදට වඩා අමුත්තක් තියෙනවා කියල මට උදේ ඉදන්ම තේරුම් ගිහිල්ලයි තිබුනෙ, මහා පුදුම නිහැඩියාවක් එක්ක හරිම නිශ්චල බවකුයි තිබුනෙ , වෙනදට දොර ජනෙල් ඇරියම එන හුලං ගතියවත් අද මන්දිරය ඇතුලෙ තිබුනෙ නෑ , මගේ හිත වුනත් හරිම දෙගිඩියාවකින් පිරිලා තිබුනෙ, ඕනවට වඩා සාමකාමී බව කියන්නෙ ලොකු අනතුරකට පෙර නිමිත්තක් කියලත් මං දැනන් හිටියා. මන් මන්දිරයෙ පිටිපස්සෙ පැත්තට ඇවිත් විල්ලුව පැත්තට වෙන්න තිබුන ගහක් යටින් වාඩිවුනා. විල්ලුවෙ පුරා පැතිරිලා තිබුන කැලෑ මල් සුවද මට ආපහු විද ගන්න වෙන්නෙ නෑ කියල හිතෙද්දි නම් මට ඇතිවුනේ දුකක්. ඈත පේන කන්ද තෙක්ම විහිදිලා තිබුන විල්ලුවෙ කොල පාට දර්ශනය වැන්නක් නගරයෙ කලබලකාරි පරිසරයෙදි දකින්න වෙන්නෙ නැ කියන එක ගැන මට හරිම හිස් හැගීමකුයි ඇති වුනෙ. ඈතින් කවුදෝ එනවා පෙනුනා.. ඔව් .. ඒ මන් උදේ ඉදන් ම බලාපොරොත්තු වුන රූපය. මට මෙහෙන් දාලා යන්න බැරු කමකට තිබුන අනිත් දේ; නැත්නම් අනිත් කෙනා වුනේ කේසර. "කේසර, මන් හිතුවෙ යන්න කලින් කතාකරන්න බැරි වෙයි කියලා." "කේසර ..." කේසර ගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනෙ නැ. අදත් එයාගෙ අනික් මානසිකත්වය එලියට ඇවිත්.  "කමක් නැ, යන්න කලින් ඔයාව දැක්කා කියලවත් හිත හදා ගන්නව.." මන් මටම එහෙම කියා ගත්තා. කේසර ගෙවත්තෙ ඉස්සරහ පැත්තට ගිහින් කිසි අරමුණක් නැතුව ඔහේ ඇවිදිමින් හිටියා.  ඒ එක්කම මන් දැක්කෙ ආයෙම තවත් කවුදෝ කෙනෙක් ඈත ගෙවත්තෙ කෙලවරක ඉදන් අපේ දිහාවට එන විදිය.  "දෙ..දෙයියනේ අර වයසක හොල්මන.." ඒත් .. ඒ කෙනා ළං වෙද්දි මට හොදටම තේරුම් ගියා මේ ඉන්නෙ ඇත්තම මනුස්සයෙක් බව, සොහොන් කොතක් මෙයා වෙනුවෙන් තියෙනව මං දැකලා තිබුනත් ජීවත් වෙන කෙනෙක්ගෙයි හොල්මනකගෙයි වෙනස මට අදුරගන්න බැරි කමක් නැ. කලින් දවස් වලට වඩා අද,මන් පැහැදිලි ව ඒ මනුස්සයව දැක්කා.  "උබට මෙහෙන් යන්න දෙන්නෙ නැ , මෙහෙ වරෙන්" මගෙ ළගටම දුවගෙන ආව ඒ මනුස්සයා පිහියක් අමෝරාගෙන මගේ බෙල්ලෙන් තියලා මාව මන්දිරය දිහාට ඇදගෙන යන්න වුනේ මාව භීතියෙන් අලලමින්. උදව් ඉල්ලලා කෑගැහුවත් මනස අවුල් වෙලා හිටි කේසර ඇරෙන්න වෙන කවුරු වත් ඒ ළගක හිටියෙ නැ.  මාව මන්දිරය ඇතුලට ම ඇදගෙන ආපු ඒ මනුස්සය මාව ගෙනත් අතඇරියේ සලකුණ තබන්න හදලා තිබුන වේදිකාව ලගදි.  "මහ ගෑ//නිව ඉවරයක් කලාට හරිගියෙ නැ, දැන් ඉතින් උබවත් මේක ඉවරයක් කරල දාපන්.." ඒ කියපු දේ මට තේරුනේ නැ,  "මො..මොකක්ද කියන්නෙ, ඇයි මෙහෙම කරන්නෙ" "හහ්.. මන් අවුරුදු කීයක් තිස්සෙ ද, මේකක් නිසා වධ විදින්නෙ, කෙල්ලේ අදවත් අපි මේක ඉවරයක් කරමු...". "කියන දෙයක් තේරෙන්න කියනවා... මොකක්ද තමුන් කරන්න හදන්නෙ , දැන් තාත්තා එනව ඇති, තමුන්ට මැරෙන්නයි වෙන්නෙ තාත්තා ආවොත්..." "කෙල්ලෙ අද මැරෙන්න උබ.. නැතුව මන් නෙවෙයි .. උබේ අම්මව මැරුවෙත් මන් .. ඒත් මට පේන විදිහට එයාට මේ මන්දිරය ට ලේ නෑකමක් නැ, ඒකයි මෙතනට ලේ ගෙනත් දැම්මත් මට රත්තරන් තරුව නිදහස් කරගන්න බැරි වුනේ.. ඒත් කෙල්ලේ මන් දැනන් හිටි විදියට මේක ඔහෙගෙ අම්මට නේද අයිතිය තිබුනෙ..." "මොනවද මනුස්සයො, එතකොට ඔහෙයි සාගරිකා අම්මව මැරුවෙ, එහෙම නේද? ඒත් ත//මුසෙට වැරදුනා, අයිතිය තිබුනෙ මගෙ ඇත්තම අම්මට, එයා නැතිවෙලා ගොඩක් කල් දැන් , මන් තමුන්ව පොලිසියට අල්ලලා දෙනවා, තරුව කිව්වෙ මෙතැන තැන්පත් කරල තිබුන සළකුණ නේද... ඔහේ ද ඒක හොරකම් කලේ මනුස්සයො, ආ..? " බිම වැටීගෙන ම කෑගැහුවෙ මට දැනුන කේන්තියට "අනිවාර්යයෙන්ම ඔය ළමයාට ලේ නෑකමක් ඇති. මට අදම රත්තරන් ටික අරගෙන මෙහෙන් යන්න පුලුවන් .. හහ්. හහ්හ්.. හා.. මෙහෙ එනවා.." මගේ කොණ්ඩෙන් ඇදලා අරගෙන මාව වේදිකාව අසලටම තල්ලු කරලා අතේ තිබුන පිහියෙ තලය ඇගිලි 2කින් පිරිමැද්දෙ අමුතුවට හිනා වෙමින්. මේ වෙලාවෙ බය නොවී මොලය කල්පනාවෙන් වැඩ කරන්න ඕන කියල මට තේරුනා. ඒ ළගම තියලා තිබුන පරණ මල් බදුනක් මගේ ඇසට හසුවුනා. ප්‍රමාද නොවි මන් බිම දිගේ ඇදිලා ගිහින් හිතාගන්නවත් ඉඩක් නොදී ඒ මනුස්සය ගෙ ඇගට දමලා ගැහුවා.  "ආහ්හ්... උබහ්හ් ...." එක අතකින් උරහිස අල්ලා ගත්ත එයා වේදනාවෙන් ඇඹරෙන්නට වුනා.  ඒ එක්කම එක්වරම මන්දිරය භූමිකාවකට අහුවුන වගේ දෙදරලා ගියා. ජනෙල් වීදුරු කට කට ගාලා සෙලවෙන්නත්,ලීවලින් හදලා තිබුන ජනෙල් දොරවල් එකින් එක ඇරෙන්න ත් ශබ්ද නගමින් වැහෙන්නත් පටන් ගත්තා. මේස පුටු සෙලවෙන්නත් දූවිලි ඇවිස්සෙන්නත් ගත්තා. එකපාරම සිද්ධ වුන දෙයින් ඒ වයසක මනුස්සයාත් තිගැස්සිලා ගියා. ඒ එක්කම ඇහුන හඩට මාත් ඒ වයසක මනුස්සය ත් දෙන්නම හැරිලා බැලුවා. අපිට ප්ටිපස්සෙන් හිටගෙන හිටියෙ කේසර.  "තාත්තෙ.. ඇයි මේ දේවල් කලේ.. ඇයි?" කේසර කටහඩේ වෙව්ලන ස්වභාවයක් තිබුනෙ.