Stock Market Watch (Guidelines)
Stock Market Watch (Guidelines)
February 17, 2025 at 01:32 PM
🌱 මේ Group එකේ ඇති අපේ Tutorial හෝ කුමක් හෝ ක්‍රමයකින් බලලා මෑතකදී CDS හදලා කොටස්වල ආයෝජනය කරපු අය. ඉතින් සමහර අය කොටස් මිලදීගත්ත සමාගම් වල ලාභාංශ අදායම් දැනටමත් බෑන්ක් එකවුන්ට් එකට වැටිලා ඇති 💸. සමහර සමාගම් වල ලාභාංශ ඉදිරියේදී ඔයාට ලැබේවි 🕒. ඔයා ආයෝජනය කරලා තියෙන්නෙ ලාභාංශ ගෙවන්නේ නැති සමාගමකනම් ඔයාට ඒවා ලැබෙන්නේ නෑ 😔. කොහොම උනත් ඔයා දැනගන්න ඔනෑ, ලාභාංශ ගෙවීමේදී සමගම් ගෙවන ලාභාංශ එකිනෙකට වෙනස් 💰. ඒවගේම සෑම වසරකම ලාභාංශ එකම මුදල දෙන්නේනෑ 📅. සමාගමකට ලාභාංශ ගෙවන්නේ අනිවාර්‍යාත් නැහැ 🚫. සමාගම ලබන ලාභය අනුව එයාල තීරණය කරනවා ලාභාංශ දෙනවද නැතිද කීයක් දෙනවද කියන කාරණය 🤔. ඒවගේම ලාභාංශයක් ගෙවන්නේ කොටසකට 💵. ඒ කියන්නේ ඔයා ලග සමාගමේ කොටස් 1000 තියෙනවා නම්, සමගම කොටසකට රුපියල බැගින් ගෙවනවනම් ඔයාට ලාභාංශ විදියට රුපියල් 1000 ලැබෙනවා 🎉. ඉතින් කොටස් වෙළදපොලේ බුද්ධිමත් ආයෝජකයෝනම් ලාභාංශ මුදලක් ලැබුනම කරන්නේ ඒ මුදල් වලින් ඒ සමාගමේම තවත් කොටස් ගන්න එක 🔄📈.

Comments