එයා ආයෙම පියවි සිහියට ඇවිත්. "පුතේ මගෙ පුතේ .. මේ අහපන්, මේ කෙල්ලව මරලා දාල අපිට පුලුවන් තරුව අරන් පැනල යන්න.. මේ මන්දිරය සීමාවෙන් තරුව ගෙනියන්න බැ ලේ නෑකම් තියෙන අයිතිකාරයෙක්ගෙන්ම ආපහු බන්ධනේ බිදින්නෙ නැතුව .. මේ යක්ශ කෙල්ලව අල්ලගනින්.." ඒ එක්කම මන්දිරයෙ තත්ත්වය වඩ වඩාත් දරුණු තත්ත්වයක් පෙන්නුම් කලා, මන්දිරයෙ සාලයෙ මෑතකදී සවිකරලා තිබුන චායාරූප ත් මහ හඩින් බිම වැටිලා බිදී ගියා. වීදුරු කුඩු වෙන සද්දෙ වගේම බඩු පෙරළෙන හඩ උඩුමහලෙන් ඇහෙන්න ගත්තා. කේසර දුවගෙන ඇවිත් තමන්ගෙ වයසක තාත්තා ව සෙලවෙන්නට වත් නොහැකි විදිහට ඉන්න අත් දෙකෙන්ම හයියෙන් අල්ල ගත්තා ,  "තාත්තේ.. මේ හැම දේම විනාස වේවි, මොනතරම් පිරිසිදු ආත්ම වුනත් හිරවෙලා ඉදලා එලියට ආවොත් මේ මුලු ගමක්ම විනාස වෙන්න ඉඩ තියෙනව ,මේ ආත්ම නිදහස් කරන්න නම් අපිට අර සලකුණ ඕන.. තාත්තෙ ඒක කෝ?? කොහෙද කියන්න ඒක තියෙන්නෙ ??" "නෑ නෑහ් ඒක මගේ මන් කියන්නෙ නෑ.. ඒක හැංගිලා ම තිබුන දෙන්.. අද මේ ආත්ම නිදහස් වෙනව නම් ඊට පස්සෙ මන් ඒක ගොඩට ගන්නවා, මෙච්චර කල් මැරිච්ච මිනිහෙක් වගෙ රගපාලා හැංගිලා හිටියෙ නිකන් නෙවෙයි, අනික තමන් වෙනුවෙන් තමන්ම සොහොන පවා හදාගත්ත දවස ගානක තමන්ගෙ සොහොන දැකපු එකම මිනිහත් මං වෙන්නැති, මට ඉතුරු කාලෙ සැපෙන් ඉන්නයි තියෙන්නෙ... හහ්...!" "තාත්තේ... ආත්ම එලියට ආවොත් අපි හැමෝටම මැරෙන්නයි වෙන්නෙ.." කේසර ත් තාත්තා ත් කෑගහගන්න අතරෙදි මට හිතේ රැදුනෙ ඒ කියපු එක දෙයක්.. ඒක ගොඩට ගන්නව කියලයි එයා කිව්වෙ.. ඔව්.. මන් මුලින්ම මෙහෙ ආව දවසෙ කහ රෝස පැල වගයක් හිටවමින් මේ මනුස්සයා එදා කිව් දේ මට මතක් වුනා.. "හෝව්,, හෝව් ,, ඇස් පොට්ටද? මගේ අලුත් රෝස පැල පාත්තිය. අහකට වෙනව ලමයෝ, " " මේ රෝස පැල මගෙ අතින් ම සාත්තු කරලා හදපුවා, කහ රෝස හැමතැනම නෑ, මගේ රෝස පැල , මේ මන්දිරයෙ ලස්සන තියෙන්නෙ මෙතැන,.." "කේසර , මන් දන්නවා ඒක තියෙන තැන.." කේසර ත් බලාගෙන ඉද්දි මන් ගියේ ගෙවත්තට. එදා දැකපු කහපාට මල් පිපිලා තිබුන රෝස පැල ලගට මන් ගියා. හිතුවා වගේම ළගදිත් එතැන හාරලා දමපු අලුත් පස් පේන්න තිබුනා. මේ වෙලාවෙ බිම හාරන්න ආයුධ මොනවත් හොයන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.. මන් අත් දෙකෙන්ම පහුරු ගාමින් පස් අහුරු පිටින් අයින් කරමින් තරු සළකුණ හෙව්වා. අවසානෙදි මට අතට අහු වුනේ පොලිතින් කවරයක්. ඒක කලබලෙන් ඇරපු මට හිනාවක් ගියේ මෙච්චර දවසක් හොයපු තරු සලකුණ ඇස් ඉදිරියේ පේන්න තිබුන නිසා. කොන්ඩෙ අවුල් වීගෙන ඇග පුරා පස් වැකුන හිනාවෙවී දුවන මාව පිස්සියකට සම වෙන්න ඇති. මගෙ හිතේ වැඩ කලේම වෙන්න යන විනාසෙන් හැමෝම ව බේර ගන්න වගේම හිරවෙලා ඉන්න ආත්ම නිදහස් කරන එක ගැන. මන්දිරය ඇතුලට දුවපු මට වේදිකාවට ළං වෙද්දිම කේසර ගෙ තාත්තා කේසරගෙ ග්‍රහණයෙන් මිදිලා මගේ ඇගට පැනලා ඒ රත්තරන් තරු සලකුන උදුරා ගත්තා. ආයෙම වැටුන තැනින් නැගිටපු මම ඒක ආයෙම උදුර ගන්න ගියේ කේසර ආයෙම තාත්තා එක්ක පොරබදද්දි. ඒ දැගලිල්ල අස්සෙ කේසර ගෙ තාත්තා ගෙ අතේ තිබුන තරු සලකුණ ආයෙ මගෙ අතට ගන්න පුලුවන් වුනත් එයාගෙ අනිත් අතේ මෙතරම් වෙලා රැදී තිබුන මුවහත් පිහියට මගේ වම් අතේ ඇගිලි තුනක් කැපිලා වෙන්වෙලා ලේ එක්ක විසිවෙලා ගියේ මට මරහඩින් කෑගැහෙද්දි. පියවි සිහිය නැතිවෙන්නට අරාදින මොහොතක යන්තම් වේදිකාවෙ සමීපයට ගියපු මන් තරු සළකුණ හිදැස මතින් තියලා ආයෙම ඒක ඉවත් කලේ ආත්ම නිදහස් වේවා කියන ප්‍රාර්ථනය හිතේ තියාගෙන. අන්තිම ටම මගේ ඇස්වල රැදුනේ මට ඉහලින් කලින් දැකපු ආත්ම වල චායාවන් රැදී ඉන්න ආකාරය. --මාස 5කට පසු-- අගනුවර ප්‍රධාන පෙළේ රගහලක පැවැත්වුනේ ලෝක ප්‍රසිද්ධ පියානෝ වාදන තරගාවලියක්. නිවේදිකාවක් මයික්‍රපෝනයෙන් යම් කිසිවක් කියමින් හිටියා. "අද මේ සැන්දෑවේ තරගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගත් ශ්‍රීලාංකික ජයග්‍රාහිකාවට ඇගේ වාදනයක් ඉදිරිපත් කර්න්නටයි මේ අවස්ථාව." "මන් කැමතියි මගේ පරම්පරාවෙන් ම පැවතගෙන එන මගේම පියානෝවෙන් මේ වාදනය ඉදිරිපත් කරන්න." ඇගේ ඉල්ලීම ඉටු කරමින් ඉතා පැරැණි මාදිලියේ පියානෝවක් වේදිකාවට ගෙන එනු ලැබුවා. කැමරාව වාදන ශිල්පිනියගේ දෑතට එල්ල වුනා. පුලුල් තිරයෙන් ප්‍රේක්ශක හැමෝටම පේන්න තිබුනේ ඇයට වාදනයට වම් අතෙහි ඇගිලි 5ක් නොව 2ක් පමණක් තිබූ බව. එහෙත් අතිදක්ශ ලෙස වාදනය සිදු කල ඇය අසාසිටින්නවුන්ව මවිතයට පත්කලා. "මාධවී , ඔයා ඒක ලස්සනටම කලා..." "ඔව් මගෙ දූ.. ඔයා හරිම දක්ෂයි.." ඔව් , ඒ පියානෝ ශිල්පිනිය වුනේ වෙන කවුරුත් නෙවෙයි මාධවී වුන මම. එදා ස්ද්ද වුන දේ ගැන දැන ගන්න ඔයාලට ලොකු කුතුහලයක් ඇති. මගේ අත් දිහා බලපු හැම වෙලාවකම මට මතක් වෙන්නෙ එදා මීට මාස 5කට කලින් දවසක සිද්ධ වුන දෙ ගැන. එදායින් පස්සෙ හැම දේම හොද විදියට විසදුනා. මන් එදා හරිම වෙලාවෙ සළකුණ තැන්පත් කරලා ඉවත් කල නිසා ආත්ම ඔක්කොටම සැනසීම උදා වුනා. ඒත් ඒකට හේතු වෙලා තිබුනෙ ඇගිලි වෙන් වුන වෙලාවෙ ගලපු ලේ එවෙලෙ වේදිකාව මත හැලුනු නිසා සලකුණේ බන්ධනය බිදුනු එක. ඊට ටික වෙලාවකට පස්සෙ තාත්තා ඇවිත් මාව රෝහල් ගත කරලා තිබුනා. පස්සෙ දැනගනිපු විදියට එදා ආත්ම නිදහස් වෙලා මන්දිරයෙ න් පිට වුන විදිය කේසර වගේම මගේ තාත්තා ත් දැකලා තිබුනා. අවුරුදු 300කට පස්සෙ හරි එයාලට සැනසීම ලැබීම ගැන මටත් තිබුනෙ සැනසීමක්. එදා කේසර ගෙ තාත්තාව පොලිසියට අරගෙන ගිහින් තිබුනා. ඒත් සිහිවිකල්ලෙන් වගේ හැසිරුන නිසා එයාව ආයෙම සතියකට විතර පස්සෙ එයාව රෝහල් ගත කරන්න සිද්ධ වුනා. සිහි විකල්ලෙන්ම මාස 2ක් විතර රෝහලේ ඉදපු එයා මිය ගියේ ස්වභාදහමෙන් ම ලැබුන දඩුවමක් විදිහට. කේසර මගේ හොදම යාලුවා වගේම මගේ තාත්තා එයාව පුතෙක් වගේම බලාගත්තා. එයා අපි එක්කම අපෙ ගෙදර නැවතුනා. හාස්කමකින් වගේ.මන්දිරයෙ සිද්ධියෙන් පස්සෙ මට පියානො වාදනය නිරායාසයෙන් ම පුරුදු වුනේ මගෙ අනික් යහලුවන්ව පවා පුදුම කරමින්. මගේම මුතුන් මිත්තන්ගෙ ආත්ම වල ආශිර්වාදය මට ලැබෙන්න ඇති කියලයි මන් විස්වාස කරන්නෙ. ඒවගේම කේසර ට මානසික ව තිබුන රෝගී තත්ත්වයත් එදායින් පස්සෙ සුව වෙලා තිබුනා. අනිවාර්යයෙන්ම ඒ අය කේසර ටත් ආශිර්වාද කරන්න ඇති. ලක්ෂ ගානක් වටින තරු සළකුණ ආයෙම ලේ වලින් බන්ධනය බිදුනු නිසා ඒක අපි ගමේ පන්සලේ ඉදිකරමින් තිබුන වෙහෙර වහන්සේට ධාතු වශයෙන් නිදන් කරන්න පූජා කලා. "අහ්.. නෑ තාත්තා .. කියන්න.." "දූ අද කේසර ගෙ තාත්තා වෙනුවෙන් දානයක් දෙනවා, අපේ මන්දිරයෙ ම" මන් වගෙම කේසර ත් පුදුම වුනෙ ඒ ගැන දැනන් හිටියෙ නැති නිසා. "ඔව් ඔයාල දෙන්නව පුදුම කරන්න ඕන නිසයි නොකියා හිටියෙ..අද අපි එහෙ තමයි මේ යන්නෙ" "ඔන්න දූ , පුතා අපි සතියක්ම එහෙ ඉන්නවා.." මාස 5කට පස්සෙයි ආයෙම මම මන්දිරයට යන්නෙ. පැය කීපයක ගමනකින් පස්සෙ මන්දිරයට ලගා වෙන්න පුලුවන් වුනා.  කලින් පාර වගේම විල්ලුවට මායිම් වෙලා තියෙන දුඹුරු පාට මන්දිරය ඉස්සරහට වෙලා ඒ දිහා බලාගෙන හිටියෙ ඒ පේන ලස්සන දර්ශනයට යටින් මොන විදියේ අද්භූත දෙයක් මේ පාරත් අත්විදින්න වෙයිද කියල නොහිතමින්...

Comments